Portrait ඡායාරූපකරණයේ අනාගතය උදෙසා vivo වෙතින් V30 හඳුන්වා දෙයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්‍ෂණික සමාගමක් වන vivo විසින් උසස් තත්ත්වයේ Aura Light Portrait සහ සුවිශේෂී නිර්මාණකරණයකින් සමන්විත V30, සිය V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන කාණ්ඩයට හඳුන්වාදෙන ලදී. නවතම V30 ඒකාබද්ධ 120 Hz 3D Curved Screen එකකින් සමන්විත වන අතර කැපී පෙනෙන නව වර්ණ කිහිපයකින් පැමිණේ.

“V ශ්‍රේණිය සැමවිටම සැහැල්ලු සහ සරල නිර්මාණයන්ගෙන් පැමිණෙන අතර එය vivo හි portrait ඡායාරූපකරණය සහ සැලසුම් යන දෙඅංශයේම නවෝත්පාදන විදහාපානු ලබනවා. ඡායාරූපකරණයට අභියෝගයක් වන අඩු ආලෝකයක් සහිත රාත්‍රී කාලයේදී පවා පරිශීලකයින්ට ඉතා පහසුවෙන් සිත් ඇදගන්නාසුළු ඡායාරූප ගත හැකිවන පරිදි අපි Aura Light Portrait විශේෂාංගය වැඩිදියුණු කර තිබෙනවා.” යනුවෙන් vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා සිය අදහස් දැක්වීය.

vivo V30 එහි උසස් ඡායාරූපකරණ හැකියාවන් සමඟින් පරිශීලකයන්ට ඔවුන්ගේ ජීවිතයේ සෑම වටිනා මොහොතක්ම ඡායාරූපගත කර මතකයේ රඳවා ගැනීමට අවස්ථාව ලබා දීමට කැපවී සිටියි. V30 හි උසස් කරන ලද Aura Light විශේෂාංගය, සම්මත ෆ්ලෑෂ් එකකට වඩා 19 ගුණයකින් විශාල සහ 50 ගුණයකින් මෘදු ආලෝක ප්‍රදේශයක් සපයයි. මීට අමතරව, Smart Color Temperature Adjustment විශේෂාංගය මඟින් ඡායාරූප කරගත යුතු අංගය අවට පරිසරයට අනුව  වර්ණ උෂ්ණත්වය බුද්ධිමත්ව හඳුනා ගැනීමට සහ සකස් කිරීමට උපාංගයට අවස්ථාව ලබා දෙමින් පුළුල් වර්ණ උෂ්ණත්ව පරාසයක් ලබා දෙයි. එසේම එය Distance-Sensitive Lighting හැකියාව ලබා දෙන අතර එමඟින් ඡායාරූප කරගත යුතු අංගයේ දුර සෙන්ටිමීටර මට්ටමේ නිරවද්‍යතාවයකින් හඳුනාගනිමින් Aura ආලෝකයේ දීප්තිය අඩු වැඩි කිරීම සිදු කරයි. ඡායාරූප කරගත යුතු අංගය ළං වූ විට, ආලෝකය මෘදු සහ සමතුලිත වන අතර, දුරින් ඇති විට ආලෝකය දීප්තිමත් වන අතර, එමඟින් පරිශීලකයින්ට පරිපූර්ණ ලෙස ආලෝකමත් වූ portraits ලබා ගැනීමට ඉඩ සලසයි.

මීට අමතරව, 50 MP AF Ultra Wide-Angle කැමරාව ස්වයංක්‍රීය නාභිගත කිරීම සහ 119° පුළුල් කෝණයකින් සමන්විත වන අතර, පරිශීලකයින්ට භූ දර්ශන හෝ විශේෂ සමූහ ඡායාරූප පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසයි. එය V ශ්‍රේණියේ පළමු 50 MP Ultra Wide-Angle කැමරාව වන අතර එය ස්වයංක්‍රීය නාභිගත කිරීමකින් සමන්විතව වඩාත් සුලභ 8 MP පුළුල් කෝණ කැමරාවේ පික්සල් ගණන මෙන් 6.25 ගුණයකින් යුක්ත වේ. සමූහ ඡායාරූප සඳහා AI Group Portrait විශේෂාංගය ඇතුළත් වන අතර, එමඟින් ඡායාරූපයේ පුද්ගලයන් 30 දෙනෙකු දක්වා පැහැදිලි ලෙස ග්‍රහණය කර ගැනීම සහතික කරයි. එසේම V30, VCS True Color Main Camera එකකින් සමන්විත වන අතර vivo-exclusive Camera-Bionic Spectrum (VCS) තාක්‍ෂණය මඟින් කැමරාවේ දර්ශනය මිනිස් ඇසේ දර්ශනයට  සමීප වීමට හැකියාව ලබා දෙයි. මෙය පෙර පරම්පරාවට සාපේක්ෂව ඡායාරූප වල පැහැදිලි බව 25% කින් සහ වර්ණ ප්‍රතිනිෂ්පාදනය 15% කින් වැඩි දියුණු කරයි.

vivo V30 හි අද්විතීය බාහිර නිර්මාණකරණය මඟින් නවෝත්පාදනයන් කෙරෙහි vivo හි කැපවීම අවධාරණය කරයි. වැඩිදියුණු කළ ග්‍රහණය සඳහා සුවපහසු 3D Curved Screen සැලසුමක් සමඟින්, V30 දිගු කාලයක් අතෙහි රඳවා තබා ගැනීමට පහසු කරයි. තවද  එය සතු 1.5K Ultra Clear Sunlight AMOLED Display එක සහ 120 Hz refresh rate එක මඟින් උපරිම සුමට බව සහතික කරයි. 2800 nits උපරිම දීප්තිය සහ 1200 nits උපරිම සමස්ත දීප්තිය සමඟින්, දීප්තිමත්ම හිරු එළිය යටතේ පවා සුපැහැදිලි නැරඹීමේ අත්දැකීමක් ලබා දෙයි. විශාල ධාරිතාවයකින් යුත් 5000 mAh (TYP) බැටරියක් 7.45 mm සිහින් රාමුවට ඇතුළත් කිරීම සඳහා, V30 කර්මාන්තයේ ප්‍රමුඛතම One-Piece Encapsulation Technique භාවිතා කරයි.

V30 ස්වභාවධර්මයෙන් ආභාෂය ලැබූ නව වර්ණ, ද්‍රව්‍ය සහ නිමාවකින් (CMF) පැමිණේ. Waving Aqua සංස්කරණය සිනිඳු වීදුරු මතුපිටක් මත හරිත-නිල් පැහැයක් දක්වයි,Rippling Magnetic Particle ක්‍රියාවලියක් භාවිතා කරමින් සිත් ඇදගන්නාසුළු ජල රැලි රටාවක් දක්වයි. V30, UV ආලෝකයේ ගැඹුරු නිල් පැහැයක් බවට පරිවර්තනය කළ හැකි වර්ණය වෙනස් කරන Peacock Green සහ Fluorite AG Glass වලින් සාදන ලද Noble Black පැහැයෙන් ද පැමිණේ.

වැඩිදියුණු කරන ලද Extended RAM තාක්‍ෂණය සහ Qualcomm Snapdragon® 7 Gen 3 සමඟ සම්බන්ධ වී, V30 සුවිශේෂී බහු කාර්ය අත්දැකීමක් සඳහා සුමට සහ අඛණ්ඩ කාර්ය සාධනයක් ලබා දෙයි. බැටරි තාක්‍ෂණය සම්බන්ධයෙන් ගත් කල, 80W Flash-charge එක මඟින්  5000 mAh (TYP) බැටරිය මිනිත්තු 48 කින් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකිය. දෛනික භාවිතය සඳහා, V30 එහි බැටරි ආයු කාලය දෙගුණ කර ඇත. ආරෝපණය කිරීම් 1600 කට පසුව වුවද, බැටරි ධාරිතාව 80% ට වඩා ඉහළ මට්ටමක පවතින අතර වසර හතරක බැටරි ආයු කාලයක් පවත්වා ගනියි.

vivo V30 යනු විශිෂ්ටතම ගණයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් වන අතර එය නවෝත්පාදනය අලංකාරය සමඟ ඒකාබද්ධ කරමින් අතිශය සිහින් පැතිකඩක් සහිතව සිත් ඇදගන්නාසුළු වර්ණ මාලාවක් සහ අති නවීන විශේෂාංග සමඟින් පැමිණේ. එයට ප්‍රථම බැල්මෙන්ම සිත් ඇදගන්නාසුළු හැකියාවක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *