සිංගර් විසින් නවීනතම තාක්ෂණයෙන් බලගැන්වෙන LIMA ELO7විදුලි යතුරුපැදිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, නවතම LIMA ELO7 විදුලි යතුරුපැදිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුවුණි. විචිත්‍රවත් පෙනුමකට සහ සුවපහසු ගමනකට හිමිකම් කියන LIMA ELO7, ඉතා පහසු දැරිය හැකි මිලකට සිංගර් අලෙවිසැල්වලින් ලබා ගත හැක. එය ශ්‍රී ලංකාවේ සිංගර් හි විශ්වාසනීයත්වය සමඟින් නිමැවුණු නිර්මාණශීලීත්වය සහ පරිසර හිතකාමී තාක්‍ෂණයේ කදිම සම්මිශ්‍රණයකි.

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන සිය නවතම නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින්, “LIMA ELO7 විදුලි යතුරුපැදිය හඳුන්වා දීමෙන් වෙළඳපොළ තුළ පෙරළියක් සිදු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා! විද්‍යුත් පාපැදි සහ විද්‍යුත් මෝටර් රථ, ප්‍රවාහනයේ අනාගතය ලෙස හඳුන්වන අතර ඒවා අපගේ මිහිතලයේ තිරසාරභාවය සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ගෝලීය ප්‍රවණතා සමඟින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් සවිබල ගැන්වීමට නිරන්තරයෙන් කැපවී සිටින, තිරසාරත්වය කේන්ද්‍ර කරගත් සමාගමක් ලෙස, නවීන සැලසුම්, විද්‍යුත් කාර්යක්ෂමතාව, පිරිවැය-ඵලදායීතාවය සහ විෂ වායු විමෝචනය අවම කිරීමට දායක වීම වැනි අංග රැසකින් යුතු මෙවැනි අසමසම නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වාදීමට ලැබීම් ගැන සතුටට පත්වෙනවා. LIMA ELO7 සියලුම පාරිභෝගිකයින්ගේ ජීවිත වලට අසමසම අත්දැකීමක් ලබා දෙනු ඇතැයි සිංගර් අපි විශ්වාස කරන අතරම LIMA සමඟ අපගේ හවුල්කාරිත්වය රට පුරා එහි ජනප්‍රියත්වය රැගෙන යාමට උපකාරී වනු ඇත.” මෙලෙස පවසා සිටියේය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි අලෙවිකරණ අධ්‍යක්‍ෂ ජන්මේෂ් ඇන්තිනි පැවසුවේ,” 2003දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ LIMA, ඉතා කෙටි කාලයක් තුල චීනයේ ඉහළම විදුලි යතුරුපැදි නිෂ්පාදකයින්ගෙන් කෙනෙක් බවට පත්ව, වාර්ෂිකව මිලියන 10 කට වඩා වැඩි විදුලි යතුරුපැදි ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් ලොව පුරා රටවල් 30කට අධික ප්‍රමාණයකට අපනයනය කරයි. එක ආරෝපනයකින් කිලෝ මීටර් 100කට අධික ධාවන පරාසයක් ලබාදෙන LIMA ELO7 විදුලි යතුරුපැදිය වොට් 1500ක අධිබල මෝටරයකින් ක්‍රියාත්මක වේ. තවද අවම පිරිවැයකින් ඔබේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන අතර ඩිජිටල් මීටරය, USB පහසුකම් ආදී නවීන අංග රැසකින් හැඩගැන්වී වෙළෙඳපොළට එන දැනට වෙළඳපොළ ඇති හොඳම විදුලි යතුරුපැදිය බව අවිවාදයෙන් පැවසිය හැක. ශ්‍රී ලංකාවේ තත්ත්ව නියාමන වලට අනුකූල LIMA විදුලි යතුරුපැදිය ශ්‍රී ලංකාවේ පිළිගත් තත්ත්ව පරීක්ෂණ රැසකට භාජනය කිරීමෙන් අනතුරුව අපගේ කොන්දේසිවලට අනුකූල සහ මූල්‍යමය වශයෙන් වටිනාකමක් ලබා දෙන බව අප විශ්වාස කරන බැවින් මෙම පෙරළිකාර Electric Bike අපි ශ්‍රී ලංකාවට ගෙන ආවෙමු.” යනුවෙනි.

වසර 150 කට ආසන්න කාලයක් පුරාවට ගෝලීය සන්නාම සහ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමේ වගකීම සිංගර් භාරගෙන ඇති අතර එහි දිගුකාලීන පැවැත්ම සහ විශිෂ්ට සේවාව නිසා මුළු රටම ආදරය කරන සන්නාමයක් බවට පත්ව ඇත. එම ගෞරවාදරයට සාක්ෂියක් වෙමින් වසර 18ක් අඛණ්ඩව ‘ශ්‍රී ලංකාවේ මහජනතාවගේ හොඳම සන්නාමය’ ලෙසින් සිංගර් පිදුම් ලබා ඇත. සිය පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසයට අරුතක් එක කරමින් නවතම තාක්‍ෂණික ප්‍රවණතාවලින් ප්‍රයෝජන ගැනීමට ශක්තිමත් තාක්ෂණයන් ගොඩනංවමින් සිටී.

වැඩිදුර විස්තර සඳහා, LIMA by Singer Facebook පිටුවට (https://www.facebook.com/limaelectricbikes?mibextid=LQQJ4d) හෝ සිංගර් වෙබ් අඩවියට (www.singersl.com) පිවිසෙන්න. නැතිනම් 011-5400400 දුරකථන අංකයට අමතන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top