Hayleys Solar හඳුන්වාදෙන ‘ණයක්නොවනණයක්’

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar, සූර්ය බල ශක්තිය සෑම අයෙකුටම දැරිය හැකි මිලකට ලබාදීම සඳහා ‘ණයක් නොවන ණයක්’ සුවිශේෂී මූල්‍ය යෝජනා ක්‍රමය හදුන්වාදෙනු ලබන්නේ එමගින් ශ්‍රී ලාංකීය පවුල් වලට ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවයන් තම අභිමතය පරිදි සපුරා ගැනීමට අවශ්‍ය සවිබලය ද ලබා දෙමිනි.

වර්තමානයේ පවතින ආර්ථික රටාව හමුවේ බොහෝ පවුල් සඳහා විදුලි බිල සැලකිය යුතු ඉහළ වියදමක් බවට පත්ව ඇත. සූර්ය බල ශක්තිය මෙම වියදම අවම කර ගැනීමට හැකි පහසුම විසදුම වුවත් එයට පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ අවශ්‍ය මූල්‍යමය පහසුකම් සපයාගැනීමට ඇති අපහසුතාවයයි. මෙම ගැටලුවට විසඳුමක් ලෙසින් ‘ණයක් නොවන ණයක්’ හරහා තම පාරිභෝගිකයන්ට වෙලදපොලේ අඩුම පොලී අනුපාත යටතේ අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාදීමට Hayleys Solar සිය හවූල්කාරී බැංකු හා මූල්‍ය ආයතන හරහා  කටයුතු කරනු ලබන්නේ පාරිභෝගිකයන්ගේ පහසුව සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් නිසියාකාරව අවබෝධ කර ගනිමින් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් අන් හැම අයෙකුටම වඩා වැඩි ඉතිරියක් ඔවුන්ට ලබා දීමේ අරමුණ ඇතිවයි.

මෙමගින් පාරිභෝගිකයන් හට ඔවුන්ගේ මාසික විදුලි බිලට වඩා අඩු මාසික බැංකු වාරිකයක් ගෙවීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂීත්වය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඉතිරි වන මුදල, තම පවුලේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමටද හැකියාව ලැබෙන අතර වසර 20ක් පුරාවට වියදමකින් තොර විදුලිය බුක්ති විදීමටද හැකියාව ලැබේ.

කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, CDB, පීපල්ස් ලීසින් සහ LOLC ෆිනෑන්ස් වැනි ශ්‍රී ලාංකීය ප්‍රමුඛ පෙළේ බැංකු හා මූල්‍ය ආයතන සමගින් Hayleys Solar ආයතනය ඇති කරගෙන ඇති විශ්වාසනීය හවුල්කාරීත්වය නිසා පාරිභෝගිකයන් හට සූර්ය බල ශක්තියට ආයෝජන කිරීම වඩාත් පහසු අත්දැකීමක් බවට සහතික කරනු ඇත.

‘ණයක් නොවන ණයක්’ හරහා ලබාගත හැකි මාසික ඉතුරුම් ගණනය කිරීමට https://loancalculator.hayleyssolar.com වෙත පිවිසෙන්න නැතහොත් වැඩි විස්තර සඳහා 011 2 102 102 අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *