DIMO Healthcare විසින් ZEISS KINEVO 900 උපකරණයක් Lanka Hospitals හි ස්ථාපනය කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ZEISS සඳහා  ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා ලෙසද කටයුතු කරන  DIMO Healthcare, පසුගියදා ZEISS KINEVO 900 උපකරණයක් Lanka hospitals හි ස්ථාපනය කරන ලදී.

නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය තුළින් රෝහලේ  ශල්‍ය අංශයේ සේවාවන් තවදුරටත් ඉහළ නැංවීම ZEISS KINEVO 900  ස්ථාපනයේ  මූලික පරමාර්ථය විය. උසස් ගුණාත්මක රූප ලබාදෙන මෙම සුවිශේෂී ZEISS KINEVO 900 මඟින් වඩාත් පැහැදිලි ත්‍රිමාණ රූප මැනවින් දර්ශනය කරන අතර ශල්‍ය වෛද්‍යවරුන්ට, සහයක කණ්ඩායම්වලට බාධාවකින් තොරව පැහැදිලි අවබෝධයක් ලබා ගනිමින් ශල්‍යකර්ම කටයුතු වඩාත් නිරවද්‍යව කරගැනීමේ හැකියාව මේ තුළින් ලැබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Lanka Hospitals හි ශල්‍ය අංශයේ ප්‍රධානී වෛද්‍ය දේවිකා කස්තුරිආරච්චි මහත්මිය මෙසේ  සඳහන් කළාය. “ZEISS KINEVO 900 උපකරණය ස්ථාපිත කිරීම ස්නායු ශල්‍ය සේවා අංශයේ පහසුකම් වැඩි දියුණු කිරීමට ඉවහල් වෙනවා. අපගේ ශල්‍ය කණ්ඩායම්වලට ඉතා සියුම් කටයුතු වුවද වඩාත් නිවැරැදිව සිදුකිරීමට මෙම නව තාක්ෂණය ඉවහල් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සත්කාර සැපයීමට සහ ස්නායු ශල්‍ය වෛද්‍ය ප්‍රමිතීන් වර්ධනය කිරීමට අප දක්වන කැපවීම ද මැනවින් පැහැදිලි වෙනවා. වෛද්‍ය තාක්‍ෂණයේ ප්‍රමුඛයෙකු වන DIMO Healthcare සමඟ අපගේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා.”

PointLock නම් විශේෂිත රොබෝ පාලන පද්ධතියකින් සමන්විත මෙම ZEISS KINEVO 900 සතු නව්‍ය තාක්ෂණය මඟින් අන්වීක්ෂය ක්‍රියාත්මක කිරීමේදී වුවද නිශ්චිත ප්‍රදේශයක් කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාව ලබාදෙයි. එමෙන්ම සංකීර්ණ ශල්‍ය කටයුතුවලදී දෝෂ ඇතිවීම අවම කරන අතර වැඩි පැහැදිලි බවක් සහතික කරයි.

ZEISS KINEVO 900 සතු ඩිජිටල් හයිබ්‍රිඩ් තාක්ෂණයෙන් බලගැන්වෙන සුපැහැදිලි 4K කැමරාව මඟින් සම්ප්‍රදායික ශල්‍ය අන්වීක්ෂ උපකරණවලින් ඔබ්බට ගිය අත්දැකීමක් ලබාදෙයි. එමෙන්ම ශල්‍යකර්මයේදී නිවැරැදි තීරණ ගැනීමට අවශ්‍ය වන වැදගත් තොරතුරු රැසක් මෙමඟින් ලබාගත හැකි අතර එය ශල්‍යකර්ම සාර්ථකව සිදුකිරීමටත්, රෝගීන්ට ඉක්මන් සුවය ලැබීමටත් මහඟු මෙහෙවරක් ඉටුකරයි.

DIMO හි අධ්‍යක්ෂ සහ DIMO Healthcare අංශය භාර විජිත් පුෂ්පවෙල මහතා මේ සම්බන්ධයෙන්  සිය අදහස් එකතු කළේ මෙසේය. “නව්‍ය සෞඛ්‍ය සේවා විසඳුම් හඳුන්වාදීමේ ක්‍රියාවලිය තුළ ඉදිරියෙන්ම සිටින DIMO Healthcare හි එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස Lanka Hospitals හි ZEISS KINEVO 900 ස්ථාපනය කිරීම දැක්විය හැක. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීම වෙනුවෙන්  මෙරට  සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත දායකත්වය සැපයීමෙන් අපගේ ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට ද අපි කැපවී සිටිනවා.”

නව තාක්ෂණය දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය වෙත නිරන්තරයෙන් පිරිනමන DIMO Healthcare සියලුම වෛද්‍ය උපකරණ සඳහා  අලෙවියෙන් පසු පුළුල්  සේවාවක්  පිරිනමන අතර අත්‍යවශ්‍ය අමතර කොටස් සහ උපාංග මිලදීගැනීමේ දී  පැය 24 පුරා දින 7 දීම සේවා සැපයීම  මඟින් උපකරණවල ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය තහවුරු කරමින් බාධාවකින් තොරව  සෞඛ්‍ය සේවා සිදුකිරීමට හැකියාව ලබා දෙයි.  

ZEISS KINEVO 900 වැනි නවීන තාක්ෂණයන් සැපයීමෙන් සහ අලෙවියෙන් පසු සුවිශේෂී සහාය ලබා දීමෙන්, DIMO Healthcare  ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය බලගන්වමින්  රෝගීන්ට පහසුකම් රැසක් පිරිනමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top