විද්‍යුත් වාහන බැටරි සහ ICE එන්ජින් හි කල්පැවැත්ම පිළිබඳ Evolution Auto හි අවධානයට.

ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන සැපයුම්කරු වන Evolution Auto, විද්‍යුත් වාහන හිමිකරුවන්ට ඇති ප්‍රධාන ගැටළුවක් වන බැටරි සෞඛ්‍යය සහ එය කොපමණ කාලයක් පවතින්නේ ද, එනම් බැටරිවල ආයු කාලය පිළිබඳව ජාතික සාකච්ඡාවක් ආරම්භ කර ඇත.

පෙට්‍රෝල් සහ ඩීසල් වාහනවලින් විද්‍යුත් වාහන වෙත මාරු වීම සිදු කරන පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු සිටිය ද, “බැටරිය කොපමණ කාලයක් පවතින්නේ ද?” යන සැකය නිසා යම් අවිනිශ්චිතතාවයකින් ඔවුන් පසු වේ. මෙම සංවාදය ඔස්සේ,  අනුමාන මතවලින් තොරව, සාධක හා සාක්ෂි මත පදනම් වූ සංසන්දනය කිරීම් වෙත යොමු විය යුතු බව Evolution Auto පවසයි.

අභ්‍යන්තර දහන එන්ජින් වාහන (පෙට්‍රල් සහ ඩීසල් – ICE) හා සසඳන විට, නවීන විද්‍යුත්  වාහනවල (EV) ස්ථායී බව,  සරල යාන්ත්‍රික සැකැස්ම, කල්පැවැත්ම සහ පුරෝකථනය කිරීමේ හැකියාව පෙන්නුම් කරයි. වර්තමානයේ දී, හුදෙක් අනුමාන කිරීම්වලින් බැහැරව ICE එන්ජින්වල සමස්ත යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය සමඟ විද්‍යුත් වාහන බැටරි සංසන්දනය කිරීම වඩාත් යෝග්‍ය වේ.

Geotab විසින් විවිධ වෙළඳ නාම සහ භූගෝලීය ප්‍රදේශ හරහා විද්‍යුත් වාහන 22,700කට අධික සංඛ්‍යාවක දත්ත භාවිතා කරමින් සිදු කරන ලද ගෝලීය අධ්‍යයනයකින් මේ පිළිබඳ පැහැදිලි ප්‍රතිඵල පෙන්නුම් කරයි.  අධ්‍යයනයට අනුව, EV බැටරිවල සාමාන්‍ය වාර්ෂික ක්ෂය වීමේ අනුපාතය 2-3% ක් පමණ වේ. වසර අටක භාවිතයෙන් පසු, බොහෝ බැටරි මෙම අනුපාතයෙන් ඒවායේ මුල් ධාරිතාවෙන් 80%කට වඩා පවත්වා ගනියි.

පර්යේෂණයෙන්  පෙන්වන්නේ, බැටරි හදිසියේ නොව, ක්‍රමිකව හා සෙමින් ගෙවී යන බවයි. බොහෝ නවීන විද්‍යුත් වාහන බැටරි වසර 15–20ක් සඳහා ඒවායේ ධාරිතාවෙන් 70%කට වඩා තබා ගැනීමට අපේක්ෂා කරන අතර එය සාමාන්‍ය මෝටර් රථ භාවිතය සඳහා ප්‍රමාණවත් වේ.  ප්‍රායෝගිකව මින් අදහස් කරන්නේ, බැටරිය බොහෝ විට මෝටර් රථයේ සාමාන්‍ය හිමිකාරීත්ව කාලයට වඩා දිගු කාලයක් පැවතිය හැකි බවයි.

මධ්‍යස්ථ දේශගුණයක් තුළ සහ හොඳ තාප කළමනාකරණ පද්ධති ඇති නම්, බැටරි සෞඛ්‍යය දිගු කාලයක් පවතින බවත්, අධික තාපය නිසා බැටරි ගෙවී යාම වේගවත් විය හැකි බවත් අධ්‍යයනයෙන් තවදුරටත් පෙන්නුම් කරයි. වඩා හොඳ බැටරි රසායන විද්‍යාව සහ කළමනාකරණ මෘදුකාංග නිසා නවීන විද්‍යුත් වාහන මාදිලි පැරණි ඒවාට වඩා දිගුකාලීන කල්පැවැත්මක් ලබා දෙයි.

මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ නවීන විද්‍යුත් වාහන බැටරි විශ්වාසදායක ක්‍රියාකාරිත්වය, පුරෝකථනය කළ හැකි සේ ක්ෂය වීම සහ දිගු කාලීන භාවිතය සඳහා නිර්මාණය කර ඇති බවයි. එමඟින් දිගුකාලීනතාව පිළිබඳ සංවාදය ඉංජිනේරු සාධක මත මැනිය හැකි කරුණක් බවට පත් වේ.

තවද, ICE වාහන (පෙට්‍රල් සහ ඩීසල් කාර්) අනිවාර්යයෙන්ම එන්ජින්, ගියර්බොක්ස්, exhaust assemblies, ඉන්ධන  පද්ධති, ක්ලච් සහ සිසිලන පද්ධතිය  ඇතුළු බහු සම්බන්ධිත පද්ධතිවල බොහෝ කොටස් එකම අවස්ථාවේ දී ම ගෙවී යයි.  මෙම පද්ධති පැරණි වීමත් සමඟ, නඩත්තු කිරීම වඩා සංකීර්ණ වන අතර වියදම ද වැඩි වේ. බැටරි ගෙවී යාම වඩාත් ක්‍රමවත්ව මැනිය හැකි වුනත්, ICE වාහනවල යාන්ත්‍රික ගෙවී යාම එකවරම හෝ අහඹු ලෙස සිදුවිය හැක.

විද්‍යුත් වාහනවල සාමාන්‍යයෙන් පෙට්‍රල් හෝ ඩීසල් මෝටර් රථවල මෙන් චලනය වන කොටස් අඩු අතර එන්ජින් දහනයක් නොමැත. එනම්  යාන්ත්‍රිකව ගෙවී යන කොටස් බොහොමයක් විද්‍යුත් වාහනවල නොමැත. විද්‍යුත් වාහන වෙනස් වන්නේ  ඒවා බහු යාන්ත්‍රික බිඳ වැටීම් වෙනුවට පුරෝකථනය කළ හැකි බැටරි හා  බැටරි ක්ෂය වීම සෙමින් සිදු වීම කෙරෙහි අවධානය යොමු කරන බැවිනි.

මෙම සරල සැලසුම, වාහන ආයු කාලය විනිශ්චය කරන ආකාරය වෙනස් කරයි. විද්‍යුත් වාහන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ, ඉක්මනින් ගෙවී යන බොහෝ යාන්ත්‍රික කොටස් නඩත්තු කිරීම වෙනුවට, කාලයත් සමඟ සෙමින් සහ ක්‍රමිකව ශක්තිය අඩුවන බැටරියක් කෙරෙහි ය.

Evolution Auto හි අලෙවි‍යෙන් පසු සේවා ප්‍රධානී, නුරාන් සිල්වා මහතා, “දිගුකාලීන හිමිකාරිත්වය දෙස බලන විට විද්‍යුත් හා ICE වාහන බැටරිවල වෙනස වඩාත් පැහැදිලි වෙනවා. පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථවල බොහෝ යාන්ත්‍රික කොටස් එකවර ගෙවී යන අතර, විද්‍යුත් වාහනවල බැටරි සෙමින් හා පුරෝකථනය කළ හැකි ලෙස ක්ෂය වී යනවා. සමාගමේ අලෙවියෙන් පසු සේවා අත්දැකීම් මත පදනම්ව, නවීන විද්‍යුත් වාහන කාලයත් සමඟ වඩාත් ස්ථාවර කාර්ය සාධනයක් ලබා දෙන අතර, බැටරි ආයු කාලය තවදුරටත් පෙර විශ්වාස කළ පරිදි මූලික ගැටළුවක් නොවේ.” යනුවෙන් මේ සම්බන්ධව සිය අදහස් දැක්වීය.

Evolution Auto හි අලෙවියෙන් පසු සේවා අංශය, පෙට්‍රල්/ඩීසල් සහ විද්‍යුත් වාහන යන දෙවර්ගයම හසුරුවන අතර, කාලයත් සමඟ වාහන ක්‍රියා කරන ආකාරය පිළිබඳව පාරිභෝගිකයා පදනම් කරගත් සැබෑ අවබෝධයක් ඔවුන් සතු වේ.

ශ්‍රී ලංකාවේ විවිධ රිය පැදවීමේ තත්වයන් යටතේ සැබෑ ලෝකයේ වාහන ක්‍රියාකාරිත්වයට සෘජු ප්‍රවේශයක් ලබා දෙමින්, Evolution Auto, විවිධ විද්‍යුත් වාහන සන්නාම සහ වේදිකා කිහිපයක් හරහා විශාල පරාසයක ක්‍රියාත්මක වේ. මෙය පැහැදිලි කර්මාන්ත වෙනසක් පෙන්නුම් කරයි.  විද්‍යුත් වාහන තවදුරටත් අවිනිශ්චිත නව තාක්‍ෂණයක් නොව තහවුරු කළ සහ විශ්වාසදායක ගමනාගමන විසඳුමකි.

ජාත්‍යන්තර අධ්‍යයනවලින් තහවුරු වන්නේ විද්‍යුත් වාහනවල බැටරි දිගු කාලයක් පුරා ඒවායේ බලය හොඳින් රඳවා ගන්නා බවයි.  දේශීය මෙහෙයුම් අත්දැකීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන හිමිකරුවන් ස්ථාවර කාර්ය සාධනයක්, පුරෝකථනය කළ හැකි නඩත්තු අවශ්‍යතා සහ කාලයත් සමඟ බැටරි ආශ්‍රිත ගැටළු  අත්විඳින බවයි. මෙම කරුණු සියල්ල එකට ගෙන බලන විට, වාහනයක සමස්ත ආයු කාලය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ ගමනාගමන පරිසරය වෙනස් වෙමින් පවතියි. මිනිසුන් සහ ව්‍යාපාර දිගු කාලීනව වාහන සඳහා ආයෝජනය කරන විට, කල්පැවැත්ම විනිශ්චය කළ යුත්තේ යාන්ත්‍රික සංකීර්ණතාවයෙන් නොව ඉංජිනේරු කාර්යක්ෂමතාව සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය මගිනි.

නව විද්‍යුත් වාහනවලින් පෙනී යන්නේ සරල නිර්මාණයකින් දිගු ආයු කාලයක් ලබා ගත හැකි බවයි. සෙමින් ගෙවී යන බැටරි සහ ගෙවී යන කොටස් අවම නිසා, විද්‍යුත් වාහන බොහෝ විට පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථවල ආයු කාලයට සමාන හෝ ආයු කාලය ඉක්මවා යා හැකිය.

විද්‍යුත් වාහන තවදුරටත් අත්හදා බැලිය යුතු විකල්පයක් නොවේ. ඒවා දිගු කාලීන භාවිතය සඳහා තහවුරු කරන ලද, විශ්වාසදායක විසඳුමකි.

වැඩි විස්තර සඳහා, www.evolutionauto.lk වෙත පිවිසෙන්න. නැතහොත් 0777 553 355 අමතන්න.

මෙම ලිපිය Geotab විසින් සිදු කළ ජාත්‍යන්තර විද්‍යුත් වාහන බැටරි කාර්ය සාධන පර්යේෂණය වෙත යොමු කරයි. මේ පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනය හා වැඩි විස්තර සඳහා https://www.geotab.com/blog/ev-battery-health/ වෙත යොමු වන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top