Diva දෑතට දිරියක් උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් බලගන්වයි

Diva දෑතට දිරියක් පුහුණු සැසියන්ගේ මුලික අරමුණ වනුයේ මෙරට ව්‍යවසායක කාන්තාවන් ඔවුන්ගේ ව්‍යාපාර හා සේවා වර්ධනය කරගැනීම උදෙසා දිරිගැන්වීමයි. මෙම පුහුණු සැසියන් හරහා කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය සම්පත් සහ පුහුණු අවස්ථා ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික අවස්ථා වර්ධනය කරගැනීම වෙනුවෙන් ස්වයං හැකියාවන් ඉහළ නැංවීමට කටයුතු කරයි.

Diva සමඟ Women in Management (WIM) සහයෝගීව දංකොටුව ප්‍රදේශයේ පැවැති මුලික සැසිය සාර්ථකව නිමකිරීමෙන් පසුව, එහි දෙවැනි සැසිය යාපනයේ දී ක්‍රියාත්මක කරන ලදී.

නිෂ්පාදකයාගේ සිට ව්‍යවසායකයින් දක්වා මනෝභාවය පරිවර්තනය, මූල්‍ය කළමනාකරණය, පොත් තැබීම හා මිලකරණය,  අලෙවිකරණ සහ පාරිභෝගික සත්කාර, ඩිජිටල් වෙළඳපල හා වෙළඳ නාමකරණය වැනි පුළුල් මාතෘකා අවධාරණය කරමින් මෙම පුහුණු වැඩසටහන් පහක් පවත්වන ලදී.

පුහුණු සැසි උදෙසා සහභාගීවුවන්ගේ ප්‍රගති සමාලෝචනය කරමින් ඇගයීමේ වැඩසටහනක් ඉකුත් දා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම උත්සවයේදී පුහුණුව අවසන් කරන ලද කාන්තා ව්‍යවසායිකාවන් 51 දෙනෙකු හඳුනාගන්නා ලද අතර, එසේම මෙම වැඩසටහනට සම්බන්ධ වන ව්‍යවසායිකාවන්ගේ ප්‍රගති සමාලෝචනය නිරික්ෂණය දිර්ඝකාලීනව සිදුකිරීමට නියමිතය. ඉහළම දක්ෂතා පුර්ණය කරන කාන්තා ව්‍යවසායකයින් තිදෙනාට ඔවුන්ගේ ව්‍යවසායක ගමනට සහයවීම හා ඉදිරියට පවත්වාගෙන යෑමට මූල්‍ය දායකත්වය ලබාදෙනු ඇත.

Hemas Consumer Brands පිළිබඳ ව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් නිෂ්පාදකයා වන Hemas Consumer Brands ශක්තිමත් අරමුණු සහිත ව  ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන හා භාවිතයන් තුළින් වසර ගණනාවක් පුරා මෙරට පාරිභෝගික හදවත් දිනා ඇති සමාගමකි. Hemas Consumer Brands ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සිය නිෂ්පාදන පෙළ හරහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය පෞද්ගලික සත්කාරක විසඳුම් රැසක් ගෙන එයි. සිය නවෝත්පාදන කණ්ඩායම් හරහා වෙළෙඳපොළ  විවිධ අවශ්‍යතා සඳහා සරිලන සම්මානලාභී දේශීය නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට එම සමාගමට හැකියාව ලැබී තිබේ. Hemas යනු සිය ගුණාත්මක නිෂ්පාදන තුළින් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින්, පරිසර හිතකාමී ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින සමාගමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *