කුමාරිකා හිස නිවන ගිමන්හල මිහින්තලයේ දී

ශ්‍රී ලංකාවේ හිසකෙස් සම්බන්ධ සන්නාම අතර ප්‍රමුඛතම සන්නාමයක් වන “කුමාරිකා හෙයා ඔයිල්” හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ගෝලීය වෙළඳපොළ පවා ජය ගත් ප්‍රධාන සන්නාමයකි. සිය සමාජ වගකීම් ඉටු කිරීමේ එක් අංගයක් ලෙස අඛණ්ඩව වසර කිහිපයක් පුරාවටම මිහින්තලය පුද බිම වෙත පැමිණෙන වන්දනාකරුවන් වෙත සහනයක්, සුව පහසුවක්  ලබා දීමට  විවිධාකාර ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් කරන ලදි. මෙම අඛණ්ඩ ප්‍රයන්තයේ මෙම වසරේ දිගුව ලෙස  “කුමාරිකා හිස නිවන ගිමන්හල්” සංකල්පය යටතේ  ප්‍රජා සත්කාරක වැඩසටහනක් මිහින්තලය පුද බිම තුළ ක්‍රියාවට නංවන ලදි.

 මෙම මුලපිරීම වන්දනාකරුවන්ට සහනයක් සැපයීමේ අභිමතාර්ථය මෙන් ම වන්දනාකරුවන් හා කුමාරිකා සන්නාමය සමඟ ඇති දිගු කාලීන ලබැඳි සබඳතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගත් ප්‍රයන්තයකි.

“කුමාරිකා හිස නිවන ගිමන්හල” වැඩසටහන 15,000කට අධික වන්දනාකරුවන් වෙත කුමාරිකා හෙයා ඔයිල් භාවිතයට ලබා දෙමින් 750කට අධික වන්දනාකරුවන්ට විවේක සුවය හා හිසට සිසිලසක් ලබා දීමට නොමිලයේ හිස සම්භාහන සත්කාරයක් සපයන ලදි. පානය කිරීමට පිරිසිදු පානීය ජලය ද  මෙම වැඩසටහන වෙතින් වන්දනාකරුවන්ට සැපයූ අතර, ගිමන්හල වෙත පැමිණි සියල්ලන්ට මතක සැමරුමක් ලෙසින්  කෝමාරිකා පැළ  නොමිලයේ ලබා දීම ද සිදු කරන ලදී.

වන්දනාකරුවන්ගේ වන්දනා ගමන සුව පහසු කිරීමට පැවැත් වූ මෙම මුලපිරීම,  විශාල ජනකායක් ආකර්ෂණය කර ගනිමින් ඔවුන්ගේ ප්‍රශංසා මතින් අති සාර්ථකව නිම විය. 

ශ්‍රී ලාංකේය ජනතාව සමඟ නිරන්තරයෙන් අත්වැල් බැඳ ගනිමින්, ඔවුන්ගේ හදවතට සමීපව කටයුතු කරන සන්නාමයක් වන කුමාරිකා, දේශීය පාරිභෝගික ජනතාව වෙත සමීපව කටයුතු කිරීමට විවිධ වැඩපිළිවෙල් රාශියක් ක්‍රියාත්මක කරයි.  එමෙන්ම “කුමාරිකා හිස නිවන ගිමන්හල”  හා සමාන තවත් මුලපිරීම් දිවයින පුරා ක්‍රියාවට නැංවීමට කුමාරිකා අපේක්ෂා කරන අතර, කුමාරිකා සමඟින් මෙවන් වැඩසටහන් ඔස්සේ ජනතාව වෙත තමන් සතු හොඳම නිෂ්පාදන අත්දැකීම් ලබා දීම මෙම ක්‍රියාවින්තයන් හි හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි මූලික අරමුණයි.    

Hemas Consumer Brands පිළිබඳව

Hemas Consumer Brands ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත. ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන් Hemas Consumer Brands ශ්‍රී ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි.

END

Leave a Reply

Your email address will not be published. Required fields are marked *