නුවර Cinnamon Citadel හෝටලය රු. බිලියන 2.77කට දැඩිගමට විකුණයි

මහනුවර පිහිටි Cinnamon Citadel හෝටලයේ හිමිකාරීත්වය දරනු ලබන සමාගම වන Kandy Walk Inn Limited හි කොටස් අයිතිය විකුණා දැමීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමක් වන ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී විසින් තීරණය කර තිබේ.

මේ වෙනුවෙන් අදාළ ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය වන Lavendish Leisure සමඟ බන්ධිත ගිවිසුමකට එළඹීමට ජෝන් කීල්ස් හොටේල්ස් විසින් කටයුතු කර ඇත. Lavendish Leisure යනු මෙරට ප්‍රකට ව්‍යාපාර ජාලයක් වන දැඩිගම සමූහයේ ආගන්තුක සත්කාරක ව්‍යාපාර හස්තයයි.

ඒ අනුව ජෝන් කීල්ස් හොටේල්ස් සතු Kandy Walk Inn Limited හි 98.39%ක සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය විකුණා දමනු ලබන අතර ඒ සඳහා ගිවිසුම්ගත මිල රු. බිලියන 2.777ක් වේ.

මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමෙන් පසු අවම මාස 12ක කාලයක් අදාළ පරිශ්‍රය ‘Cinnamon Hotels and Resorts’ සන්නාමය යටතේ ‘Cinnamon Citadel’ ලෙසින් ක්‍රියාත්මක වනු ඇත.

මෙම ගනුදෙනුව 2026 මාර්තු 31ට පෙර සිදුකිරීමට නියමිතය.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top