ස්වදේශී කොහොඹ බේබි ළදරු නිෂ්පාදන පෙළ වැඩි ශාකසාර ගුණ සමඟින් වෙළඳ පොළට

බේබි සබන්-ක්‍රීම්-කොලොන්ග්-පවුඩර්-ෂැම්පූ-ඔයිල්- කිඩ්ස් කොලොන්ග්

නව ශාකසාර අමුද්‍රව්‍ය, නව සුවඳ සහ නව ඇසුරුම් සමඟින් ලංකාවේ අංක 01  ශාකසාර ළදරු සත්කාර සන්නාමය  උසස් මට්ටමකට ගෙන යයි.

ශ්‍රී ලංකාවේ අංක  එකේ ශාකසාර  ළදරු සත්කාර සන්නාමය ස්වදේශී “කොහොඹ බේබි සබන්” නව පෙනුමකින්  හඳුන්වා  දෙයි. ඒ  නව ශාකසාර අමුද්‍රව්‍ය සහ නව මෘදු සුවඳින්  සිය නිෂ්පාදන පෙළ පුළුල් කරමිනි.  ශාකසාර ගුණයෙන් අනූන මෙම නිෂ්පාදන පෙළ කොහොඹ, කොකනට් මිල්ක්, කෝමාරිකා, රත්මල්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල්, වෙනිවැල්, මී පැණි, සහ ඇවකාඩෝ සමඟින් වැඩි දියුණු කර ඇත. සෑම ස්වදේශී නිෂ්පාදනයක්ම ඊට අයත් වෙළඳපල කොටසේ අද්විතීය කරවීමට මෙම අමුද්‍රව්‍ය උපකාර කරයි.

බේබි සබන්, බේබි කොලෝන්, බේබි ක්‍රීම්, බේබි පවුඩර්, බේබි ෂැම්පු, බේබි ඔයිල්, කිඩ්ස් කොලෝන් සහ බේබි ගිෆ්ට් පැක්වලින් සමන්විත කොහොඹ බේබි නිෂ්පාදන පෙළ දිගු කාලයක් පුරා ඵලදායී බව පරීක්ෂා කරන ලද ශාකසාර අමුද්‍රව්‍යවල සංකලනයන් අඩංගු වන අතර එසේ දේශීය වෙළෙඳපොළේ  ඇති එකම නිෂ්පාදන පෙළ ස්වදේශී කොහොඹ බේබි වේ. ස්වදේශී නිෂ්පාදන, දිනෙන් දින වර්ධනය වන යහපත් සෞඛ්‍ය, සනීපාරක්‍ෂාව, ආරක්‍ෂාව සහ සමේ මෘදු බව සඳහා ස්වභාවධර්මයට හිතකර නිෂ්පාදන සොයන වෙළඳපොළ කොටසකට සේවා සපයයි.

ස්වදේශී හි අපි 1941 සිට සමට සුමුදු ශාකසාර සබන් නිෂ්පාදනය කරන අතර, පාරිභෝගිකයින්ට වටිනාකමක් එක් කිරීම සඳහා පොල් කිරි, රත්මල් ,වෙනිවැල්, සහ අලිගැටපේර වැනි ස්වභාවධර්මයේ හොඳම ශාකසාර අමුද්‍රව්‍ය සමඟ කොහොඹ බේබි සන්නාමය හඳුන්වා දී ඇත්තෙමු. පරම්පරා ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද කොහොඹ (මාර්ගෝසා), කොකනට් මිල්ක්, කෝමාරිකා, රත්මල්, වෙනිවැල්, සහ අලිගැටපේර වැනි ස්වභාවධර්මයේ හොඳම දායාදයන් කිහිපයකින් කොහොඹ බේබි සබන් සමන්විත වේ. මේවා සම පිරිසිදු කිරීම,  සමේ තෙතමනය රැක දීම සහ මෘදු, සුසිනිඳු සමක් සහතික කිරීම මෙන්ම දරුවාගේ මෘදු සමේ ආරක්ෂාව  සඳහා භාවිතා කරයි. කොහොඹ බේබි ළදරු සබන් සමේ තෙතමනය සුරකියි. සුමුදු සුවදැති සුව දෙයි.

නව කොහොඹ බේබි මිල්ක් සබන් – කොහොඹ (මාර්ගෝසා), කොකනට් මිල්ක් සහ කෝමාරිකා සාරයෙන් ද, කොහොඹ බේබි රත්මල් සබන්, කොහොඹ (මාර්ගෝසා), රත්මල් සහ ඔලිව් තෙල්වලින් ද කොහොඹ බේබි වෙනිවැල් සබන් – කොහොඹ (මාර්ගෝසා), වෙනිවැල්, මී පැණි සහ ආමන්ඩ් ඔයිල් සමඟින් ද, කොහොඹ බේබි ඇවකාඩෝ සබන්, කොහොඹ (මාර්ගෝසා), ඇවකාඩෝ සහ ඔලිව් ඔයිල් ද, අන්තර්ගත වේ. මෙම  කොහොඹ බේබි   සබන් නිෂ්පාදන පෙළ සුදු, රෝස,  අයිවරි සහ කොළ පැහැ මුදු වර්ණ පහකින් යුත් නව ආකර්ෂණීය ඇසුරුමින් යුක්ත වේ.

කොහොඹ (නීම්/මා(ර්)ගෝසා) Neem/Margosa) – දරුවාගේ සම ස්වභාවිකව විෂබීජවලින් ආරක්ෂා කරයි. පොල් කිරි,සමේ තෙතමනය ආරක්ෂා කර මෘදු හා නම්‍යශීලී සමක් ඇති කරයි. ළදරු සබන්වල කොකනට් මිල්ක් සමේ තෙතමනය රැක දීමට වඩා වැඩි යමක් කරයි. කොකනට් මිල්ක් සමේ වියළි බව, කැසීම, ඉදිමීම සහ රතු පැහැ වීමට එරෙහිව සටන් කර සම සමනය කරමින්  ළදරුවන්ට නිරෝගී සමක් ලබා දෙයි. සියවස් ගණනාවක් තිස්සේ පුරාණ ශ්‍රී ලාංකේය මව්වරුන් විසින් ළදරුවන්ව කිරි ස්නානය කරවා තිබේ.

කෝමාරිකා මගින් ළදරු සමේ තෙතමනය ආරක්ෂා කරයි, රත්මල්,  දරුවාගේ සම සුසිනිඳුව සිසිලසින් තබයි. ස්වාභාවික විටමින් E ඇතුළත් ඔලිව් තෙල් සහ ආමන්ඩ් තෙල් දරුවාගේ සම පෝෂණය කරයි. මී පැණි දරුවාගේ සම බැක්ටීරියා හා දිලීර ආසාදනවලින් ආරක්ෂා කරයි, අලිගැට පේර දරුවාගේ සමට තෙතමනය ලබා දෙමින් සම පෝෂණය කරයි.

කොහොඹ බේබි සබන් ළදරුවාගේ සමේ ඇති වන ආසාත්මිකතාවලින් ආරක්ෂා කරන අතර සමට අත්‍යවශ්‍ය පෝෂණය සපයයි. හොඳම ඖෂධීය  ශාකසාරවලින් අනූන දේශීය වෙළඳපොලේ ඇති එකම ශාකසාර  ළදරු සබන් කොහොඹ බේබි සබන් වේ. සම මෘදු ගුණයෙන් සනසන නව සුවඳ සමඟින් එය වැඩි දියුණු කර ඇත.  ළදරුවාගේ සම පිරිසිදුව, නිරෝගීව, මෘදුව, සෞම්‍යව සහ සමේ තෙතමනය ආරක්ෂා කරන, නැවත හඳුන්වා දෙන කොහොඹ බේබි ශාකසාර ළදරු සබන් දරුවාගේ සනීපය සහ සුව පහසුව සලසන බව ස්වදේශී සමාගම පවසයි.

ප්‍රධානතම ශාකසාර අමුද්‍රව්‍ය වන කොහොඹ ශ්‍රී ලංකාවේ මව්වරුන් විසින් සියවස් ගණනාවක් පුරා භාවිතා කරන ලද්දකි. වසර 80 වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ශාකසාර සත්කාරක නිෂ්පාදන විශේෂඥයා වන  ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙම ඖෂධීය ශාකසාර ප්‍රවේසමෙන් තෝරා, උසස් ප්‍රමිතියෙන් යුත් හොඳම ශාකසාර නිෂ්පාදන එකතුව ඔබට ලබා දී ඇත්තේ මවු සෙනෙහසේ විශ්වාසය තහවුරු කරමිනි. මෙම ශාකසාර ඖෂධ ළදරුවන් නැහැවීමේ දී, ස්වභාවිකවම විසබීජ සෝදා ඉවත් කිරීම සඳහාත්, සෑම විටම සම සුමුදුව තබා ගනිමින් ආරක්ෂා කිරීමටත් භාවිතා කර ඇත.

ශ්‍රී ලංකාවේ  පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක්   භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී  කොහොඹ  බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය වෙජිටේරියන් සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින්  අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ඉහළම තත්ත්වයේ ගුණාත්මක බවින් යුතු ස්වදේශී නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීම, සංවර්ධන හා පර්යේෂණ සඳහා සමාගම කරන ලද ආයෝජන මැනවින් පිළිඹිබු කරන්නක් වන අතර,  ISO 9001 – 2015 ප්‍රමිතීන් යටතේ සහතික කරන ලද අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක් ද ස්වදේශී කර්මාන්තායතනය සතු වෙයි.

ස්වදේශී විසින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී  කොහොඹ  බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්,  බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, ස්වදේශී ෂවර් ජෙල්  නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.   සමාගම ප්‍රමුඛතම ශාකසාර සන්නාමය වන කොහොඹ හර්බල් සහ රුවින් දිදුලන සන්නාමය වන රාණි සඳුන්  නිෂ්පාදනය කර අලෙවි කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *