Singhagiri වෙතින් යුරෝපීය CANDYසන්නාමයේ රෙදි සේදුම් යන්ත්‍ර සහ ශීතකරණ පෙළක්

වසර 50කට අධික කාලපරිච්ඡේදයක් පුරාවට මෙරට පාරිභෝගිකයන් වෙත උසස් තත්ත්වයේ ගෘහ විදුලි උපකරණ පිරිනැමූ ප්‍රමුඛතම  සමාගමක් වන Singhagiri (පෞද්ගලික) සමාගම විසින් යුරෝපීය කීර්තිමත් ගෘහ උපකරණ නිෂ්පාදන සන්නාමයක් වන CANDY නිෂ්පාදන පෙළක් සිය නිෂ්පාදන එකතුවට හඳුන්වා දී ඇත. ඒ අනුව CANDY සන්නාමයේ  ශීතකරණ සහ රෙදි සේදුම් යන්ත්‍ර ශ්‍රී ලංකාව තුළ අලෙවිකරණ එකම නියෝජිතයා ලෙස Singhagiri (පෞද්ගලික) සමාගම කටයුතු කරනු ලබයි.

වෙළෙඳපලේ ඇති අනෙකුත් ගෘහ උපකරණවලට සාපේක්ෂව අසමසම ස්මාර්ට් විශේෂාංග රැසකින් සමන්විත CANDY නිෂ්පාදන  පාරිභෝගිකයාට දැරිය හැකි පහසු මිලකට ඉහළම සේවාවක් සපයමින් දෛනික ජීවන රටාව වඩාත් සරල කරගැනීමට ඉවහල් වනු ඇත.මෙම සුඛෝපභෝගී ඉතාලි සන්නාමයේ උපකරණ සතු තොරතුරු සියුම්ව ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඔස්සේ උපකරණය සමඟ CANDY App (Simplify App) යොදාගනිමින්, ජංගම උපාංග හෝ ඩිජිටල් උපකරණ හරහා පහසුවෙන් සන්නිවේදනය කිරීමේ අවස්ථාව පරිශීලකයන් වෙත ලබාදෙයි .

මේ පිළිබඳව අදහස් දක්වමින් Singhagiri (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලසන්ත අල්විස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ” CANDY වැනි කීර්තිමත් සන්නාම  තුළින්  අපගේ පාරිභෝගිකයන් වෙත විශිෂ්ටතම නිෂ්පාදන පිරිනැමීමේ හැකියාව තවදුරටත් සවිමත් කරන බැවින් CANDY සන්නාමයේ නිෂ්පාදන අප සමාගම යටතේ හඳුන්වාදීමට ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. පාරිභෝගිකයන් වෙත නිරන්තරයෙන්ම හොඳම විසඳුම් ලබාදීමට අපි කැපවී සිටින අතර මෙවැනි සහයෝගීතාවන් ඔස්සේ අනාගතයේදී අපට පාරිභෝගිකයන් වෙත පිරිනැමිය හැකි සේවාවන් වඩාත් පුළුල් කරනවා.”

ගුණාත්මකභාවයෙන් ඉහළ CANDY රෙදි සේදුම් යන්ත්‍ර විදුලිය ඉතිරි කර ගැනීමට උපකාරී වන inverter මෝටර වැනි ස්මාර්ට් විශේෂාංග රැසකින්ද සමන්විත වන අතර  පාරිභෝගික කැමත්ත අනුව විවිධ වර්ණවලින් තෝරාගත හැකිය. මෙම සියලුම සුඛෝපභෝගී  CANDY ශීතකරණ සහ රෙදි සේදුම් යන්ත්‍ර දිවයින පුරා පිහිටි ඕනෑම Singhagiri ප්‍රදර්ශනාගාරයකින් දැන් මිලදී ගත හැකිය.

CANDY සන්නාමය පිළිබඳව

ඉතාලි ගෘහ උපකරණ නිෂ්පාදකයෙකු වන CANDY  චීන බහුජාතික ගෘහ උපකරණ සමාගමක් වන Haier හි අනුබද්ධිත ආයතනයකි.  එමෙන්ම Haier Europe යනු  Haier Smart Home හි එක් අංශයක් වන අතර එය Fortune Global 500 සමාගම් අතරට ද එක් ව තිබේ.  1993 සිට ෂැංහයි කොටස් හුවමාරුවේ (SHA: 600690) ලැයිස්තුගත කර ඇති Haier Smart Home සතුව කර්මාන්ත උද්‍යාන 25ක්, පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන 10ක් තිබෙන අතර මහද්වීප 5 තුළම ස්ථාපනය කර ඇති එහි ආසන්න වශයෙන් සේවකයන් 100,000ක් පමණ සේවය කරයි. මෙම සමාගමේ ගෝලීය අලෙවිකරණ  ජාලය රටවල් 160කට වඩා ආවරණය කර ඇති අතර  2019 වසරේදී ඔවුන්ගේ මෙහෙයුම්  ආදායම යූරෝ බිලියන 25ක් විය.

Singhagiri සමාගම පිළිබඳ

දිවංගත සුගතදාස මාරසිංහ මහතා විසින් 1972 දී ආරම්භ කරන ලද Singhagiri ආයතනය පසුව Singhagiri ලිමිටඩ් නමින් පෞද්ගලික සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාගත කෙරිණි. SAMSUNG සන්නාමය ශ්‍රී ලංකාව වෙත ප්‍රථම වරට හඳුන්වා දුන් 1983 වසරේදී “SAMSUNG ” හි ඉලෙක්ට්‍රොනික් සහ විදුලි උපකරණ සඳහා බලයලත් නියෝජිතයා ලෙසද Singhagiri (පෞද්ගලික) සමාගම පත් කරන ලදී. එමෙන්ම SGL, Lenovo, HP, Hisense, Bajaj, Havels, Motorola, Realme, Vivo, Karcher සහ HiFuture ඇතුළු සන්නාම රැසක බෙදාහැරීම් නියෝජිතයෙකු ලෙස ද Singhagiri සමාගම කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *