දරුවන්ගේ හැකියාවන් ඇගයෙන ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’

ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉතා ජනප්‍රිය ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. වයස අවුරුදු 3-5ත් අතර සහ වයස අවුරුදු 6-10ත් අතර කාණ්ඩවල දරු දැරියන් සඳහා වූ මෙම චිත්‍ර තරඟය සම වයස් අතර තරඟකාරීත්වයක් ඇති කිරීමේ සහ විනෝදාස්වාදයක් ලබාදීමේ අරමුණින් ඉතාම සාර්ථකව සංවිධානය කර තිබිණි. මේ වැඩසටහන සඳහා මෙවර 12,000කට අධික චිත්‍ර ප්‍රමාණයක් ලැබී ඇති අතර ළමා නිර්මාණශීලිත්වය සහ හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කරන මෙම අවස්ථාව නැගී එන දක්ෂයින් සඳහා කදිම තෝතැන්නකි. ළමා පරපුරේ විවිධ වූ කලාත්මක හැඟීම් අගයන ‘නිදහස් අදහස්’ වැඩසටහන කලාව පෝෂණය කිරීමට සහ ප්‍රජාව සවිබල ගැන්වීමට ජනශක්ති ලයිෆ් තුළ වූ කැපවීම මනාව විදහා දක්වයි.

කලාපති කලාභූෂණ පුලස්ති එදිරිවීර, ප්‍රසාදනි කුමාරි සහ ප්‍රගීත් රත්නායක වැනි ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව පිළිබඳ හසල දැනුමක් ඇති සම්භාවනීය විනිශ්චය මණ්ඩලයකගේ සහභාගිත්වයෙන් ජයග්‍රාහී චිත්‍ර නිර්මාණ තෝරාගැනීම සිදුවිය.

එක් එක් වයස් කාණ්ඩයන් සඳහා ලද සුවිසල් චිත්‍ර නිර්මාණ ප්‍රමාණයක් අතරින් වඩාත් ඉහළ චිත්‍රණ හැකියාවන් සහිත නිර්මාණ 100ක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රදර්ශනය කළ අතර මෙම විශිෂ්ට කලාකෘති සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමි විය. ප්‍රදර්ශනයට සමගාමීව, දරුවන්ට සිය සම වයසේ මිතුරන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිරිමත් කරමින්, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කලාත්මක කුසලතා වර්ධනය කිරීම සඳහා වූ වැඩමුළුවක්ද ජනශක්ති ලයිෆ් සංවිධානය කර තිබුණි.

තරඟයේ සෑම කාණ්ඩයකම විශිෂ්ට දස්කම් දැක්වූ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා මුදල් ත්‍යාග පිරිනමන ලද අතර 4 සිට 10 දක්වා ස්ථාන ලබා ගත් අය සඳහාද ත්‍යාග සහ වවුචර් පත් පිරිනැමිණි. තරඟාවලිය සඳහා සහභාගී වූ සියලුම දෙනාට ඔවුන්ගේ සහභාගීත්වය සහ කැපවීම වෙනුවෙන් විශේෂ තිළිණයක් පිරිනමන ලද්දේ මෙම තරඟාවලිය, සදාතනික මතකයක් ලෙස ඔවුන්ගේ සිත්වල සනිටුහන් කරමිනි.

මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසුවේ, “’නිදහස් අදහස්’ වෙත ලැබෙන අති දැවැන්ත ප්‍රතිචාරය, දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින ළමයින්ගේ විශිෂ්ට දක්ෂතා සහ උද්යෝගය පිළිබඳ කදිම සාක්ෂියක්. මෙම සෑම කලාකෘතියකම නිර්මාණශීලිත්වය පමණක් නොව අපගේ ළමා පරපුරේ අද්විතීය ඉදිරි දර්ශනයන්ද මුසුවී තිබෙනවා. සමාජය තුළ වෙනසක් මෙන්ම හැඟීමක් ඇතිකිරීමට කලාවට හැකියාවක් පවතින බව අපි තරයේ විශ්වාස කරනවා. මෙම වැඩසටහන දක්ෂතා පෙන්වීමට පමණක් නොව ළමා කලාකරුවන්ට එකිනෙකා දැන හඳුනාගැනීමට සහයෝගයෙන් කටයුතු කිරීමට මෙන්ම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙනවා. තවද, අනාගත නිර්මාණශීලී නායකයින් මෙලෙස දිරිගැන්වීමට හැකිවීම අපිට සතුටක් වගේම ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කරමින් විචිත්‍රවත් සමාජයක් ගොඩනැඟීමට අපි අඛණ්ඩව කැපවෙනවා. ‘නිදහස් අදහස්’ වැඩමුළුවකට එහා ගිය, ශ්‍රී ලංකාවේ කලාවේ සහ නිර්මාණශීලිත්වයේ අනාගතය සැමරීමක්. මෙම දූරදර්ශී දරුවන්ගේ  ගමනට අපි අඛණ්ඩව සහය දෙනවා.” යනුවෙනි.

ළමා හැකියාවන් නංවාලීමට සහ සමාජය සමඟ යහපත් සම්බන්ධතා පැවැත්වීමට ජනශක්ති ලයිෆ් හි ඇති කැපවීම මෙම වැඩමුළුව පුරාවට මනාව ප්‍රදර්ශනය විය. දරුවන්ට සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙවැනි අවස්ථා ලබාදීමෙන් අනාගත පරම්පරාවේ වර්ධනයටද දායක වීමට සමාගම සමත්ව ඇත. දක්ෂතාවයන් සහ නිර්මාණශීලිත්වය දිරිගැන්වීම සමාගම් මෙහෙවරේ මූලිකාංගයක් වන අතර සිය කලාත්මක හැකියාවන් හඳුනාගෙන ඒ තුළින් සමාජයට ධනාත්මක බලපෑමක් සිදුකිරීමට ළමයින් දිරිගැන්වීම එහි මූලික අරමුණයි. නිසි අවස්ථාවන් සහ සහාය තුළින් දරු දැරියන්ට කලනොහැක්කක් නොමැති බව පසක් කරමින් වැඩමුළුව සාර්ථකව නිමාවිය.

අවසානයි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී පිළිබඳ:

1994 වසරේදී ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස ආරම්භ කරන ලද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී (ජනශක්ති ලයිෆ්) වසර 30ක කාලය තුළ රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නවොත්පාදකයෙකු මෙන්ම ජනප්‍රියතම සන්නාමයක් බවට පත්ව ඇත. දීප ව්‍යාප්ත ශාඛා 80ක් සහ පාරිභෝගිකයින් වෙනුවෙන් කැපවූ ඇමතුම් මධ්‍යස්ථානයක්ද සමාගම සතුව පවතී. “ජීවිත නඟාසිටුවීම සහ සිහින සවිබල ගැන්වීම” යන අරමුණ පෙරදැරිව සිය ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට රක්ෂණයෙන් ඔබ්බට සේවාවක් ලබා දෙමින් ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට ජනශක්ති ලයිෆ් කැපවී සිටී. තවද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු රක්ෂණමූල්‍ය සහ ආයෝජන යන අංශවල සිය මෙහෙයුම් කටයුතු සිදුකරන ජනශක්ති සමූහයේ සාමාජිකයෙකි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රකාශ් ෂාෆ්ටර්රවී ලියනගේරමේෂ් ෂාෆ්ටර්වරිනි ද කොස්තාඅන්නිකා සේනානායකසිවක්‍රිෂ්ණරාජා රෙන්ගනාදන්ආචාර්ය. නිශාන් ද මෙල්ආචාර්ය ගෙහාන් ගුණතිලක සහ දිලිප් ද එස්.විජයරත්න යන අය ඇතුළත් වේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top