Hikvision අනුබද්ධිත IT Gallery, ‘Hikvision Partner Summit 2022’ සාර්ථකව අවසන් කරයි

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය, වසර දෙකකට පසු පවත්වන ලද “Hikvision Partner Summit 2022” සමුළුව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. 2020 සහ 2021 වර්ෂයන් සඳහා දීප ව්‍යාප්ත හවුල්කරුවන්ගේ කාර්ය සාධනය හඳුනා ගැනීමේ අරමුණින්, Hikvision හි හවුල්කරුවන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

මෙම අවස්ථාව  පිළිබඳව අදහස් දක්වමින් IT Gallery හි අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී  ඩිලන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය. “Hikvision ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා ඉමහත් කීර්තියක් ගොඩනගා ගෙන ඇත. මෙම වසරේ ආරක්‍ෂක වෙළෙඳපොළ තුළ වූ නව ප්‍රවණතායන් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව, අපගේ හවුල්කරුවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙහිදී  කර්මාන්තය තුළ හුදු ආරක්‍ෂාව සහතික කිරීමෙන් ඔබ්බට වූ පුළුල් පරාසයක ආරක්ෂක ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ තුලින් ප්‍රජාවන්ට, සමාගම්වලට සහ සමාජයට වැඩිදියුණු කරන ලද සේවාවන්ට පිවිසීම සහ තිරසාරභාවය ගෙන දෙන ආකාරය පිළිබඳවද පැහැදිලි කෙරිණි”

ආරක්ෂක ක්‍ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය කෘතිම බුද්ධිය (AI) පිළිබඳව සමුළුවේදී විශේෂ අවධානයක් යොමු විය. බොහෝ පාරිභෝගිකයින් AI හි වටිනාකම හඳුනාගෙන ඇති අතර ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීම  (ANPR), ස්වයංක්‍රීය සංඥා පද්ධති (automated event alerts) සහ ව්‍යාජ අනතුරු ඇඟවීම් අඩු කිරීම (false alarm reduction) වැනි විවිධ අවස්ථා වලදී AI යෙදුම් භාවිත කරන බව තහවුරු වී ඇත. ආරක්ෂක කර්මාන්තය, AIoT ලෝකයේ වැදගත් අංගයක් බවට පත්වෙමින් එහි දෘශ්‍ය හැකියාවන් වැඩි දියුණු කරන අතර බලශක්තිය, සැපයුම්, නිෂ්පාදන, සිල්ලර වෙළඳාම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි විවිධ කර්මාන්තද ඩිජිටල්කරණය කරමින් ව්‍යාප්ත කරනු ඇත.

දැනුම හුවමාරු කර ගැනීමට අමතරව, දිවයින පුරා සිටින IT Gallery හි හවුල්කරුවන් හඳුනාගැනීමේ සහ 2020 සහ 2021 වසරවල ඔවුන් අත්පත් කරගත් ජයග්‍රහණ ඇගයීමේ වේදිකාවක් ලෙස ද මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

පද්ධති සීමාවන් නිසා තොරතුරු බෙදාගත නොහැකි (data silos) ව්‍යාපාර සඳහා, තොරතුරු ගබඩා කිරීම, ජාලකරණය සහ කළමනාකරණ මෘදුකාංග වැනි සියලු සේවාවන් ඇතුළත් පද්ධති (Converged systems) කදිම විසදුමකි. පුද්ගලික ව්‍යවසායන්හි සහ රාජ්‍ය සේවා අංශවල පුද්ගලයින් බාධාකාරී “data silos” වලින් මිදීමට එකසේ උනන්දු වෙති. මෙම විවිධ තොරතුරු පද්ධති එම සිලෝස් බිඳ දැමීමට ඵලදායී ප්‍රවේශයක් බව සනාථ වී ඇත.

Cloud මත පදනම් වූ විසඳුම් සහ සේවාවන් කුඩා ව්‍යාපාරවල සිට ව්‍යවසාය මට්ටම් දක්වා අවශ්‍යව පවතින යුගයක, Cloud මත පදනම් වූ ආරක්ෂක විසඳුම් සහ සේවාවන් සඳහාද ව්‍යාපාර වැඩි වශෙයෙන් නැඹුරුවක් දක්වයි. Cloud පහසුකම මඟින් දේශීය server එකක් හෝ software එකක් සඳහා වූ අවශ්‍යතාවය අවම කරන අතර පරිශීලකයින්ට මොබයිල් ඇප් එකක් භාවිතයෙන් ක්ෂණිකව ඔවුන්ගේ වත්කම් සහ ව්‍යාපාරවල වර්තමාන තත්වය පරීක්ෂා කිරීම, ආරක්‍ෂක සිදුවීම් සහ අනතුරු ඇඟවීම් ඉක්මනින් ලබා ගැනීම සහ හදිසි ප්‍රතිචාර ලබාගැනීම වැනි සේවාවන් රැසක් ලබාගත හැක. Cloud මඟින් දුරස්ථව සිට මෙහෙයුම් කටයුතු කිරීමේ හැකියාව නිසා, ආරක්ෂක සේවා සපයන්නන් හට තම සේවාදායකයින්ගේ උපකරණ සකස් කිරීම, දෝෂ නිවැරදි කිරීම, ආරක්ෂක පද්ධති නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සහ වඩා හොඳ සේවාවන් ලබා දීමට අවස්ථාව උදාවී ඇත.

දවසේ පැය 24 පුරාවටම ඕනෑම කාලගුණික තත්වයක් යටතේ, වීඩියෝ ආරක්ෂණ කැමරාවලට, රූපයේ පැහැදිලි බව පවත්වා ගැනීම සහ විස්තර ග්‍රහණය කර ගැනීම අතිශයින් වැදගත් වේ. දැඩි කාලගුණික තත්වයන් තුළ වුවද, ISP තාක්ෂණය, ඉහළ කාර්යසාධනයක් සහිත රූප සංවේදක සහ AI ඇල්ගොරිතම භාවිත කිරීම මඟින් කැමරාවන්ට සුපැහැදිලි වීඩියෝ ආරක්ෂණ රූප සහ විස්තර ලබාගැනීමේ හැකියාව පවතී. තවද නව කැමරාවලට බහු කාච ඇතුළත් කිරීමේ ප්‍රවණතාවය සහ ගුවන් තොටුපළ, වරායන්, ගමනාගමන ස්ථාන, වාහන නැවැත්වීමේ ස්ථාන, ක්‍රීඩාංගණ සහ චතුරශ්‍ර යන ස්ථාන සඳහා එමඟින් අත්වන ප්‍රතිලාභ පිළබඳ වැදගත් කරුණු රැසක් මෙම සමුළුවේදී සාකච්ඡා කෙරිණි. ප්‍රවේශ පාලන වෙළඳපොළ, ඇඟිලි සලකුණු සහ අත්ල සලකුණු හඳුනාගැනීමේ සිට මුහුණ සහ අයිරිස් හඳුනාගැනීම දක්වා වූ ජෛවමිතික සත්‍යාපනය (biometric authentication) ක්‍රමයන්ට අනුගත වී ඇති අතර එමඟින් ඉහළ ආරක්ෂාවක් ලබාගැනීමට සමත්වී ඇත.

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ වූ සාකච්ඡාවේදී Zero Trust ප්‍රවේශය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු වූ අතර එය සංවිධානයක ජාල නිර්මාණ ශිල්පයෙන් විශ්වාසය යන සංකල්පය ඉවත් කිරීම මඟින් දත්ත කඩකිරීම් වැළැක්වීම සඳහා සකස් කරන ලද උපායමාර්ගික මුලපිරීමකි. Zero Trust හි පදනම් “කිසිවිටක විශ්වාස නොකරන්න, සැමවිටම සත්‍යාපනය කරන්න” යන්නයි.

හරිත සංකල්පය පෙරදැරි කරගනිමින්, ආරක්ෂක කර්මාන්ත නිෂ්පාදකයින් වැඩි සංඛ්‍යාවක් කාබන් භාවිතය අවම කිරීම සහ හරිත නිෂ්පාදන වෙත යොමු වී ඇති අතර, එය මෙම වසරේ විශාල ප්‍රගතියක් අත්කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිෂ්පාදන ව්‍යවසායන් සඳහා කාබන් භාවිතය සීමා කරන දේශීය නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති පිලිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු වූ අතර එය කර්මාන්ත සිය දෛනික මෙහෙයුම් සහ නිෂ්පාදනයේදී වඩාත් පරිසර හිතකාමී භාවිතයන් වෙත නිරන්තරයෙන් යොමු කරයි.

IT Gallery තොරතුරු තාක්ෂණ නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධයෙන් ලොව ප්‍රකට සන්නාමයන්හි නිෂ්පාදන බෙදා හරින ප්‍රමුඛතම සමාගමකි. 2011 වසරේ තොරතුරු තාක්ෂණ බෙදාහැරීමේ වෙළෙඳපොල වෙත ප්‍රවේශ වූ IT Gallery, පසුගිය අවුරුදු පහ හය තුළ සිය හවුල්කරුවන්ට සහය වෙමින් නිරීක්ෂණ වෙළෙඳපොල තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. වසංගත කාලය පුරාවටම, IT Gallery වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස එහි කීර්තිය පවත්වා ගනිමින් භාණ්ඩ සහ ණය සම්බන්ධයෙන් තම හවුල්කරුවන්ට අඛණ්ඩ සහාය ලබා දී ඇත.

ඡායාරූප විස්තරය:

IT Gallery – Hikvision 2020 වසර සඳහා විශිෂ්ටතම විසඳුම් හඳුන්වාදුන් හවුල්කරුවන්
IT Gallery – Hikvision 2020 වසර සඳහා විශිෂ්ටතම හවුල්කරුවන් දසදෙනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *