2023 අප්‍රේල්මස ට්‍රැක්ටර්වෙළඳපොළෙහි ඉහළම කොටස්හිමිකාරිත්වය හේලීස්ඇග්රිකල්ච (Hayleys Agriculture) තහවුරුකරයි

මෝටර් රථ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ (RMV) නවතම සංඛ්‍යාලේඛන වලට අනුව, 2023 අප්‍රේල් මස තුළදී වැඩිම ට්‍රැක්ටර් ප්‍රමාණයක් අලෙවි කරමින්, දේශීය ට්‍රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය තහවුරු කර ගැනීමට හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සමත්වී ඇත. මෙහිදී, Kubota සහ E-Kubota සන්නාම යටතේ එන ට්‍රැක්ටර් අලෙවියෙන් මුළු ට්‍රැක්ටර් විකුණුම්වලින් 52% ක සහ රෝද හතරේ ට්‍රැක්ටර් (4WD) විකුණුම්වලින් 70.4% ක වෙළඳපොළෙ කොටස් හිමිකාරිත්වයක් හේලීස් ඇග්රිකල්ච (Hayleys Agriculture) සමාගම තහවුරු කරගන්නා ලදී.

දශක ගණනාවක සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාව හේලීස් ඇග්රිකල්ච (Hayleys Agriculture) සමාගම ඔවුන්ගේ ප්‍රියතම සහ විශ්වසනියම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු ලෙස තවදුරටත් ප්‍රමුඛස්ථානයේ තබන බවට මෙම දත්ත මනාවට සාක්ෂි දරයි. මේ සඳහා මූලිකම හේතුවී ඇත්තේ උසස් ප්‍රමිතියේ නිෂ්පාදන සඳහා හේලීස් ඇග්රිකල්ච (Hayleys Agriculture) සමාගමෙහි ප්‍රධානතම ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස ජපානයේ Kubota Corporation සමඟ ඇති විශ්වසනීය බැඳීමත්, හේලීස් ඇග්‍රිකල්ච සමගමේ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා සැපයීමත්, තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා සමාගමෙහි ඇති කැපවිමත්ය. උසස් තත්ත්වයේ ට්‍රැක්ටර් වලට අමතරව හේලීස් ඇග්රිකල්ච (Hayleys Agriculture) සමාගම මගින් ජපානයේ Kubota Corporation හි නිෂ්පාදිත උසස්ම තාක්ෂණයෙන් යුත් ඒකාබද්ධ අස්වනු නෙළන යන්ත්‍ර (Paddy Combine Harvester), ගොයම් පැල සිටුවන යන්ත්‍ර (Paddy Transplanter), නියර බඳින යන්ත්‍ර (Bund Maker) ඇතුළුව අති නවීන යන්ත්‍රෝපකරණ රැසක් මේ වන විට දේශීය වෙළඳපොළට හඳුන්වාදී ඇත.

හේලීස් අග්රිකල්ච (Hayleys Agriculture) මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන අතර, නව තාක්ෂණික විසදුම් හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම කෙරෙහි නිරතුරුවම  සිය අවධානය යොමු කරයි. මෙලෙස ගොවි බිම් යාන්ත්‍රිකරණය කිරීමට දායක වීම තුලින් කෘෂිකාර්මික ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවා දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමත්, ඒ හරහා දේශීය ආර්ථිකය සිවිබල ගැන්වීමත් හේලීස් අග්රිකල්ච (Hayleys Agriculture) හි අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *