‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ඌව පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ  පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට සමත් වී ඇත. මෙම ඌව පළාත් ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් ඇගැයීමේ උත්සවයක් පසුගියදා වැලිමඩ ප්‍රදේශයේ දී පැවැත්විණි.

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන, Diva හි සන්නාම අරමුණෙහි කොටසක් වන අතර එහි මූලික අරමුණ වනුවේ කාන්තා ව්‍යවසායිකාවන් සඳහා අවශ්‍ය විශේෂඥ මගපෙන්වීම, ව්‍යාපාරික ඥානය, කුසලතා සහ හැකියාවන් වැඩිදියුණු කිරීමයි. කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා මෙම වැඩසටහන ඉතා සංවිධානාත්මක ලෙස සැලසුම් කර ඇති අතර, ව්‍යාපාර ආරම්භ කිරීම, ව්‍යාපාර කළමනාකරණය සහ උපාය මාර්ගිකව ව්‍යාපාරය සිදු කරගෙන යෑමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය මෙම වැඩසටහන මඟින් ඔවුන්ට ලබා දී ඇත.

කාන්තාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක්, දැනුමක් හෝ සහයෝගයක් නොලැබීමේ සංවේදී කාරණය වටහා ගන්නා DIVA, ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ දක්‍ෂ කාන්තා ව්‍යවසායිකාවන්ට අත්වැලක් සැපයීමට අරමුණු කරයි. ශ්‍රී ලංකාව පුරා සිටින දක්ෂ කාන්තා ව්‍යවසායිකාවන්ට අත දීමට  DIVA හි ඇති කැපවීම මෙම වැඩසටහන මඟින් මනාව පිළිබිඹු කරයි. මෙම වැඩසටහනට සහභාගී වන අයගේ ප්‍රගතිය සහ ඔවුන්ගේ හැකියාවන් වෙන වෙනම අධීක්ෂණය කරන අතර ඇගයීම් කටයුතු අවසන් වූ පසු විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම සිදු කරයි. මෙම ව්‍යවසායිකාවන් ඇගයීමේ දී, ව්‍යාපාරය ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ගිණුම්කරණය, තවත් කාන්තාවන් සඳහා රැකියා අවස්ථාවක් සලසා දීම, මාසික විකිණුම් ප්‍රගතිය, වෙළඳ නාමකරණය සහ ඇසුරුම්කරණය, නව පාරිභෝගිකයින් ගණන, නව මුල පිරීම් යන නිර්ණායක සැලකිල්ලට ගැනිණ.

වැඩසටහනට සහභාගි වූවන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමෙන් අනතුරුව වැලිමඩ ප්‍රදේශයේ පහත සඳහන් කාන්තා ව්‍යවසායිකාවන් ජයග්‍රහණය කරන ලදී. ඒ අනුව, ප්‍රථම ස්ථානය  “Little Farm” හිමිකාරිනිය වන මනෝජා ප්‍රශාන්ති මහත්මිය (බිම්මල් සහ ඒ  ආශ්‍රිත නිෂ්පාදන), දෙවන ස්ථානය  “Omalmi Roses & Cattle Farm” හිමිකාරිනිය වන නිලන්තිකා දමයන්ති මහත්මිය ( ගව පාලනය සහ කැපුම් මල්), තෙවන ස්ථානය “Apsara Rose Gardens” හිමිකාරිනිය වන හේමමාලි අමරසේකර මහත්මිය ( කැපුම් මල්, එළවලු සහ ඔසු වගාව) සහ සිව්වැනි ස්ථාන දෙකක්  “Asha Flora” හිමිකාරිනිය වන ආශා ගීතාසලුණි මහත්මිය (විසිතුරු පතොක් පැල වගාව), “Ceylon Fashion” හිමිකාරිනිය වන නිශාදි හංසිකා මහත්මිය (ඇඳුම් මැසීම) විසින් දිනා ගන්නා ලදී. මෙහිදී මෙම දක්‍ෂ කාන්තාවන් නිසි ලෙස හඳුනාගෙන සම්මානයට පාත්‍ර කරනු ලැබීය.

“තොටිල්ල පදවන දෑත ලොව ආණ්ඩු කරවයි ” යන සුප්‍රසිද්ධ කියමනෙන් ඇඟවෙන පරිදි අනාගත පරපුර පෝෂණය කරන කාන්තාව, රටේ සංවර්ධනය වෙනුවෙන් ද ප්‍රබල දායකත්වයක් සපයයි. නිසි ඇගයීමත්, ආදරය හා රැකවරණයත් ඇය වෙත නිරන්තරයෙන් ලැබිය යුතු බව අප සෑම විටම අවබෝධ කර ගත යුතු ය. මෙම වැඩසටහන් මාලාව වයඹ, උතුර, දකුණ සහ ඌව යන පළාත් වල කාන්තා ව්‍යවසායිකාවන් 175ක් සවිබල ගන්වමින් සාර්ථකව නිම කර ඇත. ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන මඟින් කාන්තාවන් සතු ශක්තීන් හදුනා ගනිමින්, සැඟ වී ඇති කුසලතා මතු කර ගනිමින් ව්‍යාපාර අවස්ථා සඳහා දොරටු විවර කර දෙමින් අනාගතය ජය ගැනීමට නිරන්තරයෙන් ඔවුන් දිරිමත් හා සවිමත් කරයි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands  උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top