HNB FINANCE හි  නවතම ශාඛාව පානදුරට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි නවතම ශාඛාව පානදුර නගරයෙහි විවෘත කරන ලදි. අභිනව HNB FINANCE පානදුර ශාඛාව නොම්මර 31/1 හොරණ පාර පානදුර යන ලිපිනයෙහි පිහිටා ඇත.

HNB FINANCE පානදුර ශාඛාව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ. 

අනෙකුත් මූල්‍ය අවශ්‍යතාවන් සේම රන් ණය සඳහාද පානදුර සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් අභිනව HNB FINANCE පානදුර ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතුරින් Gold Loan, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan, සහ VIP Gold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. රන් පවුමක් සදහා වැඩිම අත්තිකාරම් මුදලක් අවම පොලියක් යටතේ විනාඩි තුනක් වැනි ඉතා කෙටි කලකදී ලබා ගැනීමට HNB FINANCE Gold Loan මගින් ඉඩකඩ සැලසෙන අතර අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත විශ්වාසවන්ත, ආරක්ෂාකාරී .ගණුදෙනුවක් අපේක්ෂා කරන පාරිබෝගිකයින් සදහා මෙම නව ර‍න් ණය සේවා ඒකකය කදිම විසිදුමක් වනු ඇත . සමාගම මගින් ලබාදෙන ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්,  ව්‍යාපාරික ණය, නිවාස ණය, ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් පානදුර ශාඛාව තුළින් ද ලබා ගත හැකි වනු ඇත. HNB FINANCE අභිනව ශාඛාව නගර මධ්‍යයෙහි පිහිටා ඇති බැවින් පාරිභෝගිකයින්ට මෙම ස්ථානයට පැමිණ සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගතහැකිය.

HNB FINANCE සමාගම සියලු ආකාරයේ මූල්‍ය පහසුකම් ලබා දෙන බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පළමු තෝරාගැනීම බවට පාරිභෝගිකයින් අතර අපගේ ස්ථානය තහවුරු කිරීම අපගේ ව්‍යාපාරික උපායමාර්ගයෙහි මූලික අරමුණයි. මෙම අභිනව පානදුර ශාඛාව මගින් අපගේ අලුත්ම මූල්‍ය පහසුකම් සමග වඩාත් ප්‍රශස්ත මූල්‍ය සේවා අත්දැකීමක් ලබා ගැනීමට පානදුර සහ ඒ අවට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. HNB FINANCE හි මූල්‍ය සේවා පාරිභෝගික අවශ්‍යතා අනුව සකසා ගත හැකි බැවින් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ පවා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින මූල්‍ය සමාගමක් බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික සේවා විශිෂ්ටත්වයෙහි කැපවීම අභිනව පානදුර ශාඛාව තුළින් ද අත්විඳීමට හැකි බව මම විශ්වාස කරනවා” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *