Mobilඅලෙවි නියෝජිතයින් සම්මාන උළලේදී ඇගයීමට

McLarens සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ Mobil Lubricants සඳහා බලයලත් අලෙවිකරු වන McLarens Lubricants Ltd, සිය ලියාපදිංචි අලෙවිකරුවන් 3000ක් අතරින් විශිෂ්ටතම කාර්ය සාධනයන් සහිත අලෙවි නියෝජිතයින් ඇගයීමේ සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත්   අන්දමින් පසුගියදා නිමා කරන ලදී. මෙම සම්මාන උළෙල සඳහා දිවයිනේ නන්දෙසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම කාර්ය සාධනයන් පෙන්වූ හවුල්කරුවන් සහභාගී වූ අතර විවිධ කාණ්ඩ 7ක් යටතේ සම්මාන 74ක් මෙහිදී පිරිනමන ලදී. මෙය සම්මාන ප්‍රදානෝත්සවයක්, රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ Jetwing Blue Negombo හි එක් රැයක නවාතැන් ගැනීමක් සහිතව සංවිධානය වී තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් McLarens සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂෙහාරා ද සිල්වා මෙනවිය සඳහන් කළේ, “අපගේ අලෙවි නියෝජිතයන් සමඟ ඇති හවුල්කාරිත්වය අගය කිරීමට සහ අපගේ විශිෂ්ටතම කාර්යසාධනය සහිත අලෙවි නියෝජිතයින් හට සම්මාන පිරිනැමීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත්වෙනවා. මෙම දැඩි ආර්ථික පසුබෑමේ කාලයේදී පවා, අපගේ වෙළඳ මහතුන් සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලබා දෙන අද්විතීය ලෝයල්ටි වැඩසටහන් හරහා දීප ව්‍යාප්ත අපගේ සියලුම හවුල්කරුවන්ට සහය වීමට අපි බලාපොරොත්තු වනවා.”

2020 වසරේ මුල් කාලවකවානුවේදී ඇතිවූ වසංගතය අතරතුර සහ වත්මන් ආර්ථික පසුබෑම හමුවේද බාධාවකින් තොරව සිය නිෂ්පාදන සැපයීම අඛණ්ඩව කරගෙන යාමට McLarens කටයුතු කරයි. 2022 වසරේ අප්‍රේල් මාසයේදී ඇතිවූ විනිමය අනුපාතිකය ඉහළ යාම සහ ගෝලීය තෙල් මිල ගණන් සහ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වල(additives) මිල ගණන් ඉහළ යෑමත් සමඟ, සියලුම එන්ජින් ඔයිල් මිල ගණන් 100%කට වඩා ඉහළ ගිය අතර, එය අලෙවිකරුවන්ට සහ පාරිභෝගිකයින්ට අහිතකර ලෙස බලපාන ලදී. කෙසේ වෙතත්, 2022 වසරේ දෙසැම්බර් මාසයේදී, Mobil ලිහිසි තෙල් නිෂ්පාදක ExxonMobil Asia Pacific ආයතනය සහ McLarens සමාගම එක්ව පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට Mobil නිෂ්පාදනවල මිල අඩු කරන ලද අතර ExxonMobil Asia Pacific ආයතනය සිය අලෙවිකරණ සහ විකුණුම් අංශ හරහා ලාංකික වෙළඳපොළට අඛණ්ඩව සිය සහායද ලබා දී ඇත.

McLarens Lubricants සහ Mobil වෙළඳ හවුල්කරුවන්ට සැමවිටම සහාය ලබා දෙමින් ලිහිසි තෙල් අලෙවිකරුවන් සඳහා සංවර්ධන වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීමේ වෙළඳපල ප්‍රමුඛයාද වී ඇත. Mobil, වසර 150කට වැඩි ඉතිහාසයක් ඇති ලොව අංක 1කේ Synthetic Engine Oil සන්නාමය වන අතර ශ්‍රී ලංකාවේ අංක 1කේ  තිරිංග තෙල් නිෂ්පාදනය වන Lockheed ද වසර 80 කට වැඩි කාලයක් McLarens Lubricants හරහා ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ කටයුතු සිදු කරනු ලබයි.

වසර 25 කට වැඩි කාලයක් ලිහිසි තෙල් කර්මාන්තයේ යෙදී සිටින McLarens Lubricants සමාගම, Mobil සහ Lockheed වැනි ලෝක ප්‍රකට සන්නාම ශ්‍රී ලංකාව පුරා බෙදා හරිනු ලබයි. එම සමාගම මෝටර් රථ, නාවික, බලශක්ති සහ කාර්මික අංශ සඳහා ලිහිසි තෙල් නිෂ්පාදන සහ විසඳුම් සපයමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Mobil සහ Lockheed නිෂ්පාදන සඳහා බලයලත් බෙදාහරින්නා ලෙස ද කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *