හච්, සිය පාරිභෝගිකයින් හට නිවසේ සිට කාර්යාල කටයුතු කිරීමේ පහසුව සලසමින් රජයේ වැඩපිළිවෙළට සහයෝගය දක්වයි

COVID-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා නිවෙස්වල සිට කාර්යාල කටයුතු කිරීමට පොළඹවමින් ජනතාව හුදෙකලා කිරීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබේ.  

අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හච්, සිය පාරිභෝගිකයින් දැනුවත්ව තැබීමට මෙන්ම ඔවුන්ට නිවසේ සිට කාර්යාල කටයුතු පවත්වාගෙන යාමටද අවශ්‍ය සම්බන්ධතාවය දිගටම ලබා දීමට වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කරමින් තමන් මෙම රජයේ වැඩපිළිවෙලට සතුටින් සහයෝගය දක්වන බව සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙලෙහි පළමුවැන්න වශයෙන්, හච් සිය ග්‍රාහකයින්ට නිවෙස්වලින් බැහැර නොවී ජංගම සේවාවන්හි සහය ලබා ගැනීම සඳහා ජංගම දුරකතන ඇමතුම් සඳහා ණය මුදලක් පිරි නැමෙයි. අන්තර්ජාලය මගින් ජංගම දුරකතන සම්බන්ධතාව සඳහා මුදල් ගෙවීමට හච් වෙබ් අඩවිය ඔස්සේද, Hutch Self Care app මගින්ද පහසුකම සලසා ඇති අතර, හච් පාරිභෝගිකයින් සඳහා පිරිනැමෙන ඇමතුම් ණය මුදලද වැඩි කර තිබේ. https://online.hutch.lk/hopp/  යන හච් වෙබ් අඩවිය ඔස්සේ රීලෝඩ් හා බිල්පත් මගින් කෙරෙන සෑම මුදල් ගෙවීමක් සඳහාම, 10% ක බෝනස් දීමනාවක් ද පිරිනැමීමට කටයුතු කරමින් සිය ග්‍රාහකයින් දිරිමත් කිරීමටද හච් කටයුතු කරයි. මෙම දීමනාව, 2020 මාර්තු 31 දක්වා සෑම පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයකු හටම ලබා ගත හැකිය.

දෙවන්න වශයෙන්, සුපුරුදු හච් ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන් එම මධ්‍යස්ථාන හරහා පාර්භෝගිකයින් වෙත සම්බන්ධ වීම අවහිර වී ඇති අවස්ථාවක, විමසීම් සඳහා ක්ෂණික ප්‍රතිචාර ලැබෙන පරිදි, Whatsapp, Viber, SMS හා Email මගින් සිය හච් නියෝජිතයකු සම්බන්ධ කරගැනීමටද පාරිභෝගිකයින් හට අවස්ථාව සලසා තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) සමග සම්බන්ධව, සිය පාරිභෝගිකයින් හට නිරතුරුවම සම්බන්ධතාවය පවත්වා ගත හැකි පරිදි නවතම ක්‍රමවේද ගණනාවක්ද හච් විසින් ප්‍රවර්ධනය කර තිබේ. CliQ 3G, අසීමිත අන්තර්ජාල සබඳතාව ලබා දෙමින්, 25% ක වට්ටම්ද සමගින් හච් වෙතින් පිරි නැමේ. දින 30 ක් සඳහා අසීමිත YouTube සබඳතාවද හච් පාරිභෝගිකයින් හට පිරිනැමෙන අතර, එමගින් ඩේටා පිළිබඳ තැකීමක් නොකර පවුලේ සියල්ලන් හට අධ්‍යාපනය හා විනෝදාස්වාදය ලබා ගැනීමට හැකියාව ලැබේ. පාරිභෝගිකයින්ට උපරිම ඩේටා වටිනාකමක් හා පහසුවක් සැලසෙන 100% Anytime Data පැකේජ මුල් වරට පිරි නමා ඇත්තේද හච් වීම විශේෂත්වයකි.

එමෙන්ම, විශ්ව විද්‍යාල සිසුන්ට නිවෙස්වල සිටම සිය අධ්‍යාපන කටයුතු කර ගැනීමට අවස්ථාව සලසමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම හා එක්ව හච්, සියලුම විශ්ව විද්‍යාල  සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීමේ කටයුතු කරගැනීමට eLearn පහසුකම් සඳහා නොමිලේ ප්‍රවේශ වීමටද ඉඩකඩ සලසා තිබේ.

“දීප ව්‍යාප්ත 4G ආවරණයෙන් යුත් නවතම දැවැන්ත හා සමීප හච් ජාලය සමගින්, COVID-19 වෛරසය ජය ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීම අපට ආඩම්බරයට කරුණක්. ඒ වගේම, මෙම අසීරු කාල පරිච්ඡේදය තුළ, සමාජයේ විවිධ පාර්ශවයන්ගේ සන්නිවේදන අවශ්‍යතා හඳුනාගනිමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන් අපගේ ප්‍රශංසාව පුද කිරීමටත් කැමතියි ” හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *