ස්වදේශී කොහොඹ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඩිජිටල් “අවුරුදු ලිත” සමඟින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සමරයි.

ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීම වෙනුවෙන් කැප වී සිටින කදානේ ස්වදේශී කර්මාන්තායතනය, ස්වදේශී කොහොඹ අවුරුදු ලිත හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා වටිනාකම්  ඉහළින් අගයන ශ්‍රී ලාංකික සමාගමක් ලෙස, ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියි.

ශ්‍රී ලංකාවේ ශාකසාර සබන් සන්නාමයේ  ප්‍රමුඛයා වන  ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිත සිය පාරිභෝගිකයන්ට, හඳුන්වා දෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේ අත්දැකීමට නව වෙනසක් ඇති කරමිනි.  විශේෂයෙන්ම තරුණ ප්‍රජාව වෙත මෙය  සුවිශේෂී අත්දැකීමක් ගෙන එයි.  පැරණි සම්ප්‍රදායන්ට අනුකූල වන ලෙසින් මෙම ඩිජිටල් අවුරුදු ලිත නවීන තාක්‍ෂණය ඔස්සේ නිර්මාණය කර ඇත.  පුළුල් ප්‍රේක්ෂක පිරිසකට මෙම ඩිජිටල් අවුරුදු ලිත වෙත ප්‍රවේශ විය හැකි අතර මෙමඟින් වසර ගණනාවක් පුරාවට සංස්කෘතික සිරිත් විරිත් සුරැකිව තබනු ඇති බවට සහතික කරයි.

ස්වදේශී කොහොඹ ඩිජිටල් අවුරුදු ලිත වෙත QR කේත විශේෂාංගය ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එය විස්තර සහිත ලිත් මාර්ගෝපදේශයක් වෙත පාරිභෝගිකයාව ගෙන යයි. මෙහි නැකැත් වේලාවන්, අවුරුදු කාලය හා සම්බන්ධ විවිධ සම්ප්‍රදායික ක්‍රියාකාරකම් පිළිබඳව සවිස්තරාත්මක ශ්‍රව්‍ය පට අන්තර්ගත වේ. මෙම ඩිජිටල් වේදිකාව ඔස්සේ නව පරපුර  ඔවුන්ගේ සංස්කෘතික  උරුමය හා එක්ව කටයුතු කිරීම, ඒ පිළිබඳව දැනුම හා අත්දැකීම් ලබා ගැනීම ඔස්සේ සාම්ප්‍රදායික සිරිත් විරිත් අනුගමනය කිරීමට දිරිමත් කරමින් පරම්පරා අතර පවතින දුරස් බව අවම කිරීමට කටයුතු කරයි.

“නව තාක්‍ෂණය භාවිතා කරමින් අපගේ සංස්කෘතික උරුමයන් සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ස්වදේශී හි අපි විශ්වාස කළා. මෙම සම්ප්‍රදායික වටිනාකම්, සිරිත් විරිත් නව තාක්ෂණය සමඟ එක් කිරීම, නවෝත්පාදන සඳහා අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරනවා. වර්තමාන ඩිජිටල් යුගයේ අපගේ උරුමය අඛණ්ඩව සුරැකෙන බවත් මින් සහතික කරනවා යනුවෙන්, ස්වදේශී ඩිජිටල් අවුරුදු ලිත පිළිබඳව ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි,  අමරි විජයවර්ධන මැතිණිය විසින් සිය අදහස් පළ කරන ලදී.

සංස්කෘතිය සුරැකීමේ හා අගය කිරීමේ නව යුගයක් කරා යන ගමනේ, සම්ප්‍රදාය හා නවෝත්පාදනය සමඟ අත්වැල් බැඳ ගනිමින්, ස්වදේශී කොහොඹ ඩිජිටල් ලිත සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාවේ විචිත්‍රතම සංස්කෘතික මංගල්‍ය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම හා එක් වන ලෙස ස්වදේශී කර්මාන්තායතනය සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරයි. 

100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් වන “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය – කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව දිදුලන  රාණි සඳුන්, නිෂ්පාදනය හා   අලෙවිය සිදු කරයි.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍යය අඩංගුව නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *