Dell ව්‍යාපාර හවුල්කාරීත්ව සමුළුවේදී සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් හා සේවා සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් විසින්, පසුගියදා අවසන් වූ නැගී එන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන Dell ව්‍යාපාර හවුල්කාරීත්ව සමුළුවේදී (Dell Technologies FY23 Partner Business Conference) සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. මෙහිදී හිමිකරගත් සුවිශේෂී සම්මාන වන්නේ වසරේ පළමු පෙළ ව්‍යාපාරික සහකරු – ශ්‍රී ලංකාව සහ මාලදිවයින (Tier 1 Partner of the Year – Sri Lanka and Maldives) සහ 2022 මූල්‍ය වර්ෂය සඳහා නැගී එන ආසියානු වෙළඳ පොළ තුළ හොඳම පාරිභෝගික විසඳුම් සපයන්නාට (Asia Emerging Markets Solution Provider of the Year- Client Solutions Group) හිමි සම්මානයයි.   

මෙම සම්මාන සඳහා Softlogic IT නාමය නිර්දේශ වීමට පෙර විශ්ලේෂණාත්මක තේරීම් ක්‍රියාපටිපාටියකට භාජනය වී ඇත. මෙහිදී විශේෂයෙන්ම DELL විසින් හොඳම ව්‍යාපාරික සහකරු තෝරා ගැනීමේදී, අදාළ සන්නාමයන් විසින් ලබාගෙන ඇති පාරිභෝගික ජයග්‍රහණ, ඔවුන් හඳුන්වා දී ඇති නව්‍ය වෙළඳපල උපාය මාර්ග, වසරින් වසර ව්‍යාපාර වර්ධනය සහ ඉලක්ක වෙළඳපල තුළ නායකත්ව යන සාධක සැළකිල්ලට ගෙන ඇත.

නැගී එන ආසියානු වෙළඳ පොළ තුළ හොඳම පාරිභෝගික විසඳුම් සපයන්නාට හිමි සම්මානය සඳහා රටවල් 14කින් සමාගම් 100කට අධික සංඛ්‍යාවක් විනිශ්චය කර ඇත. එම රටවල් වනුයේ, ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංගලාදේශය, මොංගෝලියාව, මාලදිවයින, නේපාලය, භූතානය, බෲනායි, ටිමෝර්-ලෙස්ටේ, ෆීජි, කාම්බෝජය, මියන්මාරය, ලාඕසය සහ පැපුවා නිව්ගිනියාවයි.

මෙවැනි තරඟකාරී සම්මාන උළෙලකදී ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකිවීම පිළිබඳ අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් IT හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා මෙලෙස පවසා සිටියි. “මෙම මූල්‍ය වර්ෂය තුළ මේ ආකාරයේ සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීම පිළිබඳ අප ආඩම්බරයට පත් වෙනවා සේම ඒ සම්මාන ද්විත්වය ලැබීමට සුවිශේෂී අර්ථයක් තිබෙනවා.   විශේෂයෙන්ම, ව්‍යාපාර විසඳුම් කාණ්ඩය තුළ හොඳම DELL නිෂ්පාදන සැපයීමේ හවුල්කරුට හිමි සම්මානයත්, නැගී එන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරමින් හොඳම හවුල්කරුට හිමි සම්මානයත් දිනා ගැනීම තුළින් අපගේ සන්නාමයේ විශිෂ්ටත්වය මැනවින් සමාජයට පෙන්නුම් කරනවා යැයි කියන්න පුළුවන්.  කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙන්ම පවතින ආර්ථික අර්බුධය හමුවේ අප ක්ෂේත්‍රය විශාල අර්බුධ රැසකට මුහුණ දෙමින් සිටිනවා.  නමුත් එම අභියෝගයන් හට සාර්ථක අන්දමින් මුහුණ දෙමින් අප ක්‍රියා කරන බව මූල්‍ය දත්ත මගින් මැනවින් පෙන්නුම් කරනවා. පසුගිය වසර හා සැසඳීමේදී DELL ව්‍යාපාරික අදායම 80%කින් වර්ධනය කිරීමට අපට හැකිවී තිබෙනවා. මෙම සම්මානයන්හි පුර්ණ ගෞරවය අපගේ සේවක මණ්ඩලය මෙන්ම පාරිභෝගික කණ්ඩායම් වලට හිමිවිය යුතුයි. වසර දෙකකට පෙර අපගේ අරමුණ වූයේ තාක්ෂණික යටිතල පහසුකම් නවීකරණ වෙළඳපොල අවකාශය තුළ නායකයින් වීම. නමුත් වසර දෙකකටත් වඩා අඩු කාලයක් තුළ එම වෙළඳ පොළ නායකත්වය අත්පත් කරගැනීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත්වෙනවා.”

DELL සන්නාමයේ නිෂ්පාදන සහ ව්‍යවසාය විසඳුම් පාරිභෝගිකයින්ට සැපයීමේ ප්‍රමුඛයින් ලෙස, පළමු පෙළ ව්‍යවසාය සහකරු – ශ්‍රී ලංකාව සහ මාලදිවයින (Tier 1 Partner of the Year – Sri Lanka and Maldives) සඳහා වූ සම්මානය සොෆ්ට්ලොජික් IT හට හිමිවූ අතර, මෙම සම්මාන ද්විත්වය හිමිකර ගැනීම පසුපස ඇත්තේ, පාරිභෝගිකයාට ඉහළම විසඳුම් හා සේවාවන් ලබාදීම සඳහා වූ සමාගමේ අඛණ්ඩ උත්සාහය සහ ඉහළ කර්යසාධනයයි. 

මෙම සම්මාන ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් IT හි අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂ සිධන්ත පීරිස් මහතා මෙලෙස පවසයි. “මෙම සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්. මෙම ජයග්‍රහණ පසුපස සිටින්නේ අපගේ සේවාදායකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවී ක්‍රියා කරන දක්ෂ සහ කාර්යක්ෂම සේවක මණ්ඩලය ලෙස මම හඳුන්වා දෙන්න කැමතියි. තවද, අප කෙරෙහි විශ්වාසය තබමින්, අප හා අත්වැල් බැඳ ගනිමින් සිටින සියලුම පාරිභෝගිකයින් හටද ස්තුතී කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම, ඔවුන්ගේ විශ්වාසය තුළින් අපට වෙළඳ පොළ තුළට නවෝත්පාදන රැසක් සිදුකිරීමට හැකි වුණා.  මෙම සම්මාන අපගේ සේවා පිරිනැමීම් තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අනාගතයේදී අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ විසඳුම් සැපයීමට ඉවහල් වනු ඇතැයි අපට විශ්වාසයි.”

විශිෂ්ට සේවා කණ්ඩායමට අමතරව, සොෆ්ට්ලොජික් IT හට ලොවපුරා විසිරුණු ගෝලීය හවුල්කරුවන්ගේ සහ සේවා සපයන්නන්ගේ ජාලයක් ද හිමිය.  මෙම සංකලනය, සොෆ්ට්ලොජික් IT හට තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ඉක්මවීමට පමණක් නොව එහි සියලුම පාර්ශ්වකරුවන් සඳහා වැඩි වටිනාකමක් ඇති කිරීමට හැකියාව ඇති ගෝලීය මට්ටමේ විසඳුම් සපයන්නෙකු වීමට අවශ්‍ය හැකියාව ලබාදෙයි.

ENDS

සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් පිළිබඳ

වසර 30කට අධික කාලයක් පුරාවට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදුකළ සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් මේ වන විට කලාපයේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු බවට පත් වී ඇත.  දේශීයව මෙන්ම කලාපීය වශයෙන් සමාගම් හට ඩිජිටල් පරිවර්තනයන් සඳහා සහය සපයන පුරෝගාමී ආයතනයක් වන සොෆ්ට්ලොජික් IT හි දැනට 200කට අධික පළපුරුදු සේවක කණ්ඩායමක් සේවය කරයි. Public /private clouds, Big data analytics, IoT, Digital identity,cyber security solutions, Digital signage, board room solutions, Software defined data centers, business continuity solutions, intelligent building management solutions, digital classroom solutions ඇතුලු තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රයේ වෘත්තීය සේවා රැසක් සොෆ්ට්ලොජික් IT විසින් සපයයි.  Softlogic IT විසින් රාජ්‍ය සමාගම්, මහා පරිමාණ සමාගම්, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු අංශ රැසක සංවර්ධනය උදෙසා සිය විසඳුම් ඉදිරිපත් කරයි.

Softlogic IT පිළිබඳ වැඩි විස්තර www.softlogicit.lk වෙත පිවිස ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *