ලොව ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා නිල සේවා සහකරු බවට Hayleys Aventura පත්වේ

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ගෝලීය වශයෙන් කීර්තිමත් ඩෙන්මාර්කයේ ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා ශ්‍රී ලංකාවේ නිල සේවා සහකරු වශයෙන් තේරීපත් වී තිබේ.

ඉහත සේවා සහකරු නිලනාමය යටතේ තේරී පත්වීමෙන් පසු පුළුල් පරාසයක් පුරා විහිදුණු අසමසම Grundfos නිෂ්පාදනයන් පිළිබඳ  තොරතුරු සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවන් හිමිවේ. ඒ හරහා  සේවාදායකයාට අලෙවියෙන් පසු අසමසම සේවාවක් සැපයීමටද හැකියාව ලැබී තිබේ.

Grundfos විසින් සපයනු ලබන යෝග්‍ය හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් මඟින්, Hayleys Aventura හි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ Grundfos නිෂ්පාදන සහය පිළිබඳ විශ්වාසදායක විශේෂඥයින් ලෙස කටයුතු කරමින් පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් කාර්යක්ෂමව සේවා සැපයීමට අවශ්‍ය දැනුම හා කුසලතා වලින් සවිබලගන්වා ඇත.

2014 වසරේ ආරම්භ වූ මෙම හවුල්කාරීත්වය, අලෙවියෙන් පසු සේවා ඇතුළුව ශක්තිමත් පාරිභෝගික වටිනාකමක් ලබාදීමේ Hayleys Aventura හි හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරයි.

” සුවිශේෂි විසඳුම් ලබාදීම සඳහා අපගේ කැපවීම ශක්තිමත් කරමින් Grundfos සමඟ අපගේ උපායමාර්ගික හවුල්කාරීත්වය තුළින් ශ්‍රී ලංකාවේ නිල සේවා සහකරු ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම සහයෝගීතාවය හරහා අපගේ සේවා හා හැකියාවන් වැඩිදියුණු කරමින්, නව ප්‍රමීතින් සකස් කරන ඉංජිනේරුමය විශිෂ්ටත්වය තුළින් පාරිභෝගික තෘප්තිය සහතික කිරීමේ අපගේ කැපවීම තහවුරු කරනු ලබනවා.” Hayleys Aventura හි බලශක්ති ඉංජිනේරු අංශයේ ප්‍රධානී තිළිණ බණ්ඩාර මහතා මෙසේ සිය අදහස් දක්වන ලදී.

CBS APAC හි ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය විකුණුම් කළමනාකාරිනී මීනා යොද්‍රායුබ් මහත්මිය මෙම සහයෝගීතාව පිළිබඳව මෙසේ සිය අදහස් එක් කරන ලදී. ” අපගේ මෙහෙවර වනුයේ සෑමවිටම ලෝකයට ප්‍රශස්ත ජල විසඳුම් ලබාදීමයි. මෙම හවුල්කාරීත්වය  Hayleys Aventura හි තවත් වටිනා හැකියාවන් ශක්තිමත් කරනු ඇත. දේශසිමා වලින් පිටත සිටින අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් වඩාත් හොඳ සම්බන්ධතාවයක් නිර්මාණය කිරීමට මේ හරහා හැකිවනු ඇත. අලෙවියෙන් පසු ඒ ආශ්‍රිත සේවාවන් හැසිරවීමට Hayleys Aventura හි ඇති සුවිශේෂිත්වය අපගේ ඉහළ ගෝලීය ප්‍රමිතින් යටතේ නිෂ්පාදිත පොම්ප වඩාත් විශ්වාසදායක සහ ඔරොත්තුදීමේ හැකියාවෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනැමීමට හැකිබව මම විශ්වාස කරනවා.”

ඉංජිනේරු තාක්ෂණය යොදාගනිමින් Hayleys Aventura විසින් දැනටමත් Grundfos නිෂ්පාදන හරහා දිවයින පුරා  මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, මෙරට විශාලතම රාජ්‍ය අංශයේ බැංකුවක ද මෙය දැනටමත් සාර්ථකව ස්ථාපනය කර තිබේ.

Grundfos පොම්ප ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක් මඟින් පාරිභෝගිකයා සඳහා දිනකට විදුලි ඒකක 200 (kWh) ඉතුරු කරගැනීමට හැකිවිය. එසේම එම ව්‍යාපෘතියේම තවත් අදියරක් මඟින් Grundfos පොම්ප ප්‍රතිස්ථාපනය කර වසරකට විදුලි ඒකක 215,000 (kWh) ට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයාට ඉතිරි කරගැනීමට හැකිවිය.

නවීන හා කාර්යක්ෂම පොම්ප භාවිතයෙන් බලශක්තිය ඉතිරිකිරීම, වසරකට ජලය ඝණ මීටර බිලියන 1.8කට වඩා නැවත භාවිතා කිරීමේ හැකියාව යන ඉහත කරුණු මඟින් Grundfos හි තිරසාරත්වය සඳහා දරණු ලබන උත්සාහය පෙන්නුම් කරයි. එමඟින් සමාගමේ පාරිභෝගිකයින්ට LEED U.S Green Building සහතිකය ලබාගැනීමට මංපෙත් විවර කරයි.

වසරකට පොම්ප මිලියන 20ක නිෂ්පාදන ධාරිතාවක් සහිත ලොව ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන Grundfos හංගේරීයාව , චීනය , උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව මෙන්ම සිංගප්පූරුවේ එකලස් කිරීමේ කම්හලක් ඇතුළුව ලොව පුරා ස්ථාන හයක ක්‍රියාත්මක වේ. පුනර්ජනනීය බලශක්ති මත ක්‍රියාත්මක වෙමින් කාබන් විමෝචනය අවම කිරීම හරහා පාරිසරික තිරසාරභාවය වර්ධනය කිරීම, බලශක්ති පරිභෝජනය අවම කිරීම මෙන්ම ජල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විසඳුම් සැපයීමේ වෙනුවෙන් Grundfos සමාගම කැපවී සිටියි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයේ කාර්මික යෙදවුම් ,බලශක්ති සහ බලශක්ති අංශ නියෝජනය කරමින් Hayleys Aventura විවිධාංගීකරණය වූ උපාය මාර්ගික ව්‍යාපාරික ඒකක පහකින් සමන්විත වේ. එනම් Power Engineering Solutions, Industrial Machinery, Medical and Analytical Solutions, Industrial Raw Materials සහ Power and Renewable Energy වශයෙනි.

ප්‍රමුඛතම කාර්මික විසඳුම් සපයන්නා ලෙස, නවෝත්පාදනයන්, විද්‍යාත්මක දියුණුව සහ තිරසාරත්වය සඳහා කැපවී සිටින Hayleys Aventura ශ්‍රී ලංකාවට විවිධ අංශ හරහා ලෝක මට්ටමේ විසඳුම් ලබා දීමේහිලා ඉදිරියෙන්ම සිටියී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *