මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා NCQP සම්මාන 21කින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  ඇගයෙයි.

ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා දියුණුව සඳහා වූ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2023 – තත්ත්ව සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මුතිය (NCQP) සම්මාන ප්‍රදානෝත්සවයෙ හි විශිෂ්ටතම ජයග්‍රාහකයා ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පත්ව ඇත. “නවෝත්පාදන තත්ත්ව විසඳුම් ඔස්සේ තිරසාර සංවර්ධනයක්” යන තේමාව යටතේ නිෂ්පාදන සහ සේවා අංශය තුළ ගුණාත්මකභාවය සහ ඵලදායිතාවයේ කැපී පෙනෙන ජයග්‍රහණ හඳුනා ගැනීම මෙම උත්සවයේ අරමුණයි.

Cross Functional Teams (CFT) හි කොටසක් ලෙස අඛණ්ඩ වැඩි දියුණු කිරීම් අංශයෙන් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සම්මාන 25ක් හිමි කර ගැනීමට සමත් විය. මෙසේ හේමාස් විසින් රන් සම්මාන 15ක්, රිදී සම්මාන 7ක් සහ ලෝකඩ සම්මාන 03ක් දිනා ගනු ලැබීය. ගුණාත්මකභාවය සහ ඵලදායිතාව වෙනුවෙන් පර්යේෂණාත්මක ගමන් මඟක් අනුගමනය කළ හේමාස් හි නොසැලෙන කැපවීම මෙමගින් පෙන්නුම් කරයි.  අඛණ්ඩ වැඩි දියුණු කිරීම හා බැඳුණු සිය දර්ශනය තුළින් විශ්වසනීයත්වයෙන් යුත් තත්ව පද්ධති හා  අපද්‍රව්‍ය ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විද්‍යාත්මක රාමුවක් භාවිතා කරමින් නව්‍යකරණයට සහ ගැටලු  නිරාකරණයට හේමාස් විසින් නිෂ්පාදන අංශයේ  කණ්ඩායම් දිරිමත් කර ඇත.

විධායක නොවන කාර්ය මණ්ඩලය හඳුනා ගැනීම සඳහා කැප වූ එකම දේශීය සම්මාන ප්‍රදානෝත්සවය ලෙස NCQP සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙයි.  විවිධ කාණ්ඩ හරහා කණ්ඩායම් 400ක් මෙවර තරඟය සඳහා සහභාගී විය. මෙහෙයුම් විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර අනාගතයක් සඳහා හොඳම භාවිතයන් ක්‍රියාත්මක කිරීමට සේවකයින් බල ගැන්වීම සඳහා NCQP සම්මාන වටිනා කාර්යභාරයක් ඉටු කරයි. එහි ජයග්‍රාහකයෙකු වීම හේමාස් හට අභිමානයක් වේ. පසුගිය වසර තුළ, කණ්ඩායම් 100ක් සමඟ අභ්‍යන්තර තරඟයක් හේමාස් විසින් පැවැත් වූ අතර, විධායක නොවන කාර්ය මණ්ඩලයෙන් සමන්විත හොඳම කණ්ඩායම් 25, NCQP සම්මාන උළෙල සඳහා තරඟ කිරීමේ වරප්‍රසාදය ලබා ගත්හ.

මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි නිෂ්පාදන අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය මහතා “මෙම වසරේ අපගේ ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ පාර්ශවකරුවන්ගේ ජයග්‍රහණ සඳහා අපගේ අසීමිත කැපවීම අවධාරණය කරන, මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා වූ මෙම සුවිශේෂී සම්මානය ලබා ගැනීමට හැකි වීම පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා. මෙම ජයග්‍රහණය FMCG අංශය සඳහා විශේෂයෙන් වැදගත් වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අපගේ වටිනා සේවකයින්ගේ උද්යෝගය සහ කැපවීම පිළිබඳව අප ආඩම්බර වෙනවා. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය පාරිභෝගිකයන්ට නව්‍ය සහ තිරසාර ගුණාත්මක විසඳුම් ලබා දීමට කැප වී සිටින අතර, ඊට සමගාමීව සමාගමේ වර්ධනය සහ ලාභදායිත්වය වෙනුවෙන් ද කටයුතු කරනවා. අප අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වයේ, සාර්ථකත්වය උදෙසා ක්‍රියා කරන විට අපගේ මූලික වටිනාකම් සඳහා වූ හේමාස් හි නොසැලෙන කැපවීම අපට අඛණ්ඩව මඟ පෙන්වනවා. මෙම ගමන ආරම්භ කිරීමටත්, අනාගතය වෙත පිය නැගීමටත් අපි උද්‍යෝගයෙන් බලා සිටිනවා.” යනුවෙන්  සිය අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *