DIMO Healthcare තවදුරටත්  වෛද්‍ය සත්කාර පහසුකම් ඉහළ නංවමින්  Siemens Healthineers Symbia Evo Excel Gamma Camera උපකරණයක් Lanka Hospitals හි ස්ථාපනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ශ්‍රී ලංකාවේ  Siemens Healthineers  නියෝජනය කරන  DIMO Healthcare, මෙරට ප්‍රමුඛතම රෝහලක් වන Lanka Hospitals හි තාක්ෂණික හැකියාවන් තවදුරටත් වර්ධනය කරමින් රෝග විනිශ්චය ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් සිදු කිරීම සඳහා ඉවහල් වන අති නවීන Siemens Healthineers Symbia Evo Excel Gamma Camera උපකරණයක් ස්ථාපනය කරනු ලැබීය.

පිළිකා ඇතුළු විවිධ සංකීර්ණ රෝගී තත්ත්වයන් නිවැරැදිව හඳුනාගැනීම සහ වෛද්‍ය විද්‍යාවේ සිදුකරන ඇතැම් පිළිකා රෝග ප්‍රතිකාරයන්හි ප්‍රතිඵල හඳුනා ගැනීමේ දී සුවිශේෂී කාර්යභාරයක් Lanka Hospitals හි සවිකර ඇති නවතම Siemens Healthineers Symbia Evo Excel Gamma Camera උපකරණ පද්ධතිය  මඟින් ඉටුකරයි. එමෙන්ම වකුගඩු, පෙනහළු, හදවත්, ස්නායු  සහ සිරුරේ බොහෝ අවයව ආශ්‍රිත විවිධ රෝගාබාධ නිවැරදිව හඳුනා ගැනීමටද මෙම ද්විත්ව ග්‍රාහක ගැමා (Gamma) කැමරාව සිය  උපරිම කාර්යභාරය ඉටු කරයි.  

Gamma කැමරාව සතු ඉහළ Symbia Evo Excel තාක්ෂණය වේගවත් මෙන්ම උසස් ගුණාත්මක රූප ලබාගැනීමට උපකාරී වේ. මෙමඟින් කුඩා ආසාදන වුවද පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව ලබාදෙන අතර එය පූර්ව රෝග විනිශ්චයට සහ ප්‍රතිකාර පිළිබඳ තීරණ ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Lanka Hospitals හි න්‍යෂ්ටික වෛද්‍ය විශේෂඥ චන්ද්‍රගුප්ත උඩුගම මහතා මෙසේ ප්‍රකාශ කළේය. “නවීන තාක්‍ෂණය යොදාගැනීම මඟින්  රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම, රෝගීන් වෙනුවෙන් සුවිශේෂී සත්කාර ලබාදීමට සහ දේශීය සෞඛ්‍ය සේවා පද්ධතිය ඉහළ නැංවීමට Lanka Hospitals දක්වන  දායකත්වය වඩාත් ශක්තිමත් කරනවා. රෝගීන්ට සුවිශේෂී සත්කාරයන් සැපයීමේ අපේ ගමනට සහයෝගය ලබාදිය හැකි පරිපූර්ණ හවුල්කරු ලෙස වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයෙන් සහ නවීන තාක්ෂණික ප්‍රවේශයන්ගෙන් යුක්ත DIMO Healthcare අප හඳුනාගෙන තිබෙනවා.”

“නවතම තාක්‍ෂණික ක්‍රමවේදයන්  ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා කැපවෙන Lanka Hospitals හි  දැවැන්ත ගමනේ කොටස්කරුවෙකු වීමට ලැබීම ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමේ අරමුණින් කටයුතු කරන DIMO අපට මහත් ගෞරවයක්.”  DIMO හි අධ්‍යක්ෂ සහ DIMO Healthcare අංශය භාර  විජිත් පුෂ්පවෙල මහතා සිය අදහස් දක්වමින් පැවසුවේය. “සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා නවතම තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමේ ක්‍රියාවලිය තුළ DIMO Healthcare ඉදිරියෙන්ම සිටිනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

DIMO Healthcare අන්තර්ජාතික වශයෙන් ප්‍රකට වෛද්‍ය ඉංජිනේරු සන්නාමයන් සමඟ කටයුතු කිරීමේ විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් අලෙවියෙන් පසු පුළුල් සේවා සහ සහාය ලබා දෙන අතර අවශ්‍ය අමතර කොටස් සහ උපාංග සඳහා 24/7 ප්‍රවේශය ඇතුළුව උපකරණවල ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය සහ අඛණ්ඩ රෝගී සත්කාරය සහතික කරයි.

මෙලෙස අලෙවියෙන් පසු සුවිශේෂී සේවාවක් සහිත අති නවීන තාක්‍ෂණයන් පිරිනමමින් DIMO Healthcare, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්  උසස් වෛද්‍ය ප්‍රතිකාර සහ පූර්ව රෝග විනිශ්චය ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශය සවිබල ගන්වනු ඇත.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *