DIMO වෙතින් බලශක්ති අරපිරිමැස්ම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට DI-Solar හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින්, වර්තමානයේ පවතින විදුලි අර්බුධය සහ බලශක්ති අරපිරිමැස්ම පිළිබඳ සිය අවධානය යොමු කරමින්, DI-Solar නමින් විප්ලවීය විසඳුමක් වෙළඳපොළට හඳුන්වා දී ඇත.  DI-Solar, දැනට පවතින Solar PV පද්ධති හරහා ජනනය වන විදුලිය, දිවා කාලයේ විදුලිය විසන්ධි කිරීමේ අවස්ථාවන් වලදී ප්‍රයෝජනයට ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කර ඇති අතර, එමඟින් බලශක්ති නාස්තියද විශාල ලෙස අවම කරන අතර බැටරි රහිතව මෙම විසඳුම යොදා ගත හැකි වීම ද සුවිශේෂී ලක්ෂණයකි.

විදුලිය විසන්ධි කිරීම් හේතුවෙන් ව්‍යපාරයන් දෛනිකව විවිධ ගැටලුවලට මුහුණපායි. මේ සඳහා විසඳුමක් වශයෙන් බොහෝ ව්‍යාපාර Solar පද්ධති සවි කිරීම හරහා සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට උත්සහ කලද, එම පද්ධති ජාතික පද්ධතියේ විසන්ධි වීමත් සමඟ, දිවා කාලයේ සිදුවන විදුලිය ඇනහිටීම් වලදී Solar PV පද්ධති හරහා ජනනය කරන විදුලිය භාවිතා කිරීමට ඔවුන්ට නොහැකි වන අතර, මේ හේතුවෙන් අධික ඉන්ධන පිරිවැයක් දරමින් ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම හරහා සිය මෙහෙයුම් පවත්වාගෙන යෑමට සිදුවේ. මේ සඳහා විසඳුමක් වශයෙන් DI-Solar හඳුන්වා දී ඇත. මෙයද  Solar PV පද්ධති මඟින් ජනනය කරන විදුලිය, විදුලි විසන්දි වී ඇති අවස්ථාව වලදී  ප්‍රයෝජනයට ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කරන ලද  ශ්‍රී ලංකාවේ පළමු සහ එකම අති නවීන විසඳුම DI-Solar වේ. මෙම විසඳුම හරහා, ව්‍යාපාරයන් හට සිය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අන්දමින් සිදු කිරීමේ හැකියාව හිමිකර දෙන අතර, ජෙනරේටර් සඳහා වැයවන ඉන්ධන වියදම්  50% සිට 70%  ප්‍රමාණයකින් අවම කරයි. කර්මාන්ත සඳහා දැඩි අවධානයක් යොමු කරමින් හඳුන්වා දුන් DI-Solar, ඉදිරියේදී ගෘහස්ත මට්ටමේ පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් සිය විසඳුම් දියත් කිරීමට සුදානම්ව සිටියි. 

DI-Solar, නවතම හෝ පවතින ඕනෑම Solar PV පද්ධති මත ස්ථාපනය කෙරෙන අතර, මේ හරහා දිවා කාලයේ විදුලිය විසන්ධි වන සෑම අවස්ථාවකම, off-grid පද්ධතියක් ලෙස පරිශ්‍රයට ක්‍රියා කිරීමට සහ Solar PV පද්ධතිය හරහා ජනනය වන බලය අභ්‍යන්තර අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කිරීමට ඉඩ සලසයි. මෙම විසඳුම සඳහා, බැටරියක් ඒකාබද්ධ කිරීමෙන් රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි කිරීමේදී පවා භාවිතා කිරීමට තවදුරටත් වැඩිදියුණු කළ හැක.Solar PV පද්ධතියක් නොමැති කර්මාන්තකරුවන් සඳහා නවතම Solar PV  පද්ධතියක්  සමඟ DI – Solar විසඳුම් ලබා දීමට DIMO ආයතනය අපේක්ෂා කරයි.

මෙම අද්විතීය විසඳුම පිළිබඳ අදහස් දක්වමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසා සිටියි.  “මෙම ව්‍යාපෘතිය හරහා තවත් විශිෂ්ට කාලෝචිත විසඳුමක්  වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට අපට හැකි වුණා වගේම,මෙම නවතම විසඳුම හරහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයන් වෙත හුවමාරු වීමට ප්‍රජාව බලගැන්වීම සිදු කරනවා.  දේශීය ප්‍රජාවන්ගේ සිහින සහ අපේක්ෂාවන් බලගැන්වීම සඳහා අප සමාගමක් වශයෙන් අඛණ්ඩව කැපවෙනවා.”

650 KW  ක ධාරිතාවක් සහිත Solar PV  පද්ධතියක් සහිත පරිශ්‍රයන් දිනකට පැය 3-4 දිවා කාලයේ විදුලි විසන්ධිවීමක් අත්විදින්නේ නම් සහ විදුලි විසන්ධි  වීමකදී ජෙනරේටර් භාවිතා කරන්නේ නම් DI -Sloar විසඳුම් හරහා දිවා කාලයේදී විදුලි විසන්ධි වන විටකදී ප්‍රධාන විදුලි ජනන ප්‍රභවය  ලෙස Solar PV පද්ධතියට 70% දායකත්වය ලබා දිය හැකි අතර ජෙනරේටරයේ විදුලි ජනන දායකත්වය 30% අඩු කර ගනිමින් ඉන්ධන සඳහා යන වියදම අඩු කර ගත හැක.DI-Solar හරහා, කර්මාන්ත වලට ජාතික විදුලිබල පද්ධතිය මත සම්පූර්ණයෙන්ම රඳා නොසිට පුනර්ජනනීය බලශක්තිය ප්‍රබේදයන් භාවිතා කිරීමට ඉඩ සලසයි. තවද, දේශීය බලශක්ති අංශයේ අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා ක්‍රියාකාරී පියවරක් ලෙස, බාධාවකින් තොර වූ ව්‍යාපාර මෙහෙයුම් හරහා ජාතික දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් ලබා දීමට සහ ඉන්ධන ආනයනය සඳහා යන වියදම් අවම කිරීම DI-Solar මඟ පාදයි. 

දශක අටකට අධික කාලයක් පුරාවට, ඉංජිනේරුමය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පළපුරුද්ද තුළින්, දේශීය විදුලිබල ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා නව්‍ය විසඳුම් අඛණ්ඩව ඉදිරිපත් කිරීමට DIMO කැපවෙමින් ක්‍රියා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *