විශිෂ්ට දේශීය හා විදේශීය සම්මාන රැසකින් පිදුම් ලබමින් Fems 2024 වසර පිළිගනියි.

Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, 2023 වසරේ දී රටේ හොඳම නිෂ්පාදන සන්නාමයක් ලෙසින් නැගී එන ඉහළ පිළිගැනීමක් ඇති විශිෂ්ටතා සම්මාන මාලාවකින් පිදුම් ලැබීය. එහි සන්නාම ක්‍රියාකාරකම් උපායමාර්ගිකව ක්‍රියාත්මක කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා නව්‍ය ලෙස සපුරාලීමේ හැකියාව සන්නාමයට කාන්තා සනීපාරක්ෂක අංශයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස ස්ථානගත වීම සඳහා එහි වෙළෙඳපළ කොටස වර්ධනය කර ගැනීමට උපකාරී වී ඇත. ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික සබඳතාව, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ සමස්ත සන්නාම විශිෂ්ටත්වය යන අංශ හරහා ශ්‍රී ලංකාවේ සියලුම නිෂ්පාදන සන්නාම අතරින් නොනැවතී ඉදිරියටම යන සන්නාමයක් බවට  2023 වසරේ දී මෙසේ සම්මාන රැසකින් Fems සන්නාමය පිදුම් ලැබීම තුළින් මනාව  තහවුරු කරයි.  

2023 වසරේ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී Fems විසින් දිනා ගත් සම්මානයන්ගෙන්, ‘වසරේ නිෂ්පාදන සන්නාමය’ සඳහා වූ කීර්තිමත් රිදී සම්මාන‍යෙන් පිදුම් ලැබීම කැපී පෙනුණේ පාරිභෝගිකයින් සහ වෙළඳපොළ තුළ පවතින පිළිගැනීම පිළිබිඹු කරමිනි.  Fems වසරේ හොඳම ආයතනික සමාජ වගකීම් (CSR) සන්නාමය සඳහා රන් සම්මානයෙන් හා Fems ඇය හොඳම නව ප්‍රවේශය සඳහා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීම සන්නාමය සිය ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන්නකි. මින් පෙර SLIM DIGIS සම්මාන උළෙලේ දී Fems  විසින් ‘Digital Brand Bravery Merit Award’ සම්මානය දිනා ගැනීම Fems තව තවත්  ඉහළට ඔසවා තැබීමට සමත් විය. තවද,  SLIM Effies හි පුද්ගලික සත්කාර කාණ්ඩයේ සම්මානයෙන් ද Fems පිදුම් ලැබීය. 2023 වසරේ Top 50 Professional and Career Women ගෝලීය සම්මාන උළෙලේ දී Fems AYA ව්‍යාපෘතිය වසරේ හොඳම ප්‍රජා ව්‍යාපෘතිය ලෙස ගෝලීය පිළිගැනීමට පාත්‍ර වීම මෙම සම්මානයන් ජයග්‍රහණය කිරීමට සහය වී ඇත.

මෙරට කාන්තාවන්ගෙන් 70%කට ආසන්න සංඛ්‍යාවක් නිතිපතා සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන අභියෝගය ජය ගැනීමේ පළමු සන්නාමය වීම සඳහා  Fems දැරූ උත්සාහයන් ගෞරවයට පාත්‍ර වී ඇත. Fems විසින් සනීපාරක්ෂක තුවා දැරිය හැකි මිලකට ලබා දීම සඳහා 2021 වසරේ ජූනි මාසයේ දී, උසස් තත්වයේ සනීපාරක්ෂක තුවා 10ක් ඇතුළත් Fems AYA පැකට්ටුවක් හඳුන්වා දෙන ලද්දේ එවකට සනීපාරක්ෂක තුවා කාණ්ඩයේ අඩුම මිල වූ රුපියල් 99/=ක මිලකටයි. Fems,  ඔසප්  සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම, සනීපාරක්ෂක තුවා දැරිය හැකි මිලකට ලබා දීම සහ ඒ සඳහා පහසු ප්‍රවේශයක් ගොඩනැගීම ඇතුළත් ප්‍රධාන  ප්‍රවේශයන් 3ක් අනුගමනය කරයි. Fems විසින් මෙසේ 30,000කට අධික පවුල් සඳහා නිෂ්පාදනය වෙත පහසු ප්‍රවේශයක් ලබා දෙමින් ගණනය කළ නොහැකි තරම් කාන්තාවන්, තරුණියන් සහ ගැහැනු ළමුන් සවිබල ගන්වා ඇත.

සනීපාරක්ෂක තුවා  ලබා ගැනීමේ දී මුහුණ දෙන දුෂ්කරතා හා ඒ සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ ගැටලුවක් ඇති බව හඳුනා ගන්නා Fems, පාසල් සහ ආයතනවල සනීපාරක්ෂක තුවා බෙදා හරින ඒකක ස්ථානගත කර ඇත. ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධව ගොඩ නැගී ඇති ප්‍රධාන ගැටලු ලෙස ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් භාවය හා  ඔසප් සෞඛ්‍ය පිළිබද සමාජ දුර්මත හඳුනා ගත හැකිය.

පුරුෂ පාර්ශවය ද මෙම සංවාදයට එක් කර ගනිමින්, ඔසප් සෞඛ්‍ය පිළිබඳව පැරණි දුර්මතයන් බැහැර කිරීමට Fems  කටයුතු කරයි. Fems විසින් 2022 වසරේ දියණිවරුන්ගේ දිනය වෙනුවෙන් දියත් කළ, ඩිජිටල් ව්‍යාපෘතිය ඔස්සේ කාන්තාවන්ගේ ජීවිතයේ, මෙම පුරුෂ පාර්ශවයේ භූමිකාවේ වටිනාකම සම්බන්ධව ඉස්මතු කළේ, ඒ පිළිබඳව පළමුවෙන්ම   අවධානය යොමු කළ සන්නාමය බවට පත් වෙමිනි. විශේෂයෙන්ම සිය ඔසප් කාලය තුළ තම පියාට, සහෝදරයාට ආදී වශයෙන් පහසුවෙන් හා විවෘතව අදහස් ප්‍රකාශ කිරීම සඳහා Fems  ගැහැනු ළමුන්ව දිරිමත් කරයි.

ඔසප් සෞඛ්‍ය පිළිබඳව සමාජයේ පවතින ආකල්පය වෙනස් කිරීම, ඔසප් සෞඛ්‍ය යනු සාමාන්‍ය කායික ක්‍රියාවලියක් බව  ප්‍රචාරණය  කිරීමෙන් පටු සමාජ සම්මතයන් බිඳ දැමීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඔසප් රුධිරය නිරූපණය කිරීමට රතු පැහැය භාවිතා කරමින් වෙළඳ දැන්වීමක් ප්‍රථම වරට සිදු කළේ Fems විසිනි. මෙය අද වන විට අනෙකුත් සන්නාමයන් විසින් ද අනුගමනය කරන්නේ, ඔසප් රුධිරය එහි සැබෑම ආකාරයෙන් පෙන්වමිනි.

කාන්තාවන්ට තම සිහින ජය ගැනීම සඳහා ඇති එවන් බාධක හා සමාජ දුර්මතයන් ආමන්ත්‍රණය කරමින් Fems විසින් 2023 කාන්තා දිනයේ දී “I’m Unstoppable” ව්‍යාපෘතිය එම ප්‍රධාන ගැටලුවක් ඉස්මතු කරමින් දියත් කරන ලදී.

Fems විසින් 2023 මැයි මාසයේ දී, කාන්තාවන් වෙනුවෙන් සවිබල ගැන් වූ අනාගතයක් තහවුරු කිරීමට සන්නාමයේ අරමුණ මූලික කර ගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා H.E.R පදනම ස්ථාපිත කරන ලදී. තම ජීවිතයේ මුහුණ දෙන අභියෝග හමුවේ නැගී සිටීමට සියළුම කාන්තාවන්ට සහය වීම, සවිබල ගැන්වීම සහ හඳුනා ගැනීම සමඟින්, H.E.R පදනම එහි මෙහෙවර ලෙස ඔසප් දරිද්‍රතාව විසඳීමේ කාර්යභාරය ඉටු කරයි. කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය සහ දැනුවත් කිරීම් ඉහළ නංවමින් කාන්තාවන් සවිබල ගැන්වීමත් සහ අනාගත කාන්තා සහ ගැහැනු ළමුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට දිරි ගන්වයි.

සමාජ දුර්මත බිඳ දැමීමට සහ ඔසප් වීම පිළිබඳ සංවාදය සාමාන්‍යකරණය කිරීමේ  Fems හි  ප්‍රවේශයට පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත්, දත්ත මත පදනම් වූ පර්යේෂණ සහ ඉහළම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සුවිශේෂී දායකත්වයක් දක්වා ඇත.

Femsහි කැපී පෙනෙන කාර්යභාරය, ආදර්ශමත් නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණයන් සමඟින් පාරිභෝගිකයන් තුළ සිය සන්නාමය නැවත ප්‍රතිනිර්මාණය කරමින්, උසස් ප්‍රමිතීන්ට අනුකූල වන සේ, පාරිභෝගිකයා වෙත ප්‍රියතම විසඳුමක් ලබා දෙමින් සන්නාම විශිෂ්ටත්වයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *