සොලෙක්ස් (Solex) සමාගම් සමූහය “විශ්වසරණ අභිෂේකා” යන නාමයෙන් ගෞරවයට පාත්‍ර විය

ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් BMICH හිදී සංවිධානය කරන ලද තිළිණ පුජා – 21 වැනි උපහාර උළෙලේදී සොලෙක්ස් (Solex) සමූහය අභිමානවත් ලෙස විශ්වසරණ අභිෂේකා යන උපහාරයෙන් පිදුම් ලැබීය.

සොලෙක්ස් (Solex) සමූහය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත සිදුකරන විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් මෙවන් ඉහළ ගෞරවයකින් ඇගයීමට ලක්වීම පිළිබඳව අපගේ සුබපැතුම් පිරිනමමු. දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ අංක 01 ජල පොම්ප නිෂ්පාදකයා ලෙස සොලෙක්ස් (Solex) සමූහය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර දැඩි කීර්තියක් සහ විශ්වාසයක් ගොඩනගා ඇත. සමාගම විසින් සපයනු ලබන මිත්‍රශීලී සහ වගකීම් සහගත සේවාවන් තම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සපුරාලීමට ඇති කැපවීම පිළිබඳ ප්‍රබල සාක්ෂියකි.

මෙම  “විශ්වසරණ අභිෂේකාසම්මානය, සොලෙක්ස් (Solex) ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්දු දේශකීර්ති ලංකාපුත්‍ර උපාලි විජයසිරි මහතාගේ අතින් ලබා ගැනීමද ඉතා ප්‍රශංසනීයය.

සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් වන Solex සමාජ වගකීම වෙනුවෙන් කැපවී කටයුතු කරන අතර පසුගිය දශක හතරක කාලය තුළ සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇත. අනුරාධපුර පූජා නගරය ඇතුළු දිවයිනේ විවිධ ස්ථානවල බැතිමතුන් සඳහා සිසිල් සහ පිරිසිදු ජල කළමනාකරණ පද්ධතියක් ලබාදීම, මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය මාර්ග බාධක ලබාදීම, කතරගම පවුල් 600කට අධික පිරිසකට පානීය ජල විසඳුම් ලබාදීම, පින්නවල අලි අනාථාගාරය සඳහා අධි පීඩන ජල පද්ධතියක් ලබාදීම ඉන් ප්‍රධාන ව්‍යාපෘති  කිහිපයකි. 2023 වර්ෂය සඳහා ද ග්‍රාමීය ප්‍රදේශ සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ජල සම්පාදන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වේ.

ගුණාත්මකභාවය සහ නව්‍යකරණය සඳහා සොලෙක්ස් (Solex) සමූහයේ කැපවීම ශ්‍රී ලංකාවේ ජල පොම්ප කර්මාන්තයේ වඩාත්ම විශ්වාසදායක නාමයක් බවට පත් කර ඇත. සොලෙක්ස් (Solex)  සමාගම  කල් පවත්නා, විශ්වසනීය සහ කාර්යක්ෂම පොම්ප නිෂ්පාදනය කිරීම සඳහා උසස් තාක්ෂණය සහ නවීන නිෂ්පාදන ක්‍රියාවලීන් භාවිතා කරයි. සොලෙක්ස් (Solex) විසින් පිරිනමනු ලබන නිෂ්පාදන පෙළට නිවෙස් සඳහා භාවිතා වන පොම්ප, කෘෂිකාර්මික පොම්ප, කර්මාන්තශාලා සඳහා භාවිතා වන පොම්ප, ජලයේ ගිල්වන (සබ්මසිබල්) පොම්ප, ජෙට් පොම්ප, නල ළිං පොම්ප, ස්වේජ් (අපද්‍රව්‍ය) පොම්ප, කටර් පොම්ප, ගිනි නිවන පොම්ප, ජල තටාක සඳහා භාවිත වන පොම්ප සහ විශේෂ කාර්ය සඳහා භාවිතා කරන වාහන ඇතුලත් වේ.

සොලෙක්ස් (Solex) සමූහයේ සාර්ථකත්වය පිටුපස ඇති එක් ප්‍රධාන සාධකයක් වන්නේ පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කිරීමයි. සමාගමට කැපවූ පාරිභෝගික සහාය කණ්ඩායමක් සිටින අතර එය විකිණීමට පෙර, අතරතුර සහ විකිණීමෙන් පසුව පාරිභෝගිකයින්ට සහාය වේ. මීට අමතරව, සොලෙක්ස් (Solex) සිය පාරිභෝගිකයින්ට වඩාත්  පුළුල් වගකීම් සහ නඩත්තු වැඩසටහනක් ඉදිරිපත් කරයි.

දේශාභිමානී, දේශශක්ති මංජුලා විජයසිරි (නියෝජ්‍ය සභාපති සහ මෙහෙයුම් අධ්‍යක්ෂ) ඇයගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් දේශමාන්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලැබුවාය.වෛද්‍ය සඳිනි. එච්. විජයසිරි. MD, BSc (Premedical & Health Sciences), සොලෙක්ස්  (Solex) සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ සන්නාම / ජනමාධ්‍ය අධ්‍යක්ෂ යන අය ද කුඩාකල සිටම පිරිසිදු පානිය ජලය  සැපයීම සහ වෙනත් ව්‍යාපෘති සිදුකර සිවිල් ජන ප්‍රජාව සවිබල ගැන්වීමේ උත්සාහය වෙනුවෙන් දේශමාන්‍ය, දේශශක්ති, දේශාභිමානී, ව්‍යාපාරවිභූෂණ , විද්‍යාපති, ජනරංජන යන ගෞරව නාමයන්ගෙන් ගෞරවාන්විතව පිදුම්  ලැබූ වගයි.

සොලෙක්ස් (Solex) සමාගම් සමුහයෙ හි සමස්ත කාර්යමණ්ඩලයටම   අපි සුභ පතන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *