කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමෙහි  අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන සහ ජලය සංරක්ෂණ ව්‍යාපෘති ‘Best Corporate Citizen Awards 2022’ – ආයතනික පුරවැසි  සම්මාන උළෙලේ දී සම්මාන දිනා ගනියි

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකාවේ  අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs): සඳහා ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර විය. ‘Best Corporate Citizen Awards 2022’ සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ විප්ලවීය කසළ කළමනාකරණය’ සහ ‘මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා කෘෂිකර්මාන්තය සහ ජීවනෝපාය සඳහා ජලය සඳහා ප්‍රවේශය’ (WALK) ව්‍යාපෘති මෙසේ සම්මානයට පාත්‍ර විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ආයතනයන් සිය ආයතනික ඉලක්ක හඹා යන අතරම පාරිසරික, සමාජීය සහ ආර්ථික තිරසාරත්වයට වෙනුවෙන්  අදාළ ආයතනවල හොඳම භාවිතයන් ඇගයීමට ලක් කෙරේ.

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (MRFs) යනු ප්‍රථම වරට පිළිගත් සුවිශේෂී මුලපිරීමකි. එය රටේ ප්‍රථම විස්තීර්ණ MRF ස්ථාපිත කරන ලද කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම (CCBSL) සඳහා ඉතා වටිනා ව්‍යාපෘතියකි; ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් ප්‍රධාන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළු සඳහා මූලික විසඳුමක් සපයන ප්‍රජා කේන්ද්‍රීය, අනුවර්තනය කළ හැකි සහ තිරසාර ආකෘතියක් ලෙස MRF හැඳින්විය හැකිය.

CCBSL හි මහජන සම්බන්ධතා, සන්නිවේදන සහ තිරසාර (PACS) අධ්‍යක්ෂ – තමරි සේනානායක මහත්මිය “අපගේ MRF ව්‍යාපෘතියේ පවතින වටිනාකම මෙම සම්මානයෙන් හඳුනා ගන්නවා, අපද්‍රව්‍ය රැස් කිරීම ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රශ්නයක් වී ඇති අතර, උත්පාදනය කරන ලද අපද්‍රව්‍ය ප්‍රමාණය සහ වගකීමෙන් යුතුව එකතු කර බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අතර විශාල පරතරයක් පවතිනවා. CCBSL විසින් MRF සඳහා අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසීමේ යටිතල පහසුකම් සපයා තිබෙනවා. අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහ එසේ බැහැර කිරීමේ ඇති වටිනාකම, ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව ප්‍රජාවන් අතර දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලියේ වැඩි වීමක් ඇති කිරීමට මඟ පාදන කාර්යක්‍ෂමව ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට සහ අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ අනුපාතය දෙගුණයකින් ගෙවීමෙන් එකතු කරන්නන් සඳහා ශක්‍ය ඉපැයීම් උත්පාදනය කිරීමට MRF ව්‍යාපෘතිය සමත් වුණා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ ප්‍රතිචක්‍රීකරණ හවුල්කරු වන Eco Spindles Pvt Ltd,  අපට මහත් සහයෝගයක් ලබා දී ඇති අතර MRF විසින් එකතු කරන ලද PET අපද්‍රව්‍යවලින් කොසු, බුරුසු, රෙදි වැනි ඇතුළු අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කරනවා” යනුවෙන් සිය අදහස් දැක්වූවාය.

ප්‍රතිචක්‍රීකරණය සඳහා බොහෝ පරිභෝජනයෙන් ඉවත් කරන අපද්‍රව්‍ය එකතු කිරීම, ඒවා නැවත මිලදී ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා සැකසීම MRFs මගින් සිදු කරයි. රත්නපුර (Go  ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය) සහ වාද්දුව (Eko Plasco) යන ප්‍රදේශවල පිහිටුවා ඇති මෙම MRF මධ්‍යස්ථාන  දෙක එම ප්‍රදේශයන් හි,  ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම ඉහළ නැංවීමට උපකාර කළ දේශීය තරුණ ව්‍යවසායකයින් දෙදෙනකු විසින් කැපවීමෙන් සහ ඉතා සාර්ථකව මෙහෙයවයි. කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් ඇතුළු ප්‍රජාවන් සඳහා ජීවනෝපාය අවස්ථා නිර්මාණය කරමින්, අපද්‍රව්‍ය එකතු කරන්නන් 350+ ක ජාලයකින් මෙම මුලපිරීම සිදු වේ. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය 257,000+Kgක් එකතු කර ඇති අතර 2021 ජනවාරි සිට 2022 සැප්තැම්බර් දක්වා කාලය තුළ දැනුවත් කිරීමේ සැසි මගින් 24,000+ පුද්ගලයින් පිරිසක් ප්‍රතිලාභ ලබා ඇත.

මෙම ව්‍යාපෘතිය කොකාකෝලා හි “අපද්‍රව්‍යවලින් තොර ලොවක්-  ‘World Without Waste’ යන ශ්‍රී ලංකාවේ තිරසාර ඉලක්කයට සහ දේශීය අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන වන “නැවත ජීවයක් දෙමු – ‘Give Back Life‘ කොකාකෝලා විසින් අලෙවි කරන සෑම බෝතලයකටම සමාන ප්‍රමාණයක් 2030 වසර වන විට එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම අරමුණු කරයි. W.A.L.K ව්‍යාපෘතිය හරහා ජල සංරක්ෂණ මුලපිරීම් සඳහා කොකාකෝලා දෙවන වරටත් ‘හොඳම තිරසාර ව්‍යාපෘතිය’ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ව්‍යාපෘතිය සඳහා කොකාකෝලා පදනම විසින් අරමුදල් සපයන ලද අතර දේශීය ගොවි සංවිධාන සමඟ සහයෝගයෙන් ACTED සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලදී. මොණරාගල, ගලහිටිය ගම්මානයේ සමෘද්ධි වැව  මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිසංස්කරණය කරන ලද අතර එමඟින් වාර්ෂිකව කිලෝ ලීටර 285,054 නැවත පිරවීමේ ධාරිතාවක් ලබා ගත හැකි විය.

ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය සහ භූතානය  මහජන සම්බන්ධතා, සන්නිවේදන සහ තිරසාර කලාපීය නායකත්වය දරන ලක්ෂාන් මධුරසිංහ මෙසේ පැවසීය: “ජලය සඳහා ඇති ප්‍රවේශය කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වන ග්‍රාමීය ප්‍රජාවන්හි සාධාරණ හා තිරසාර අවස්ථා සහතික කිරීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.  ශ්‍රී ලංකාවේ දුප්පත්ම කලාපය වන, ජනගහනයෙන් 15.4%ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවියන්ගේ දැඩි අවශ්‍යතා සඳහා මෙම ව්‍යාපෘතිය සහාය වෙනවා. කොකා-කෝලා ශ්‍රී ලංකා, සිය බීම නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් ප්‍රජාවට සහ සොබාදහමට නැවත ලබා දීමට WALK ව්‍යාපෘතිය දායක වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ”

වියළි සහ තෙත් කාලවලදී අමතර කුඹුරු අක්කර 100ක් මෙන්ම බඩ ඉරිඟු සහ එළවළු වැනි ක්ෂේත්‍ර භෝග සඳහා අක්කර 150 ක් ද වගා කළ හැකි බව WALK ව්‍යාපෘතිය සහතික කර ඇත. අඩු වර්ෂාපතන කාලවලදී ඇතිවන බලපෑම් සමනය කිරීමේ පියවරක් ලෙස ගොවියන් වෙත ජල පොම්ප ද මෙමගින් බෙදා හරින ලදි. එමඟින් ප්‍රජාව නියඟයට, කාලගුණික රටා වෙනස්වීමට සහ දේශගුණික විපර්යාසවලට වඩා ඔරොත්තු දෙන බවට පත් කරයි. WALK ව්‍යාපෘතිය වෙතින් කාන්තා ගොවීන් ඇතුළු ගොවීන් 1,769 දෙනෙකුගේ ජීවනෝපාය වැඩි දියුණු කරන ලදි.

කොකා කෝලා ශ්‍රී ලංකා නිවැරදි ආකාරයෙන් ව්‍යාපාර කරමින් මිනිසුන්ගේ ජීවිත, ප්‍රජාවන් සහ සමස්ත ලෝකයේම වෙනසක් ඇති කරමින් වඩාත් තිරසාර සහ වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් කැප වී සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *