පාරිභෝගික පහසුව වෙනුවෙන් Anton සිය නවතම Online වෙළඳසැළ Daraz.lk තුළ විවෘත කරයි

100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් වන Anton, දශක හයකට අධික කාලයක් පුරාවට පාරිභෝගික හදවත් ජයග්‍රහණය කරමින් ඉදිරියටම ඇදෙන ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයකු වේ. නවෝත්පාදන මුල් කරගනිමින්, පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුව විශිෂ්ට විසඳුම් සැපයීමට Anton සමත් වී ඇති අතර, එම නිෂ්පාදන සඳහා පාරිභෝගිකයාට පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ලබාදීම කෙරෙහි Anton සන්නාමය වැඩි අවධානයක් යොමු කරයි.

වර්තමානයේ බොහෝ පිරිස් ඔන්ලයින් ක්‍රමවේදයන් ඔස්සේ භාණ්ඩ හා සේවා කඩිනමින්ම සිය අවශ්‍යතා වෙනුවෙන් ගෙන්වා ගැනීමට දැඩි කැමැත්තක් දක්වන අතර මෙම ප්‍රවණතාවය පිළිබඳ මැනවින් අවබෝධ කර ගනිමින්, Anton, තම නවතම Online වෙළඳසැළ දකුණු ආසියානු ඊ-වාණිජ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Daraz සමග අත්වැල් බැඳ ගනිමින් Anton Flagship Store ලෙසින් විවෘත කරන ලදි. 

Anton ගාර්ඩන් හෝස් (15M/30M), Anton ක්ලියර් හෝස් (30M), Anton බෝල් වැල්ව්, Anton ෆුට් වැල්ව්, ත්‍රෙඩ් සීල් ටේප් සහ සොල්වන්ට් සිමෙන්ට් ඇතුළු පුලුල් පරාසයක විහිදුණු නිෂ්පාදන සඳහා වඩාත් පහසුවෙන් සහ කඩිනමින් ප්‍රවේශ වීමේ හැකියාව දැන් Anton Flagship Store විසින් තම පාරිභෝගියින්ට ලබා දී ඇත. මෙම නිෂ්පාදන පරාසය අතරට ඉදිරියේදී තවත් නිෂ්පාදන රැසක් අන්තර්ගත වීමට නියමිත අතර, මේ හරහා මිලදී ගැනීම් සිදු කරන සැමට සුවිශේෂී දීමනා සහ වට්ටම් දිනාගැනීමේ හැකියාව Anton Flagship Store හරහා පාරිභෝගිකයින්ට හිමිවන විශේෂ වාසියක් ලෙස සඳහන් කළ හැකිය. 

මේ පිළිබඳ අදහස් දක්වමින් Anton හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මහතා මෙලෙස පවසා සිටියි. “ඊ-වාණිජ්‍ය ක්ෂේත්‍රයේ අපගේ පැවැත්ම පුලුල් කිරීමට හැකිවීම පිළිබඳ අපට විශාල සතුටක්. විශේෂයෙන්ම Daraz.lk හි, ආරම්භ කරන ලද මෙම නවතම Online වෙළඳසැළ හරහා අප පාරිභෝගිකයින්ට Anton නිෂ්පාදන වෙත කඩිනමින් සහ පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව අප විසින් දැන් ලබා දී අවසන්.”

“කාර්මික සහ පාරිභෝගික නිෂ්පාදන අංශවල මෙන් ම, ශ්‍රී ලංකාවේ PVC කර්මාන්තය තුළ ප්‍රමුඛ සන්නාමයක් ලෙස Anton නම් දරා ඇත. Anton නිෂ්පාදන පරාසය Anton Max, Biocell, Armor, Griffin, Netz, Thermo, Polar, Volta වැනි සන්නාම කිහිපයක් යටතේ පයිප්ප සහ උපාංග, ජල ටැංකි,  වැසිකිළි ටැංකි ඇතුළු සියළුම අපජල පිරිපහදු ටැංකි, සෙවිලි තහඩු, නෙට්ස්, CPVC පයිප්ප සහ උපාංග, uPVC දොරවල් සහ ජනෙල්, වැහිපීලි සහ උපාංග, ඉන්සියුලේෂන් ඇතුළු නිෂ්පාදන රැසක් දක්වා විහිදී ඇති අතර ගුණාත්මක බවසහ ආරක්ෂාව පිළිබඳ පාරිභෝගියකාට සහතික වෙමින්, පාරිභෝගිකයින්ගේ ජීවිත ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නව්‍ය නිෂ්පාදන සහ සේවා සැපයීමට Anton  නිරතුරුව ම ක්‍රියා කරයි.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *