නිරෝගී දිවියකට මඟ පාදන Huawei තාක්ෂණික උපාංග පෙළ

ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාංග සහ සේවා සපයන්නෙකු වන Huawei විසින්, සිය පාරිභෝගිකයින්ට නිරෝගී සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන තාක්ෂණික උපාංග කිහිපයක් මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී හඳුන්වා දෙනු ලැබීය. මෙම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei Watch GT 2, Huawei Smart Scale, Band 4 සහ 4e ඇතුළත් වේ.  සිත් ඇද ගන්නා සුළු නිමාවකින් වෙළද පොළට පැමිණෙන මෙම උපාංග හරහා කිසිඳු බාධාවකින් තොරව විනෝදාස්වාදය සමගින් විශිෂ්ඨ ඩිජිටල් අත්දැකීමක් හිමි කර ගැනීමේ අවස්ථාව පරිශීලකයාට හිමි වේ. 

Huawei Watch GT2 එහි ඇති සුවිශේෂී විශේෂාංග රැසක් නිසා දැඩි පාරිභෝගික ආකර්ෂණයකට ලක්ව තිබෙනවා.  මිලිමීටර් 46 ක ප්‍රමාණයේ ඔරලෝසුව අඟල් 1.39 ක AMOLED තිරයකින්  සහ පික්සල් 454 x 454 ක resolution සහ nits 1000 ක දීප්තියකින් ද යුක්ත වේ.  Watch GT2,  Kirin A1 පරිපථයක් මඟින් බල ගන්වා ඇති අතර වැඩි වෙලාවක්  භාවිත කල හැකි ආකාරයේ intelligent power-saving තාක්ෂණයෙන් ද යුක්තය. 2GB RAM සහ 4GB මතක ධාරිතාවයක් හිමි Watch GT2 හි ගීත 500කට වැඩි ප්‍රමාණයක් රඳවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. Watch GT2 හි අසම සම විශේෂාංග අතරින්  බ්ලූටූත් ඇමතුම් පහසුකම සුවිශේෂී වනුයේ පරිශීලකයා ක්‍රීඩා හෝ වෙනත් ඕනෑම කටයුත්තක නිරතව සිටින අවස්ථාවකදී ඇමතුම් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ සහ ලැබෙන ඇමතුම් වලට ඉතා පැහැදිළිව පිළිතුරු සැපයීමේ හැකියාව හේතුවෙනි.  ත්‍රිමාණ වක්‍ර (3D curved), bezel-less මුහුණත උපාංගයේ ආකර්ෂණීය පෙනුම වැඩි කර ඇති අතර Watch GT2හි TrusenTM 3.5 හරහා ඉතා ඉහල නිරවද්‍යතාවයකින් යුතුව හෘද ස්පන්දන වේගය නිරීක්ෂණය කර ගැනීමේ අවස්ථාව පරිශීලකයාට හිමි වනවා. 

නවතම Huawei Band 4 අලංකාර නිමාවකින් සහ සිත් ඇඳ ගන්නා සුළු වර්ණයන්ගෙන් වෙළද පොළ තුල දක්නට ලැබෙන අතර එය සෞඛ්‍ය  සම්පන්න ජිවිතයක් ගත කිරීමේ අරමුණින් යුතුව ක්‍රියා කරන සියලු දෙනා වෙනුවෙන්ම නිපදවා ඇති බව කිව හැකිය. Sports සහ Workout Models 9ක් සමඟින් එන Band 4හි 2.5D ස්පර්ශක තිරය ඉතා සුමට අත්දැකීමක් පරිශීලකයාට හිමි කර දෙන අතර එහි USB Charging පද්ධතිය හේතුවෙන් ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් මෙම උපාංගය චාර්ජ් කර ගැනීමේ හැකියාව හිමි වනවා. තවද Huawei Band 4 එක් වරක් චාර්ජ් කර ගැනීම තුලින් දින 6කට වැඩි කාලසීමාවක් පරිශීලනය කිරීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වන අතර මෙම උපාංගය මීටර් 50 ක් දක්වා ජල ප්‍රතිරෝධයක් සහිතව නිපදවා තිබීම විශේෂයි. 

Huawei Band 4e සුවිශේෂී light weight SMART බෑන්ඩ් මාදිලියක් වන අතර Basketball ක්‍රීඩා කරන්නන් සඳහාම විශේෂ වූ Workout Module සහ ක්‍රීඩා කාර්ය සාධනයන් නිවැරදිව විශ්ලේෂණය කර ගැනීමේ හැකියාවෙන් යුක්ත වේ. Wrist wearing mode සහ Sneaker wearing mode යන පැළඳීමේ ක්‍රම ද්විත්වයක් සමඟින් පැමිණේන Huawei Band 4e හි දිගු කාලීන බැටරි ධාරිතාවය සහ Professional Running Guidance විශේෂාංග සුවිශේෂී වේ. මෙම මාදිලිය සඳහාම අවේණික වූ වර්ණ රැසකින්  වෙළද පොළට පැමිණෙන Huawei Band 4e ද මීටර් 50 ක් දක්වා ජල ප්‍රතිරෝධයක් සහිතව නිපදවා තිබෙනවා. 

Huawei සමාගමේ තවත් විශිෂ්ඨ නිෂ්පාදනයක් වන Huawei Smart Scale තුළින් Bioelectrical Impedance Analysis (BIA) තාක්ෂණය හරහා නිවැරදිව ශරීර සංයුතීන් මිනුම් කර ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කර දෙ. ශරීරයේ ස්කන්ධය,Body Fat%, BMI සහ ප්‍රෝටීන මට්ටම, Visceral fat, Muscle mass, ශරීරයේ ජල මට්ටම, Bone mass සහ BMR ඇතුළු ශරීර දර්ශක 09ක් Huawei Smart Scale තුලට අන්තර්ගත කර ඇති අතර මේ හරහා පරිශීලකයාට ශරීරයේ ස්කන්ධය සහ මේද තත්ත්වයන් ඇතුළුව පරිපූර්ණ සෞඛ්‍ය වාර්තාවක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. Tempered glass පැනලයකින් නිපදවා ඇති Huawei Smart Scale භාවිතයට සහ පිරිසිදු කිරීමට පහසු ආකෘතියකින් නිපදවා ඇති අතර කිලෝ ග්‍රෑම් 1.85 ක සැහැල්ලු බරකින් යුක්ත වේ. 

මෙම සියලු ස්මාර්ට් තාක්ෂණික උපාංගයන් පරිශීලකයාට විනෝදය සමගින් සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන අතර ඒවායේ දිගු කාලීන බැටරි ධාරිතාවයන් හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව ඕනෑම තැනක දිගු කාලසීමාවක් භාවිත කිරීමේ හැකියාව හිමි කර දේ. විශිෂ්ඨ නිමාව සහ සුවිශේෂී විශේෂාංග රැසකින් පැමිණෙන මෙම උපාංගයන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබෙන බව පිළිඹිබු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *