Toyota Lanka 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ

Toyota Lanka (පෞද්ගලික) සමාගම පසුගියදා සිය 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Shangri La Hambantota Resort & Spa හිදී පවත්වනු ලැබූ අතර Toyota Genuine Motor Oil, Genuine Toyota අමතර කොටස්, PIRELLI සහ Accelera Tyres බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද අලෙවි නියෝජිතයින් 300කට අධික පිරිසක් මෙහිදී ඇගයීමට ලක්විය. Faster. Stronger. Forward. යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වූ අතර Toyota Tsusho Corporatioin සහ PIRELLI India Regionහි විශේෂ නියෝජිතයින්ද මේ සඳහා සහභාගී විය.

2022/2023 මූල්‍ය වර්ෂය තුළ සුවිශේෂී විකුණුම් කාර්ය සාධනයක් අත්කර ගත් අලෙවි නියෝජිතයන් සඳහා මෙම උත්සවයේදී සම්මාන පිරිනැමිණි. Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා සහ Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා විසින් කාණ්ඩ හයක් යටතේ ජයග්‍රාහකයින් හට මුදල් ත්‍යාග පිරිනමන ලදී.  

විශිෂ්ට කාර්ය සාධන අංශයේ ඉහළම සම්මානය Auto World (Pvt) Ltd හිමිකරගත් අතර අනුශූරතාව Sterling Automobiles Lanka (Pvt) Ltd සතුවිය. Rukmal Motors විසින් Service & Garage කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර, Viskam Motors Service Center (Pvt) Ltd අනුශූරතාව හිමිකරගන්නා ලදී. 

Auto Miraj සමූහය Service Chain කාණ්ඩයේ ඉහළම ගෞරව දිනාගත් අතර අනුශූරතාව Carepoint සමූහය දිනාගන්නා ලදී. Pathma Motor Stores (Pvt) Ltd හොඳම සිල්ලර හවුල්කරු ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබූ අතර Wimal Motors වෙත අනුශූරතාව හිමිවිය. හොඳම PIRELLI ටයර් සහකරු සහ Accelera හොඳම කාර්ය සාධනය යන කාණ්ඩ දෙකෙහිම ජයග්‍රහණය Stevans International (Pvt) Ltd සතුවූ අතර Olympic Tyre House (Pvt) Ltd. සහ Sandagiri Tyre & Battery Works අනුශූරයන් බවට පත්විය. 

Toyota Lanka (Private) Ltd විසින් යාවත්කාලීන කරන ලද ඇසුරුම් සහිත Toyota Genuine Motor Oil හි නවතම මාදිලිය හඳුන්වාදීම මෙන්ම නවතම Accelera Tyres හඳුන්වාදීම ද මෙම උත්සවයේදී සිදුකරන ලදී.  මෙම ටයර් නවීන තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කර ඇති අතර ඒවා දැරිය හැකි මිලක්, ආරක්ෂාවක් සහ උසස් තත්ත්වයකින් යුක්තවේ. Toyota Lanka (Private) Ltd යනු Toyota Genuine Motor Oil සහ Accelera Tyres යන දෙකෙහිම බලයලත් බෙදාහරින්නා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *