ජනශක්ති ලයිෆ් වෙතින් ඉතුරුම් සඳහා විප්ලවීය වෙනසක්

ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, සිය රක්‍ෂණ කළඹට ඩ්‍රීම් සේවර් නමින් ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් විසඳුමක් මෑතකදී හඳුන්වාදෙන ලදී. 

මෙම නව්‍ය ඉතුරුම් විසඳුම ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සහිත මධ්‍ය කාලීන හෝ දිගුකාලීන ආයෝජන සඳහා අවස්ථාව සලසාදෙන අතර එය ජීවිත රක්ෂණාවරණයක් සහ හදිසි අනතුරු මරණ ආවරණයක් සමඟින් සහතික කළ වෙළඳපොළ ඉහළ ලාභාංශ අනුපාතයක් සපයන තනි වාර්ෂික සැලසුමකි. රු. මිලියන 1ක අවම ආයෝජන මුදලකින් ආරම්භ කළහැකි මෙම ආයෝජන අවස්ථාව, ස්ථාවර තැන්පතු ඇති පුද්ගලයන්ට මෙන්ම EPF සහ ETF අරමුදල් සඳහාද වඩාත් සුදුසු වන්නේ, ලාභාංශ ලබාගත හැකි වාර ගණන තම අභිමතය පරිදි  තීරණය කළහැකි බැවිනි.

“අපි ඉතාමත් සතුටු වෙනවා මෙවැනි ඉතුරුම් සැලැස්මක් අපේ ගනුදෙනුකරුවන්ට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව. ඩ්‍රීම් සේවර් කියන්නේ ඉහළ ප්‍රතිලාභයක් සහිත ආයෝජනයක්. එමනිසා මෙම නව්‍ය ඉතුරුම් විසඳුම අපගේ ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා මුල්‍ය කටයුතු වලට රුකුලක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.

“අද කාලයේ මෙම වේගයෙන් වෙනස් වන පරිසරය තුළ පාරිභෝගිකයින්ගේ ක්ෂණික අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ඩ්‍රීම් සේවර් අපේ ගනුදෙනුකරුවන්ට විශේෂයෙන් හඳුන්වා දෙන්නේ මූල්‍ය ස්ථාවරත්වය සඳහා මධ්‍යම හා දිගු කාලීන සැලැස්මක් ලෙසිනුයි. මූල්‍යමය වශයෙන් අභියෝගාත්මක කාලවලදී අප ප්‍රජාවට ශක්තියක් වීමට සහ මූල්‍ය අන්තරායන්ගෙන් ආරක්ෂාවීමට අපගේ විශේෂඥතාව සහ නව්‍ය ශක්තිය මෙලෙසින් අපි අඛණ්ඩව ලබාදෙනවා.” ඔහු තවදුරටත් පැවසුවේය.

‘ජීවිත නඟා සිටුවමින් සිහින සවිබල ගැන්වීම’ යන ආයතනික අරමුණ වෙනුවෙන් කැපවෙමින්, ජනශක්ති ලයිෆ් සෑම විටම තම පාර්ශවකරුවන්ට සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුතු සේවා ලබා දීමට උත්සාහ කරයි. ඒ වෙනුවෙන් පාරිභෝගිකයින්ගේ ජීවිත වල සෑම අදියරකදීම වෙනස්වන අවශ්‍යතා හඳුනාගනිමින් ඒවාට සරිලන පෙරළිකාර රක්ෂණ විසඳුම් සහ සේවාවන් හඳුන්වාදීමට නිතැතින් ක්‍රියා කරයි. පාරිභෝගිකයින්ගේ පමණක් නොව තම සේවකයින්ගේද සිහින සහ අපේක්ෂාවන් වර්ධනය කර ගැනීමට සහ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පහසුකම් වලින් සපිරි සේවා පරිසරයක් ලබා දීමට ජනශක්ති ලයිෆ් සෑමවිටම උත්සහ කරයි.

මෑතකදී ලන්ඩනයේ පිහිටි කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) වෙතින් ‘2022 ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂකයා’ ලෙස ජනශක්ති ලයිෆ් ගෝලීය වශයෙන් ඇගයීමට ලක් වූ අතර මෙම ගෞරවනීය පිළිගැනීමත් සමඟ ආර්ථිකයේ වර්ධනයට සැළකිය යුතු දායකත්වයක් ලබාදෙන සහ තම පාර්ශ්වකරුවන් සඳහා සැබවින්ම අගය එකතු කරන ආයතනයක් ලෙස  ජනශක්ති ලයිෆ් කීර්තියට පත්විය. 2022 දී සිය කීර්ති නාමය වර්ධනය වීමත් සමඟ ‘ශීඝ්‍රයෙන් ම වර්ධනය වන ශ්‍රී ලාංකීය සන්නාම 10’ න් එකක් ලෙස ජනශක්ති ඉන්ෂුවරන්ස් ලැයිස්තුගත වූ අතර TOP 10 ලැයිස්තුවට ඇතුළත් වූ එකම රක්ෂණ සන්නාමය ද වීම කැපී පෙනේ.

එමෙන් ම 2021 වසරේ පැවැත් වූ තුන් වන  ‘ICC Emerging Asia Insurance Awards’ රක්ෂණ සම්මාන උළෙලේදී, හොඳ ම රක්ෂණ විසඳුම් සමඟින් කලාපීය රක්‍ෂණ ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට දක්වන ලද දායකත්වය වෙනුවෙන් ‘රක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය දිනාගැනීමට ද ජනශක්ති ලයිෆ් සමාගම සමත් විය. තවද 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් මොබයිල් ඇප්, ‘වසරේ මොබයිල් ඇප්’  ලෙස සම්මානයට පාත්‍ර විය. ඉතා සංකීර්ණ තෝරාගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ලබාගත් මෙම ජයග්‍රහණ රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමකට ලක්වේ.

වසර 28ක කාලයක් පුරා, ජනශක්ති ලයිෆ් පීඑල්සී මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසවන්ත මෙන්ම ශක්තිමත් ආයතනයක් ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් වී ඇත. ජනශක්ති ලයිෆ් සමාගම 75 කට අධික දීප ව්‍යප්ත සිය  ශාඛා  ජාලය හරහා සෑම තරාතිරමක ම පුද්ගලයින් වෙත  අද්විතීය රක්ෂණ සේවාවක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.

ඡායාරූප විස්තරය:

ජනශක්ති ලයිෆ් හී අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ අලෙවි අංශ ප්‍රධානී ජූඩ් සිල්වා උත්සවයේදී රැස්ව සිටි පිරිස අමතමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *