සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 38 ක සීනි ආනයනය කරලා. 134% ක ඉහළ යාමක්

පසුගිය 2020 සැප්තැම්බර් මාසයේ දී මෙරටට ආනයනය කර ඇති සීනි හා රසකැවිලි වෙනුවෙන් දරා ඇති ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 38ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව පෙන්වා දේ. මෙම අගය 2019 වසරේ සැප්තැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 16.2 හා සැසඳීමේ දී 134.2% ක ඉහළ යාමක් වේ.

මේ අතර 2020 වසරේ මුල් මාස 09 තුළ දී මෙරටට ආනයනය කර ඇති සීනි හා රසකැවිලිවල සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 200.6ක් බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මෙය 2019 මුල් මාස 09 හි සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 142.6 හා සැසඳීමේ දී 40.6% ක ඉහළ යාමක් වේ.

2019 සමස්ත වර්ෂයටම සීනි ආනයනය වෙනුවෙන් දරා ඇති වියදම ඩොලර් මිලියන 199.7 කි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top