John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

පුළුල් මානව සම්පත් ,payroll සහ ව්‍යවසායකත්ව  මෘදුකාංග විසඳුම් පිළිබඳ  ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන GalleryHR විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු වන John Keells Logistics (PVT) LTD (JKLL) හි මානව සම්පත් සේවා විසඳුම සාර්ථකව දියත් කිරීම පිළිබඳ පසුගියදා නිවේදනය කරන ලදී. මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ අන්තර්ජාතික මට්ටමේ මානව සම්පත් විසඳුම් ලබා දීමට මෙන්ම විවිධ කර්මාන්තයන්හි ගනුදෙනුකරුවන් සමඟ මනා හවුල්කාරිත්වයන් ආරම්භ කිරීම වෙනුවෙන් SoftGallery හි කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ.

GalleryHR ක්‍රියාවට නැංවීම ඔස්සේ මේ වන විටත් John Keells Logistics (PVT) LTD (JKLL) විවිධ කර්මාන්ත ඔස්සේ බාධාවකින් තොරව නිවැරදි සැපයුම් දාම කළමනාකරණ සේවා සැපයීමේ හැකියාවන් ඔප්පු කරමින් සැලකිය යුතු වටිනාකමක් ලබාගෙන සිටියි.

SoftGallery හි ප්‍රවීණතාවය සහ ඒ ඔස්සේ ලැබෙන විසඳුම් ඔස්සේ JKLL හි මානව සම්පත් ක්‍රියාවලීන් විධිමත් කිරීම, එහි මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ධනාත්මක ව්‍යාපාරික ප්‍රතිඵල රැගෙන ඒ්ම මගින් අනාගත කටයුතු වැඩිදියුණු කිරීම සඳහා පදනම සකස් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් SoftGallery හි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මෙසේ  ප්‍රකාශ කළේය. “John Keells Logistics සමඟ ආරම්භ කළ මෙම සාර්ථක සහයෝගීතාව පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම කටයුතු සජීවීව පවත්වාගෙන යාම සහ එහි මෘදු බව සහතික කිරීම සඳහා  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුසිත් ද සිල්වා මහතා ප්‍රමුඛ අප කණ්ඩායම මනා කැපවීමකින් යුතුව ක්‍රියා කළා. සියලුම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ගැළපෙන විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉහළ පෙළේ සමාගම් සමඟ වැඩ කිරීමට අපට ඇති හැකියාව මෙම ජයග්‍රහණය තුළින් මැනවින් ප්‍රදර්ශනය වෙනවා.

සුසිත් ද සිල්වා මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ  මෙසේය.“ අප ආයතනයේ නායකත්වයේ ශක්තිය සහ අපව ඉදිරියට රැගෙන යන දක්ෂ කණ්ඩායම මෙම සහයෝගීතාවය ඔස්සේ පිළිබිඹු වෙනවා. ඒ වගේම John Keells Logistics සඳහා ප්‍රබල ප්‍රතිඵලයක් අත්කර දෙමින් ඉදිරි කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට මෙය ඉවහල් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

“අඛණ්ඩව මෙහෙයුම් කාර්යක්ෂමතාවය පවත්වා ගනිමින්  සේවා පිරිනැමීම් ඉහළ නැංවීමට JKLL හි අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා.අපගේ ගමනේ වැදගත් පියවරක් ලෙස  GalleryHR ඒකාබද්ධ කිරීම සඳහන් කළ හැකි අතර අපි මේ වන විටත් එහි  සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටිනවා.ඒ වගේම අපගේ මානව සම්පත් කටයුතු සවිමත්  කිරීමට සහ තිරසාර සාර්ථකත්වයක් කරා ළඟා වීම සඳහා  SoftGallery හි විශේෂඥතාවයන් තවදුරටත් ඉවහල් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” ලෙසින් මේ පිළිබඳ අදහස් දක්වමින් John Keells Logistics  හි ප්‍රධාන විධායක නිලධාරී ලසිත මංචනායක මහතා ප්‍රකාශ කළේය.

මෙම නව යෙදවුම සමඟින් SoftGallery සහ John Keells Logistics යන ආයතන ද්විත්වයෙහිම  නව පරිච්ඡේදයක ආරම්භය   සනිටුහන් වේ.මෙම සහයෝගීතාවය ඔස්සේ  මානව සම්පත් තාක්‍ෂණයේ දියුණුව ඉදිරියට රැගෙන යාමේ අවස්ථාව  SoftGallery වෙත උදාවන අතර නව සන්ධිස්ථානයක් කරා ළඟාවීමට අවශ්‍ය  උසස් විසඳුම් සමඟ JKLL සවිබල ගන්වනු ඇත .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top