කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව නව Eko Plasco අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කරමින් 2022 ලෝක පරිසර දිනය සමරයි

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ Eco Spindles Pvt. Ltd අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ පුරෝගාමී වෙමින් නව Eko Plasco අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (Material Recovery Facility) 2022 ලෝක පරිසර දිනයට සමගාමීව වාද්දුවේ දී දියත් කරන ලදි. මෙම  අවස්ථාව සඳහා  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරිණි. අපද්‍රව්‍ය කළමනාකරණයට සහය දැක්වීම සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් අපද්‍රව්‍ය වෙත අර්ථවත් නැවත භාවිතයක් ලබා දීම සඳහා වගකීමෙන් යුතුව ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට මෙම MRF මධ්‍යස්ථානය හඳුන්වා දෙන ලදි.  

PET ප්ලාස්ටික් වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සැකසීම සහ නව නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදකයන්ට අමු ද්‍රව්‍ය ලෙස විකිණිය හැකි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකමක් ලෙස MRF මධ්‍යස්ථාන දැක්විය හැකිය. පුළුල් බඳුන් සහ බෑග් එකතු කිරීමේ ජාලයක් හරහා  ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කර පසුව ඒවා MRF මධ්‍යස්ථානය වෙත යවා තෙරපුම් යන්ත්‍ර (බේලර්ස්) සහ කැපුම් යන්ත්‍ර (ක්‍රෂර්ස්) වැනි යන්ත්‍ර මගින් වෙන් කර සකස් කරනු ලැබේ. බේලර් ‍යන්ත්‍රය මගින් අපද්‍රව්‍ය සංයුක්ත මිටි බවට සම්පීඩනය කරන අතර, එය ගබඩා කිරීම සහ ප්‍රවාහනය පහසු කරවයි. කැපුම් යන්ත්‍රය මගින් ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ට ලබාදීමට පෙර ප්ලාස්ටික්, කුඩා කැබලිවලට කපා  දමමින්  අපද්‍රව්‍යවලට තව තවත් අගය එක් කර‍යි.

කසළ හා පරිසර දූෂණය අවම කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, නිෂ්පාදන ද්‍රව්‍යවල ඵලදායීතාව ඉහළ නැංවීම  සඳහා වූ ආකෘතියක් වන MRF මධ්‍යස්ථාන චක්‍රීය ආර්ථික සංවර්ධනය සඳහා මනා පිටුවහලක් ලබා දෙයි. අපද්‍රව්‍ය එකතු කරන්නන් ලෙසින් කර්මාන්ත හා රැකියා නිර්මාණය කරමින් අවට ප්‍රජාවන් හට ජීවනෝපාය අවස්ථා උත්පාදනය කිරීමට ද මෙය උපකාරී වේ. මෙම  Eko Plasco, MRF මධ්‍යස්ථානය පාසල්, වෙරළ සහ අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු ප්‍රධාන ස්ථානවල ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් සහ බෑග් ස්ථාපිත කර ඇත.  ගෘහස්ථ අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කිරීම සහ වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කරන මනා මඟ පෙන්වන්නෙක් ලෙසින් ද MRF මධ්‍යස්ථානය ක්‍රියා කරනු ඇත.

පරිසර අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ” කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ  Eco Spindles  වැනි පෞද්ගලික අංශයේ සංවිධාන, ශ්‍රී ලංකාවේ කසළ කළමණාකරන යටිතල පහසුකම් වෙනුවෙන්, සැළකිය යුතු දායකත්වයක් ලබා දෙනු දැකීම ඉතාමත් සතුටුයි.   Eko Plasco MRF මධ්‍යස්ථානය වැනි මුල පිරීම් ශ්‍රී ලංකා රජය විසින් ඉදිරියට ගෙන යාමට නියමිත ජාතික ස්වේච්ඡා විස්තීරණ නිෂ්පාදක වගකීම් (EPR) වැඩසටහනට අනුපූරක වන බැවින් මෙය ඉතා වැදගත් වෙනවා” යනුවෙන් අදහස් දැක්වීය.

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමෙහි, කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරා මහතා, “අපද්‍රව්‍යවලින් තොර ලෝකයක්”  (World Without Waste) සඳහා වන සමාගමේ ගෝලීය වගකීම සමඟ බැඳෙන “නැවත ජීවයක් දෙමු” (Give Back Life) වැඩසටහනේ කොටසක් ලෙස Eko Plasco MRF මධ්‍යස්ථානය විවෘත කළා.  2030 වසර වන විට කොකා කෝලා විසින් අලෙවි කරන සෑම බෝතලයකටම සමාන ප්‍රමාණයක් එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙහි දී අරමුණු කරයි. Eco Spindles සමඟ සහයෝගීව MRF හි ආයෝජනය කිරීම, අපගේ අපද්‍රව්‍ය එකතු කිරීමේ ප්‍රයත්නයන් විශාල ලෙස පුළුල් කරනවා. එසේම මෙය අප දියත් කිරීමට අපේක්ෂිත ජාතික ස්වේච්ඡා විස්තීරණ නිෂ්පාදක වගකීම් (EPR) වැඩසටහනට මුල පිරීම හා සමපාත වෙනවා. Eco Spindles සහ අපගේ ක්‍රියාත්මක කිරීමේ සහකරු වන ජනතාක්ෂන් (Janathakshan) සංවිධානය සමග එක්ව  කොකා කෝලා පදනමේ මූල්‍ය අනුග්‍රහය ඇතිව නුදුරු අනාගතයේ දී තවත් MRF මධ්‍යස්ථාන 6ක් ස්ථාපිත කිරීමට අපි අදහස් කරන බව සතුටින් දන්වා සිටිමු.” යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම පහසුකම මගින් සෑම මසකම ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 10,000ක් පමණ ප්‍රමාණයක් MRF මධ්‍යස්ථාන හරහා එකතු කර සැකසීමෙන් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පහසුකම ඇති Eco Spindles  ආයතනය වෙත යවයි. එය ලොව කෘතිම නූල් නිෂ්පාදන පහසුකම සහ කෙඳිවලින් සෘජුවම නූල් සෑදීමේ හැකියාව ඇති කර්මාන්තශාලා දෙකෙන් එකකි. Eco Spindles විසින් මෙම  අමුද්‍රව්‍ය  නූල් සහ කෙඳි බවට පත් කර කොසු, බුරුසු, රෙදි වැනි ගෘහාශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කර, රටවල් 15කට වැඩි ප්‍රමාණයකට අපනයනය කරනු ලබයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑතක දී පැළඳ සිටි නිල ඇඳුම නිර්මාණය කිරීම සඳහා මෙම නූල් විශේෂයම  යොදා ගෙන ඇත.

Eco Spindles හි ප්‍රධාන විධායක නිළධාරි, මනෝජ් උඩවත්ත මෙම ව්‍යාපෘතිය පිළිබඳ සිය අදහස් දැක්වූයේ මෙසේය. “කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සමඟ එක්ව  අපගේ පළමු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (MRF) පිහිටුවීමට,  අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.  වාද්දුව Eko Plasco MRF මධ්‍යස්ථානය පහසුකම මෙයට සාක්ෂි දරන අතර ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයකටම MRF මධ්‍යස්ථාන එක බැගින් විවෘත කිරීමට  අප බලාපොරොත්තු වෙනවා. පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන මෙම,MRF මධ්‍යස්ථාන ආසන්න වශයෙන් සෘජු රැකියා අවස්ථා 300කට දායක වෙනවා. ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එක් MRF මධ්‍යස්ථානයකට ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 30,000 ක අපද්‍රව්‍ය යොමු කරනවා. MRF යනු සමාජ, පාරිසරික සහ මූල්‍ය තිරසාරත්වය ශක්තිමත් කරන පුළුල් පහසුකමක් ලෙස දැක්විය හැකියි.

Eko Plasco කළමනාකාර අධ්‍යක්ෂ මලිඳු ලියනගේ මහතා, සිය අදහස් දැක්වූයේ මෙසේය.  “මට හැම විටම අවශ්‍ය වුණේ මේ මහ පොළොවට නැවත යමක් ලබා දෙන්න, මේ ව්‍යාපාරය මගේ ජීවිතයට ආලෝකයක් වුණා පමණක් නොවෙයි, ජන ප්‍රජාවට රැකියා අවස්ථා ලබා දීමෙන් ඔවුන් හට ජීවත් වීමට මාර්ගයක් ද ලබා දීමට හේතු වුණා. MRF මධ්‍යස්ථානය පිහිටුවීම හරහා මට දැන් පරිසරයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය වර්ග කිහිපයක් එකතු කිරීමට හැකිව තිබෙනවා.  ප්‍රධාන වශයෙන්ම PET සහ අනෙකුත් ප්ලාස්ටික්, සහ හොඳ මූල්‍ය දිරි ගැන්වීමක් සපයන ලෝහ, වීදුරු, කාඩ්බෝඩ්, පොලිතින් සහ බියර් කෑන් පවා එකතු කිරීමට හැකි වී තියෙනවා. කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමවෙතින් සහ Eco Spindles වෙතින් මෙම පහසුකම් ස්ථාපිත කිරීමට මට ලැබුණු සහයෝගය ඉතාමත් අගය කරනවා. අත්‍යවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ එකතු කිරීමේ බඳුන්/බෑග් සපයා දෙමින් අපගේ වර්ධනයට උපකාර කිරීම සඳහා ඔවුන් අඛණ්ඩව සහාය දක්වනවා.”

MRF මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ සහ ජීවනෝපාය අවස්ථා ලබා දෙමින් ජාතියේ අපද්‍රව්‍ය කළමනාකරණ දිශානතිය වෙනස් කරන්නකි. Eco Spindles වෙතින් ද්‍රව්‍ය අපනයනය කිරීම, වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ මුදල් ජනනය කරන බැවින් එය රටට විශාල ප්‍රතිලාභයක් ද ලබා දෙයි. Coca-Cola, Eco Spindles සහ ඔවුන්ගේ පාර්ශවකරුවන් පරිසරයට සහ ප්‍රජාවන්ට ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා Eko Plasco වැනි පහසුකම් සඳහා අඛණ්ඩව සහාය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *