අඛණ්ඩව 6 වැනි වරටත් හච් ඩිජිටල් “වෙසක් දීමනා”

‘දානය  ̓ කෙරෙහි නිරතුරුවම සැබෑ ලෙස කැප වන හච්,‍් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,‍ අඛණ්ඩව 6 වැනි වරටත් ඩිජිටල් “වෙසක් දීමනා” වැඩසටහන දියත් කරමින්, සිය පාරිභෝගකයින් හට සුවිශේෂී දීමනා පිරි නැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020 මැයි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හච් පාරිභෝගිකයින් හට මෙම ඩිජිටල් වෙසක් දීමනා ලබා ගැනීමට අවකාශ සැලසෙනු ඇත.  

මෙම දීමනාව ලබා ගැනීම සඳහා හච් පාරිභෝගිකයින්ට *311# අංකනය කිරීමෙන් හෝ HUTCH Self Care App මගින් හැකියාව පවතී. 072/078 අංක භාවිත කරන සෑම හච් පාරිභෝගිකයකු හටම 200MB ක්, විනාඩි 30 ක් දක්වා නොමිලේ ඇමතුම් කාලයක් හා එස්. එම්. එස් 30 ක් වෙසක් දීමනා මගින් පිරි නැමේ.

රටේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හච් විසින් www.hutch.lk වෙබ් අඩවියෙහි වෛවර්ණ ත්‍රිමාණ සජීවීකරණ තොරණක් ද ප්‍රදර්ශනය කෙරේ. නරඹන්නන් සියලු දෙනාට ඊට ප්‍රවිශ්ඨ විය හැකි අතර, ඔවුන්ට, ඔවුන්ගේ පවුල්වල අයට හා රටට ආශිර්වාද ලබා ගත හැකි ඩිජිටල් පූජාවක් වශයෙන්, මනස සන්සුන් කරවන රතන සූත්‍ර සජ්ජායනයටද සවන් දීමේ හැකියාව පවතී. බුදුන් දවස විසාලා මහනුවර වසංගත තත්ත්වය හේතුවෙන් පැවති මරණ බිය, රෝග බිය හා අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීමට රතන සූත්‍ර දේශනාව ඉවහල් වූ බව පැවසේ. 

සෑම කෙනෙකුම නරක ක්‍රියාවන්ගෙන් මිදී කටයුතු කරන හැටියටත්, කරුණාවන්තව සහ යහපත් අරමුණින් යුක්තව කටයුතු කරන ලෙසටත් පොළඹවන ‘‘ගණ්ඩ තින්දු ජාතක’’ කතා වස්තුව නිරූපණය කරන ඩිජිටල් තොරණ වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට හච්, නෙත් එෆ්. එම් නාලිකාව හා අත්වැල් බැඳගෙන සිටියි.

මේ වසරේ වෙසක් වැඩසටහනට තවත් විචිත්‍රත්වයක් එක් කරමින් සිය ග්‍රාහකයින් හට නිවෙස්වල රැඳී සිටීම තවදුරටත් දිරිගැන්වීම පිණිස, හච් විසින් ඩිජිටල් වෙසක් පහන් කූඩු තරඟයක්ද සංවිධානය කර තිබේ. නිවෙස්වල සාදන ලද වෙසක් පහන් කූඩුවල පින්තූර පළ කිරීම මගින් ආකර්ෂණීය තෑගි දිනා ගැනීමට මෙමගින් හච් ග්‍රාහකයින් හට අවස්ථාව සැලසේ.

“පවතින වසංගත තත්ත්වයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මහජනතාවට මෙවර වෙසක් සැමරුම් සුපුරුදු ආකරයට පැවැත්වීමට හැකියාවක් නැති බව අපට අවබෝධ වුණා. අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ආදරණීයයන් හා සම්බන්ධ වී සිටීමට සහය වන අතරම, ආගමික කටයුතුවල නියැලීමට අවකාශ පුළුල් කරමින් ඩිජිටල් වෙසක් දීමනා පිරි නැමීමට හැකි වීම අපට ගෞරවයක්.” හච් ජ්‍යෙෂ්ඨ අලෙවි නිලධාරී ඉරංග අමන්දකෝන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *