අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 64% කින් පහළ බසී

ඇස්තමේන්තුගත මාසික අපනයන සංඛ්‍යාලේඛනවලට අනුව 2020 අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 277.40 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2019 අප්‍රේල් මාසයේ අගය වූ ඩොලර් මිලියන 772.57 හා සැසඳීමේ දී 64.09% ක පහළ යාමක් වේ.

පසුගිය මාසයේ දී මෙලෙස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මෙලෙස පහළ යාම සඳහා ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 356.20 සිට ඩොලර් මිලියන 64.91 ක් දක්වා 81.78% කින් විශාල වශයෙන් පහත වැටීම විශේෂයෙන් බලපා තිබේ. එසේම තේ අපනයන ආදායම 20.81% කින් හා රබර් හා පොල් පදනම් කර ගත් අපනයන ආදායම් පිළිවෙලින් 53.46% ක් සහ 35.43% ක් වශයෙන් පසුගිය මාසයේ දී පහත වැටී ඇත.

මේ අතර වසරේ මුල් මාස 04 සලකා බැලීමේ දී සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 3,888.28 සිට ඩොලර් මිලියන 2,853.88 ක් දක්වා 26.60% කින් අඩු වී තිබේ.

මේ පිළිබඳ සංඛ්‍යා සටහනක් පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *