සංචාරකයින්ගේ දිනපොතට අද්විතීය අත්දැකීම් රැසක් එක්කරමින් Granbell Hotel Colombo විවෘත වේ

ශ්‍රී ලාංකේය සහ ජපාන ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අපූර්ව අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාව දේශීය සංචාරකයින් වෙත ලබාදෙමින් Granbell Hotel Colombo පසුගියදා විවෘත කෙරිණි.  ටෝකියෝ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන Belluna Co. Ltd විසින් මෙම නවතම සංචාරක හෝටල් පරිශ්‍රයේ හිමිකාරීත්වය සහ කළමනාකරණය සිදු කරනු ලබන අතර, මෙහි ශක්තිමත් හෝටල් ජාලයට ජපානයේ සංචාරක කරමාන්තය හා බැඳුනු හෝටල් 17ක්, හවායි හි හෝටලයක්, මාලදිවයිනේහි හෝටලයක් සහ සහ ශ්‍රී ලංකාවේ හෝටල් ද්විත්වයක් හිමිය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ඉහළින්ම පාත්‍ර වන පරිදි නිර්මාණය කර ඇති මෙම හෝටල් සංකීර්ණයේ විවෘත කිරීමේ උත්සවය සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තන් ලෙස ජපාන රජයේ ශ්‍රී ලංකා තානාපති ගරු මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා සහ Belluna Co. Ltd හි සභාපති කියෝෂි යසුනෝ (Kiyoshi Yasuno) මහතා සහභාගී විය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති වසර 70කට වඩා පැරණි මිත්‍රත්වයට සමගාමීව මෙම හෝටල් සංකීර්ණය ආරම්භ කර ඇත. මෙම සුවිසල් හෝටල් සංකීර්ණයේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ 2016 වසරේ වන අතර, මෙය ඇමරිකානු ඩොලර් මිලියන 60ක විශාල ඍජු විදේශ ආයෝජනයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. මෙහි පුර්ණ ඉදිරිකිරීම් කටයුතු, ජපානයේ හසාමා ඇන්ඩෝ කෝපරේෂන් ආයතනය විසින් සිදුකර ඇති අතර, ජපන් ගෘහ නිර්මාණ ශිල්පය සහ දේශීය ශිල්පීය හැකියාවන් මුසු කරමින් ඉහළම ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකය වෙත දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් ආරම්භ වුනු මෙම හෝටල් සංකීර්ණය හරහා දේශීය ප්‍රජාව වෙත රැකියා අවස්ථා රැසක් ප්‍රධානය කරයි.   හෝටලයේ සියලුම සේවාවන් උසස් තත්ත්වයේ ජපන් සේවා ප්‍රමිතීන් සහතික කරන අතර, සෑම කාර්යයක්ම දැඩි අධීක්ෂණයකට ලක් කරමින්, කාර්යක්ෂමතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිදු කරනු ලැබීම සුවිශේෂී වේ. 

Open air corridors වැනි තිරසාර නිර්මාණ සංකල්පයන් මුසු කරමින් නිර්මාණය කෙරුණු Granbell Hotel Colombo, ආකර්ෂණීය පහසුකම් සහ සේවාවන් රැසක් සමඟින් කොළඹ නගර මධ්‍යයේ- කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටා ඇත. මෙම හෝටල් සංකීර්ණය infinity pool සහ bar, gymnasium, spa, yoga, dance studio සහ all-day dining restaurant එකකින් සමන්විත වන අතර, ඒකාකාරී අවිවේකී ජීවිතයෙන් මිදී සුඛෝපභෝගී පහසුකම් මෙන්ම ලෙන්ගතු ආගන්තුක සත්කාර ද විඳිමින් විවේකයක් ගත කිරීමට කැමැති අයට මෙන්ම , වෙරළබඩ වටපිටාවට සහ පරිසරය විඳීමින් විනෝද වීමට කැමති සංචාරකයින් හට කදිම ස්ථානයක් යැයි කිව හැකිය.

මෙහි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ, Belluna Co. Ltd  හි ප්‍රධාන විධායක නිලධාරී කියෝෂි යසුනෝ මහතා මෙලෙස පවසා සිටියි.  “Granbell Hotel Colombo ශ්‍රී ලංකාවේ ආරම්භ වුනු මනරම් හෝටල් සංකීර්ණයක් පමණක් නොවෙන අතර, දේශීය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමට අපේක්ෂා කරන ආයෝජනයක් ලෙස මා හැදින්වීමට කැමතියි. මෙම හෝටල් සංකීර්ණයේ ප්‍රතිලාභ ආර්ථිකයට විශාල වාසි ගෙනදෙන අතර, රැකියා උත්පාදනය හේතුවෙන් සමාජයට විශාල ප්‍රතිලාභ රැසක් හිමිකර දෙනවා.”

මෙහි දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකිකයන් වන අතරම, හෝටලය විසින් සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන සූපවේදී යන දෙපාර්තමේන්තු දෙකෙහි විශිෂ්ට සේවාවක් පිරිනැමීම සඳහා ජපන් ප්‍රවීණත්ව මුසුකර ඇත.

යුරෝපීය, ඉන්දියානු සහ මැද පෙරදිග වැනි ප්‍රධාන වෙලඳපොලවල් හරහා සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා Granbell Hotel Colombo, ආයතනික ගනුදෙනුකරුවන්, සංචාරක නියෝජිතයින්, සංචාරක ක්‍රියාකරුවන් සහ මාර්ගගත සංචාරක ක්‍රියාකරුවන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගෙන ඇත. වැඩි විස්තර, F&B  සේවාවන් සඳහා මෙන්ම නේවාසික දීමනා පිළිබඳ විස්තර සඳහා granbellhotel.lk වෙත පිවිසෙන්න හෝ 011 2 397 397 අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *