ආනයන සීමා අතරතුර වාහන නඩත්තුව පිළිබඳ දැනුම බෙදාදෙමින් DIMO Mercedes-Benz Flying Doctor Service Clinic සාර්ථකව නිමා වෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වාහන ආනයන සීමා හේතුවෙන්  පාරිභෝගිකයින්ට නව මෝටර් රථයක් වෙත යොමුවීමට ඇති අවස්ථාව ඉතා සීමිත වී තිබේ. මෙම හේතුව නිසාවෙන්ම තමන් සතු වාහනවල ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිෂ්පාදකයන් නිර්දේශ කර ඇති නඩත්තු කටයුතු නිවැරැදිව අනුගමනය කිරීමේ  අවශ්‍යතාවය Mercedes-Benz  AG හී ජාත්‍යන්තර තාක්ෂණික  විශේෂඥයෙකු වන සෞරබ් සිං මහතා විසින් අවධාරණය කරන ලදී. Mercedes-Benz සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සංවිධානය කරන ලද Mercedes-Benz Flying Doctor Service Clinic හී දී ඔහු මෙම අදහස් පළ කළේය.

Mercedes-Benz හිමිකරුවන්ට සිය වාහනවල නඩත්තු කටයුතු පිළිබඳ තම වාහන නිෂ්පාදකයා වෙතින්ම ලබාගත හැකි  විශේෂඥ උපදේශන  සේවා  ලබාදීම මෙම Flying Doctor Service Clinic තුළින් සිදුකෙරිණි. පාරිභෝගිකයන්ගේ ඉමහත් උනන්දුව සමඟ තිස්දෙනෙකුට අවස්ථාව ලබාදෙමින් මෙම වැඩසටහන දින දෙකක් පුරා ක්‍රියාත්මක විය.

සෞරබ් සිං මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ, අලුත්වැඩියා කිරීම ප්‍රමාද කිරීම නිසා වාහනයේ ආරක්ෂාවට මෙන්ම එහි ක්‍රියාකාරීත්වයටත් බලපෑම් ඇති විය හැකියි බවත්, ඒ වගේම වාහනයට තවදුරටත් හානි සිදුවීම නිසා විශාල පරිමාණයේ අනපේක්ෂිත  අලුත්වැඩියාවන් කිරීමටද සිදුවන බවත්ය. නිෂ්පාදකයා විසින් නිර්දේශිත මෘදුකාංග  යාවත්කාලීන කිරීම් සිදුකිරීම මෙන්ම නියම අමතර කොටස් යොදාගැනීම හරහා රථයේ කාර්යක්‍ෂමතාවය සහතික කරන අතර වාහනයේ  නැවත විකුණුම් අගයද ඉහළ නැංවෙන බවත්ය.

වාහනයේ කල්පැවැත්ම පිළිබඳ ප්‍රමුඛත්වය දැක්විය යුතු මොහොතක, එහි නඩත්තු කටයුතු වෙනත් පාර්ශවයන්ට භාරදීම වෙනුවට Mercedes-Benz මෝටර් රථ අලුත්වැඩියා කටයුතු සඳහා එකම බලයලත් බෙදාහරින්නා වෙත යොමුවීම වඩාත් යෝග්‍ය වන අතර එමඟින් නිර්දේශිත මෙවලම් භාවිතය සහ  නිෂ්පාදකයාගේ මගපෙන්වීම ඔස්සේ  වාහනයේ සුවිශේෂී ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන  ගුණාත්මකභාවය සහ ප්‍රවීණත්වය සහතික කරයි.                                                                               

“බොහෝ පාරිභෝගිකයන් පවතින ආනයන සීමාවන් නිසා භාවිත කරන ලද Mercedes-Benz  රථ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනවා. එවැනි තෝරාගැනීම් වලදී,  නියම අමතර කොටස් සමඟ වාහනයේ අලුත්වැඩියා කටයුතු සිදුකළ බව සහතික කළ නියෝජිත වාර්තාවක් තිබෙන වාහන කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වෙනවා. DIMO විසින් නඩත්තු කරන ලද මෝටර් රථයක් ලබාගැනිමේදී සවිස්තරාත්මක පරීක්‍ෂණයක් සහ පහසුවෙන් ලබාගත හැකි සේවා වාර්තා වැනි ප්‍රතිලාභ රැසක් පිරිනමනවා.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය.

නිෂ්පාදකයාගේ විශේෂඥ මඟපෙන්වීමට අමතරව, DIMO පැය 24 පුරා මාර්ගස්ථ Mercedes-Benz උපකාරක සේවාව ක්‍රියාත්මක කර ඇති අතර එමඟින් Mercedes-Benz හිමිකරුවන් වෙත ඉහළ  සේවාවක් පිරිනමයි. Mercedes-Benz AG නිර්දේශ වලට අනුව සියලුම අළුත්වැඩියා කිරීම් Mercedes-Benz සඳහා වූ තාක්ෂණික විශේෂඥයින් විසින් Mercedes-Benz AG නිර්දේශිත විශේෂ මෙවලම් සහ උපකරණ මගින් සිදු කරයි. Flying Doctor Service Clinic සඳහා සහභාගිවූ පිරිස වෙනුවෙන් සුවිශේෂී වට්ටම් පිරිනැමීමට ද DIMO පියවර ගෙන තිබුණි.  ඒ අනුව  2024 ජූලි 31 දක්වා, ඔවුන්ගේ පරීක්ෂාවේදී හඳුනාගත් ඕනෑම අලුත්වැඩියාවක් සඳහා සම්පූර්ණ බිල්පතට  10% ක වට්ටමක් හිමි වන අතර මීට අමතරව   Mercedes-Benz Studio හි සිදුකරන detailing සේවා සඳහා 20%ක වට්ටමක්ද ජූලි 31 දක්වා  වලංගු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *