නවලෝක රෝහල නවීනතම ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවමින් ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරයි

ශ‍්‍රී ලාංකිකයින් වෙත ජාත්‍යන්තර තත්වයේ ඉහළ සෞඛ්‍ය සේවාවන් සළසන නවලෝක රෝහල් සමූහය විශේෂ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය නවීකරණය කරමින් යලි විවෘත කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රුධිර පිළිකා හා තැලසීමියා වැනි රුධිර ආශ‍්‍රිත රෝග සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම ස`දහා පිහිටුවනු ලැබූ මෙම ඒකකය තුළින් එම රෝගයන් ස`දහා සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයක් වන ඇටමිදුළු හෝ ප‍්‍රාථමික ෙසෙල බද්ධ කිරීම සිදු කරනු ලබයි.

2014 සැප්තැම්බර් මස සිට ක‍්‍රියාත්මක BMTU ඒකකය ඇටමිදුළු බද්ධ කිරීමේ පුළුල් සේවාවන් සැපයීමට අවශ්‍ය නවීන තාක්ෂණය හා පහසුකම් භාවිත කරනු ලබයි.  එසේම ඒ සතුව හැකියාවන්ගෙන් හා පළපුරුද්දෙන් යුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයින් කණ්ඩායමක් සිටින අතර ඔවුන් විශේෂයෙන් ඇටමිදුළු බද්ධ කිරීම ස`දහා පුහුණුව ලබා ඇත. ඒ ඒ රෝගියාට ගැලපෙන ආකාරයේ ප‍්‍රතිකාර සැලසුමක් නිර්මාණය කිරීම ස`දහා රෝගියාගේ මූලික සත්කාර උපදේශක හා අනෙකුත් විශේෂඥයින් සම`ග අදහස් හුවමාරු කර ගැනීමට ඔවුන් කටයුතු කරති.

එසේම ඒ සතුව වෙනම දැඩි සත්කාර ඒකක 3ක් ඇති අතර ඒ සෑම ඒකකයක්ම HEPA-filters ලෙස හ`දුන්වනු ලබන වායු පෙරීමේ පද්ධතියකින් සමන්විත වේ. එම පද්ධතිය තුළින් ඉහළ වායු ගුණාත්මකභාවයක් තහවුරු කරමින් අසාදන අවම කිරීමට කටයුතු කරන බැවින් එම ඒකකයේ සෞඛ්‍යාරක්ෂාව තව තවත් ඉහළ යනු ලබයි.

            නවලෝක රෝහලේ ඇටමිදුළු ඒකකය

ඇටමිදුළු බද්ධ කිරීමේ ක‍්‍රම දෙකකි.

1. ස්වයංක‍්‍රීය බද්ධ කිරීම  ^Autologous transplant& – මෙම සැත්කමේදී සිදු වන්නේ රෝගියාගේම ඇටමිදුළු ප‍්‍රාථමික ෙසෙල එකතු කිරීමෙන් අනතුරුව රසායනික චිකිත්සාව ලබා ගෙන රෝගී ෙසෙල ඉවත් කිරීම ස`දහා නැවත රෝගියාගේ ශරීරයට එක් කිරීමයි.

2. ඇලෝජෙනික් බද්ධය ^ Allogeneic transplant & –  ඇටමිදුළු ප‍්‍රාථමික ‌ෙසෙල ජානමය වශයෙන් වඩාත් ගැලපෙන පරිත්‍යාගශීලියෙකුගෙන් ලබා ගෙන රෝගියාට ලබා දීමයි. මෙම ඇටමිදුළු සහෝදරයකුගෙන් හෝ වෙනත් ඥාතියකුගෙන් හෝ කිසි`දු සම්බන්ධයක් නොමැති පරිත්‍යාගශීලියකුගෙන් ලබා ගැනීමට සිදු වනු ඇත.

සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ සේවා කණ්ඩායම්  පහත ආකාරයෙන් දැක්විය හැකිය

Hemato-Oncologists – රුධිර රෝග හා රුධිරය ආශ‍්‍රිත පිළිකා ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන්ය. මෙම කණ්ඩායම ඇටමිදුළු බද්ධ කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේදී විශේෂ පුහුණුවක් ලබා ඇති අතර ප‍්‍රධාන සංකූලතා සහිත රෝගීන් කළමනාකරණය කිරීමේ හැකියාව ඔවුන් සතුය.

Pediatric Oncologist – දරුවන්ගේ රුධිර රෝග හා පිළිකා ස`දහා ප‍්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන්ය.

රුධිර පාරවිලයන වෛද්‍යවරයා –  රුධිර පාරවිලයන ලබාදීම හා කළමනාකරණය කිරීම පිළිබ`ද විශේෂඥ වෛද්‍යවරයෙකි. රෝගියකුට පරිත්‍යාගශීලියකුගෙන් රුධිරය අවශ්‍ය වූ විට එය දැඩි ආරක්ෂණ ම`ග පෙන්වීම්වලට අනුව සිදු කිරීමට ඔවුන් කටයුතු කරයි.

Intensivist – රෝහලේ ඉතා රෝගී වැඩිහිටි රෝගීන් පිළිබ`ද අවධානය යොමු කරන, බොහෝ විට දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරයෙකි. දරුණු රෝගාබාධ හා සංකූලතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම හා හො`දම ප‍්‍රතිකාර ලබා දීමට කටයුතු කරන විශේෂඥයින් වේ.

Pediatric Intensivist – ඇටමිදුළු ඒකකයේ ඉතා රෝගී දරුවන් රැුකබලා ගන්නා විශේෂඥ වෛද්‍යවරයා මෙනමින් හැ`දින් වේ. ඉතා බරපතල තත්වයක සිටින දරුවන්ට ප‍්‍රතිකාර කිරීම පිළිබ`දව මනා පළපුරුද්දක් සහිත ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර හා විශේෂ ප‍්‍රතිකාර ලබා දෙයි.

නවලෝක රෝහලේ නවීනතම ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය රුධිර රෝග හෝ රුධිර ආශි‍්‍රත පිළිකා ස`දහා විශේෂ ප‍්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් පුහුණුව ලත් හෙද කාර්ය මණ්ඩලයකින් මෙන්ම සහායක කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. ඔවුන් රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දැඩි ආරක්ෂණ ක‍්‍රමවේද හා ආසාදන වැළැක්වීමේ ක‍්‍රියා පටිපාටි අනුගමනය කිරීමට කටයුතු කරති.

මෙහිදී ඇටමිදුළු බද්ධ කිරීම පමණක් නොව රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය උපදේශන ලබා දීමටද බහුවිධ සෞඛ්‍ය සේවා උපදේශක කණ්ඩායමක් කටයුතු කරයි. ඒ තුළින් මානසික ශක්තිය ඔවුන් රෝගීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ලබා දීමට කටයුතු කරන ඔවුන් රෝගියාගේ සුව වීමේ ක‍්‍රියාවලිය පිළිබ`දවද දැනුවත් කිරීමට කටයුතු කරති.

ශ‍්‍රී ලංකාවේ ඇටමිදුළු හා ප‍්‍රාථමික ෙසෙල බද්ධ කිරීමේ ප‍්‍රමුඛත්ම ඒකකය වන්නේ නවලෝක ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයයි. ඉහළ පහසුකම් හා රැකරණය සම`ගින් තමන්ගේ ජීවිතය පිළිබ`ද නැවුම් බලාපොරොත්තුවක් තබා ගැනීමට රුධිර පිළිකා හා අනෙකුත් රුධිර ආබාධ සහිත රෝගීන්ට හැකියාව උදා වනු ඇත.

ඇටමිදුළුවල හරස්කඩක්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top