ඩීසල් එන්ජිමට වැඩි කාර්යක්ෂමතාවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට සමත් Mobil Delvac දැන් නව මුහුණුවරකින්

ලිහිසි තෙල් කර්මාන්තයේ මෙරට කීර්තිමත් ප්‍රමුඛතම සන්නාමයක් වන Mobil විසින් වැඩි කාර්යක්ෂමාවයක් සහ නව පෙනුමක් සමඟින් ඔවුන්ගේ  එන්ජින් ඔයිල් නිෂ්පාදන පෙළ නැවතත් වෙළෙඳපළට  හඳුන්වා දෙන ලදි. මෙම හඳුන්වාදීම යටතේ ඩීසල් එන්ජින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Delvac Modern සහ Delvac Legend යන සුවිශේෂී නවතම නිෂ්පාදනයන්  එළි දක්වා ඇත.

සින්තටික් තාක්ෂණය සහිත Mobil Delvac Modern සහ  විශේෂයෙන් සකස් කරන ලද Mobil Delvac Legend එන්ජින් ඔයිල් වර්ග ද්විත්වය ඩීසල් එන්ජින්වල අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වැඩි දියුණු  කර ඇත. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ ඩීසල් එන්ජින් ඔයිල් සඳහා පමණක්ම විශේෂ වූ  සන්නාම කිහිපයෙන් ප්‍රමුඛතම සන්නාමයක් වන  Mobil Delvac  යටතේ ඩීසල් එන්ජින්වල නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද පුළුල් නිෂ්පාදන මාලාවක්ම හඳුන්වා දී තිබේ.

Mobil හි ප්‍රමුඛතම ඩීසල් එන්ජින් ඔයිල් නිෂ්පාදනය වන Delvac 1 යනු වායු විමෝචන පාලන පද්ධති ඇතුළු නව සහ පැරණි එන්ජින්වල සුවිශේෂී කාර්යක්ෂමාවයක් ලබා දීම සඳහා සකස් කරන ලද මෙරට ඇති තත්ත්වයෙන් උසස් සින්තටික් ඩීසල් එන්ජින් ඔයිල් නිෂ්පාදනයකි. එමඟින් වාහන නිෂ්පාදකයින් බලාපොරොත්තු වන ප්‍රමිතිය සහ ගුණාත්මක බව වඩා ඉහළින් සපුරාලනු ලැබේ.

එන්ජින් ඔයිල් කර්මාන්තයේ වසර 90කට වැඩි පළපුරුද්ද සහ නවෝත්පාදන වෙනුවෙන් Mobil ලබා දී ඇති දායකත්වය නිසා ඩීසල් එන්ජින් සඳහා ප්‍රමුඛතම සන්නාමයක් බවට Mobil Delvac  ගෝලීය පිළිගැනීමක් දිනාගෙන ඇත. Mobil Delvac  ශ්‍රී ලංකාවේ විශාල වාණිජ ආයතන ද සිය ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමට යොදා ගන්නා අතර, මේ නිෂ්පාදන සතු සුවිශේෂී කාර්යක්ෂමතාවය සහ විශ්වාසනීයත්වය ක්ෂේත්‍රය තුළ තහවුරු කිරීමට හැකියාව ලැබී ඇත.

McLarens Lubricants Ltd හි සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න මහතා, උසස් තත්ත්වයේ ඩීසල් එන්ජින් ඔයිල්වල වැදගත්කම පිළිබඳව තම අදහස් බෙදාහදා ගනිමින් මෙසේ පැවසුවේය. “වාණිජමය කයටුතුවල නිරතවන විට ඔබේ ව්‍යාපාර අවශ්‍යතාවන් සඳහා භාවිත කරන එන්ජින් ඔයිල් වර්ගය ද ඔබේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනවා.  ඔබේ  ව්‍යාපාර කටයුතුවලදී ඔබ තත්ත්වයෙන් උසස් එන්ජින් ඔයිල් සඳහා ආයෝජනය කිරීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාව වර්ධනය කිරීම පමණක් නොව  එන්ජින්වල කල්පැවැත්ම සහ ගුණාත්මකබව ද ආරක්ෂා කරනවා. එම නිසාම  මිල අධික අමතර කොටස් යොදමින් නිතරම අලුත්වැඩියා  කිරීමේ අවශ්‍යතාවය ද අවම වන බැවින්  නඩත්තු කිරීම සඳහා වැය වන පිරිවැය  සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. “

Mobil Delvac විසින් සිය නිෂ්පාදන වෙළෙඳපල වෙත නැවත හඳුන්වාදීමේදී නිෂ්පාදන සඳහා භාවිත කර ඇති නවීන තාක්ෂණය සහ එහි වැඩි දියුණු කළ  ක්‍රියාකාරීත්වය පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම වෙනුවෙන් නව ඇසුරුම් ද සකස් කර තිබේ.එම නව ඇසුරුම්කරණය හරහා පාරිභෝගිකයන්ට ඔවුන්ගේ  අවශ්‍යතා සඳහා නිවැරදි Mobil Delvac නිෂ්පාදන හඳුනා ගැනීමේ සහ තෝරා ගැනීමේ පහසුව සලසා දී ඇති අතර නිෂ්පාදන සඳහා  ආකර්ෂණීය නැවුම් පෙනුමක් ද එකතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *