ළදරුවන්ගේ වර්ධනයට සුරක්ෂිත පරිසරයක් පෝෂණය කිරීම

තම දරුවාගේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය සෑම දෙමාපියෙකුගේ ම මූලික පැතුමයි. නිවසින් පිටත පරිසරයේ කෙනෙකුගේ පාලනයෙන් බාහිර බොහෝ සාධක තිබුණ ද, නිවස තුළ සෑම අංශයක්ම පාලනය කිරීමට දෙමව්පියන්ට පියවර ගත හැකිය.

මෙය නොසළකා හරිමින්, දරුවන් සුරක්ෂිතව සිටිය යුතුම ස්ථානයක් වන නිවෙස් තුළම ළමුන් තුවාල සහ බරපතල මට්ටමේ සිදුවීම්වලට සෑම වසරකම ලක් වේ. විශේෂයෙන්ම  වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද පීඩනකාරී තත්වය  නිසා  ජීවනෝපාය මාර්ග සහ මූල්‍යමය අභියෝග හේතුවෙන් නව දෙමාපියන් පීඩනයට ලක් විය හැකි අතර මේ හේතුවෙන්  ඇතැම් ආරක්ෂාකාරී මාර්ගයන් නොසලකා හැරීමේ ඉඩකඩ පවතියි. නිවස තුළ තම ළදරුවන්ට ඉහළම මට්ටමේ ආරක්ෂාවක් සහතික කිරීම සඳහා, දරුවාගේ ජීවිතයේ සෞඛ්‍ය සම්පන්නම ආරම්භය ලබා ගැනීම සහතික කිරීමට දෙමාපියන් ඒ වෙනුවෙන් යම් කාලයක් හා පරිශ්‍රමයක් යෙදිය යුතුය.

පෝෂණය යනු දරුවාගේ සෞඛ්‍යයට හා සංවර්ධනයට බලපාන වැදගත්ම සාධකයයි. ගර්භනී අවධියේ සිටම නව මවක සමබර ආහාර වේලක්, නිතිපතා ව්‍යායාම කිරීම, සුදුසු සහ කාලෝචිත විටමින් සහ ඛනිජමය අතිරේක කෙරෙහි අවධානය යොමු කිරීමෙන් හොඳ පෝෂණයක් ලැබීම ආරම්භ වේ. ගැබිනි මවකගේ කායික, මානසික සහ චිත්තවේගීය යහපැවැත්ම ගර්භණී සමයේ දී දරුවාට බලපායි. දරුවා පිළිසිඳ ගත් අවස්ථාවේ සිට දරු ප්‍රසූතිය දක්වා, ළදරුවා රැක බලා ගැනීමේ ගමනට පියා ද සම්බන්ධ කර ගැනීම මුළු පවුලටම යහපත් ප්‍රතිලාභ ලබා දෙන අත්දැකීමකි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පෝෂණයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු වේ. මෙම අයහපත් ආර්ථික තත්වය නිසා වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර පවතින භයානක මන්දපෝෂණය මට්ටම් පිළිබඳව 2022 ඔක්තෝම්බර් මාසයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනාවරණය කරන ලදි. වයස අවුරුදු 5ට අඩු ළමුන්ගෙන් 42.9%ට වර්ධනය අඩාල වීම, නාස්තිය, වර්ධනයේ ගැටලු සහ මන්දපෝෂණය ඇතුළු විවිධ ආකාරයේ මන්දපෝෂණ ගැටළු පවතියි.

ළදරු සමයේ  සංවේදී අවධියේදී සමේ වියළි බව, උෂ්ණ බිබිලි, සම ඉදිමුම, සමේ කැසීම් ස්වභාවය, කුෂ්ඨ  වැනි සම ආශ්‍රිත අසාත්මිකතාවලින් ළදරුවන්ගේ මෘදු සම ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා “ළදරුවන්ට සුරක්ෂිත බව සහතික කළ” සහ “ළමා විශේෂඥ වෛද්‍ය පරීක්‍ෂණයට ලක් කළ” නිවැරදි ළදරු සත්කාර නිෂ්පාදන භාවිතය වැදගත් වේ. අවාසනාවකට මෙන්, අධික ජීවන වියදමකට මුහුණ  දීමට සිදු වීමත් සමගින් වැඩිහිටි‍යන් භාවිතා කරන සබන්, දරුවන් සඳහා ද මිල දී ගැනීමට දෙමව්පියන් පෙළඹිය හැකිය. එනමුත් මෙමඟින් දරුවාට සම හා සම්බන්ධ විවිධ සමේ ගැටළු ඇති කිරීමට හේතු වේ.  විශ්වාසය තහවුරු කළ ළදරු නිෂ්පාදන ළදරුවෙකුගේ සම සුමුදු මෘදු සමක් කිරීමට නිෂ්පාදනය කර ඇත.

ළදරුවන් විෂබීජ හා වෛරස් ආශ්‍රිත රෝගාබාධවලට ලක් වීමෙන් වැළැක්වීමට යහපත් සනීපාරක්ෂක පරිසරයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.  අලුත උපන් බිළිඳකුට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නොමැති බැවින් සහ ආසාදනවලට ලක් වීමේ  අවදානම  ඇති බැවින්, දරුවාට ප්‍රශස්ත ආරක්ෂාවක් සහතික කිරීම සඳහා, දරුවා සමඟ එක්ව කටයුතු කිරීමට පෙර දෙමාපියන් ඔවුන්ගේ දෑත් සේදිය යුතුය.

තම දරුවා සමඟ සතුටින් කාලය ගත කරන අතරම, නිවසේ වෙනත් උපද්‍රවයන් හට ගනියි ද යන්න පිළිබඳව ද දෙමව්පියන් නිරතුරුවම අවධානයෙන් සිටිය යුතුය.  මෙම අනතුරු, ළමුන් අතර සිදු වන වළක්වා ගත හැකි මරණ සහ තුවාල සිදු වීමට සැලකිය යුතු අවදානමක් ගෙනෙන ප්‍රධාන සාධකය වේ. වැටීම සහ හුස්ම හිරවීම මින් වඩාත් සුලබ අනතුරු කිහිපයකි. දරුවාගේ සම වඩාත් සංවේදී බැවින් පිළිස්සුම් අවදානමක් ද ඇත. දරුවන්ගේ කුතුහලය දනවන ස්වභාවය අනුව, දරුවන්ට ළඟාවිය නොහැකි ලෙස ඖෂධ, ගෘහාශ්‍රිත නිෂ්පාදන සහ රූපලාවණ්‍යය සම්බන්ධ ද්‍රව්‍ය ගබඩා කිරීම මගින් හදිසි විෂ සහිත අනතුරු වළක්වා ගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතුය.

වර්තමානයේ මිනිසුන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද, දෙමාපියන් තම ළදරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. ආරක්‍ෂාව පිළිබඳ ප්‍රවේශම් සහගතව, අවධානයෙන්  සිටීමෙන් ළදරුවා  සුරක්ෂිත ලෝකයක හැඩි දැඩි කිරීමට හැකි වේ. දරුවා තම දෙමාපියන්ගේ මානසික සහ චිත්තවේගී යහපැවැත්මට ද සංවේදී වන බව මතක තබා ගැනීම වැදගත් වන අතර තම දරුවාට ආරක්‍ෂාව සහ ආදරය සහතික කිරීම සඳහා දෙමාපියන් සතුටින් හා ධනාත්මකව සිටිය යුතුය.

අපගේ දරුවන් සඳහා සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීම දෙමව්පියන්ගේ අංක 01 ප්‍රමුඛතාවය වන අතර,  සුරක්ෂිත සහ විශ්වාසය තහවුරු කළ පරිසරය සහ සුරක්ෂිත ළදරු සත්කාරක නිෂ්පාදන සඳහා පමණක්  ඔවුන් ආයෝජනය කළ යුතුය. 

ENDS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *