පැල්වත්ත බටර් පවුලට තවත් සාමාජිකයින් කිහිපදෙනෙක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් සඳහා නවතම මිරිස් රසැති  බටර් වර්ගයක් හඳුන්වා දීමට නියමිත අතර මිරිස් රසැති බටර් වර්ගයක්  ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන ප්‍රථම අවස්ථාව මෙය ලෙස දැක්විය හැකිය. මෙම නවතම මිරිස් රසැති බටර්  වර්ගය  පාරිභෝගිකයින්ගේ  ආහාර රුචිය වර්ධනය කර සෞඛ්‍යය නංවාලීමට උපකාරී වේ. මෙය ශ්‍රී ලාංකීය ගොවීන්ගෙන් ලබාගන්නා එළකිරි සහ ආහාරයට ගත හැකි ලුණු, බැදපු ස්වාභාවික මිරිස් කුඩු සහ මිරිස් කැබලි යොදා ගනිමින් නිෂ්පාදනය කොට වෙළඳපලට පැමිණෙයි. එය පාරිභෝගිකයින්ට ග්‍රෑම් 200 ක බටර් ඇසුරුමක් ලෙස ලබා ගත හැකිය.

සැර රසට සහ ලුණු රසට කැමති පාරිභෝගිකයින් සඳහා වෙළඳපල පර්යේෂණ මත පදනම්ව නිපදවා ඇති මෙම බටර් වර්ගය මගින්, ඔවුන්ගේ  ආහාර වේලෙහි අලුත් පෙරළියක් ඇති කරන බවට පැල්වත්ත සහතික වෙයි.

එමෙන්ම පැල්වත්ත සිලෝන් බටර්, ග්‍රෑම් 10 ක නව ඇසුරුම් ප්‍රමාණයකින් ද පැමිණෙන අතර  82% ක පිරිසිදු ශ්‍රී ලාංකික කිරි මේද ප්‍රමාණයක්, 16% ට අඩු ඝන කිරි මේද ප්‍රමාණයක්  සහ 1.35% ට වඩා අඩු ලුණු ප්‍රමාණයක් යොදා ගනිමින් 16% ට වඩා අඩු තෙතමනයක් යටතේ නිෂ්පාදනය කෙරේ.

අද වන විට බොහෝ දෙනා කෙටි ආහාර සහ පෙර සූදානම් කරන ලද ආහාර භාවිතයට පෙළඹී ඇත. පැල්වත්තෙහි  රසවත්, ලුණු රසැති සිලෝන් බටර් යොදාගැනීම මගින්, ඔවුන්ට අපූරු රසයකින් යුත් කෙටි කාලයකින් සාදා ගතහැකි උසස් තත්ත්වයේ ආහාර සකස් කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

සියල්ලන්ටම අවැසි පරිදි විවිධ රසයන්ගෙන් යුත්,  පැල්වත්ත නිෂ්පාදන වලට ප්‍රිය කරන පිරිස ඉතා බහුලය. සන්නාමයක් ලෙස පැල්වත්තෙහි දිගුකාලීන ගමන්මගට ඔවුන්ගේ දායකත්වය අපමණය. පැල්වත්ත හුදෙක් කිරි නිෂ්පාදනයන් සැපයීමම පමණක් නොව, සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස සිය නිෂ්පාදනයන් කරන නිසාවෙන්,  වෙළඳපල තුල නායකත්වයක් හොබවන සන්නාමයක් බවට පත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *