ආදරණීය ලොවක් ගොඩ නැගීම සඳහා බේබි ෂෙරමි සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි

දශක ගණනාවක් පුරාවට මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ  දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි, දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා, මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි යන, “සමසහභාගි දෙමාපියත්වය” සංකල්පය මව්පියවරුන් වෙත ගෙන යාමට කැපවී සිටින සන්නාමයකි. 

පසුගිය වසරේ මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා වීමත් සමඟ, එම දරු පැටවුන් උදෙසා වසරක කාලයක් පුරාවට අවශ්‍ය ඩයපර්ස්, ෂැම්පු, සබන්, ක්‍රීම් සහ කොලොන් වැනි ළදරු සත්කාර නිෂ්පාදන රැසක් ලබාදීමට ක්‍රියා කිරීම, බේබි ෂෙරමි විසින් සිදු කරන ලද ආදරණීය කර්තව්‍යකි. 

බේබි ෂෙරමි විසින් ලබාදුන් මෙම ආදරණීය අනුග්‍රහය පිළිබඳව සහ පසුගිය මාස කිහිපයේ සිය අත්දැකීම බෙදාහදා ගනිමින්, බිළිඳුන්ගේ පියා වන උදයංග මරවනාගොඩ මෙලෙස පවසා සිටියි.  “මගේ සහ දිලිනිගේ ජීවිතයට මෙය අපූර්ව අත්දැකීමක් කියල මම මුලින්ම කියන්න ඕනේ. දරුවන් සය දෙනෙකුගේ දෙමව්පියන් වීම ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක් වගේම, ලොකු වගකීමක්. විශේෂයන්ම දරුවන් සය දෙනෙකු රැකබලා ගැනීමේදී අපට කායික, මානසික මෙන්ම මූල්‍ය අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. මෙම සියලුම අපහසුතා සහ අභියෝග සඳහා අප දෙදෙනාම එක්ව මුහුණ දුන්නා. දරුවන් වෙනුවෙන් මගේ කාලය කැප කරමින්, මගේ බිරිඳට සහ දරුවන්ට  අවශ්‍ය සුවපහසුව ලබාදීමට මම සෑම විටම උත්සහ කළා. මේ ගමනේදී, අපට බේබි ෂෙරමි විශාල සහයෝගයක් ලබා දුන්නා. ඇත්තටම අපේ දරුවන් වෙනුවෙන් බේබි ෂෙරමි සෙනෙහසින් ලබාදුන් එම සහයෝගයන් අප බෙහෙවින් අගය කර සිටිනවා.”

දරුවන්ගේ ආදරණීය මව වන දිලිනි වාසනා දයානන්ද සිය අදහස් බෙදාහදා ගනිමින් මෙලෙස පවසා සිටියි.  “අපට අවශ්‍ය සහයෝගයන් ලබාදීම සඳහා, පසුගිය මාස කිහිපයක කාලය පුරාවට බේබි ෂෙරමි අප හා අත්වැල් බැඳගෙන සිටීම විශාල සතුටක්. අපගේ දරුවන් සය දෙනාට අවශ්‍ය සුවපහසුව සහ ආරක්ෂාව ලබාදීම අප දෙදෙනාගේම එකම බලාපොරොත්තුව. අපේ දරු පැටවුන්ට අත්‍යවශ්‍ය ළදරු නිෂ්පාදන ලබා දීමට බේබි ෂෙරමි ක්‍රියා කළ නිසා, අපට විශාල සහනයක් දැනුනා වගේම අපේ දරු පැටවුන්ගේ ජීවන ගමනට හොඳ ආරම්භයක් ලැබුණා කියලා කියන්න පුළුවන්”.

දරුවන් සය දෙනෙකු රැකබලා ගැනීම මවකට විශාල කාර්යභාරයක්. නමුත්, පියාගේ සහයෝගය අඛණ්ඩව හිමිවන්නේ නම්, එය ඉතා පහසු කාර්යයක්. දරු පැටියා රැකබලා ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා මව සහ පියා දෙදෙනාගේම ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම සමාජයට පෙන්වා දෙමින්, “සමසහභාගි දෙමාපියත්වය” යන සංකල්පය දේශීයව ප්‍රචලිත කිරීම සඳහා බේබි ෂෙරමි දිගින් දිගටම ක්‍රියා කරයි.  මේ අනුව “සමසහභාගි දෙමාපියත්වය” යන සංකල්පය දේශීයව ප්‍රචලිත කිරීමටත්, එහි වැදගත්කම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමටත්, ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ මාර්ගෝපදේශනය සහිතව වැඩසටහන් රාශියක් බේබි ෂෙරමි ක්‍රියාත්මක කරමින් සිටියි. තවද, දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය, ගර්භණී සත්කාර ඇතුලු දෙමව්පියන්ට වැදගත් වන විවිධ මාතෘකා කිහිපයක් පිළිබඳවම දැනුම වර්ධනය කිරීම උදෙසා බේබි ෂෙරමි, ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ සහයෝගය ඇතුව “දරු පැටියාගේ ලෝකය” ඇතුලු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි.

බේබි සබන්, ෂැම්පු, බේබි ක්‍රීම් සහ ලෝෂන්, ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. විශිෂ්ට ගුණත්වය සහ ආරක්ෂාකාරී නවීන නිෂ්පාදන ක්‍රියාවලීන් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLS සහතිකය දිනාගත් බේබි සබන් සන්නාමය වන්නේද බේබි ෂෙරමියි.  තවද, බේබි ෂෙරමි නිෂ්පාදන බිලිඳු සමට  හිතකර බව සායනිකව සනාථ කර ඇති අතර,   IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කර දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.  ශ්‍රී  ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේ,  ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත්වීමටද බේබි ෂෙරමි හට හැකි විය.  සියලුම බේබි ෂෙරමි නිෂ්පාදන පිළිබඳ හෝ “සමසහභාගි දෙමාපියත්වය” සංකල්පය පිළිබඳ විස්තර අවශ්‍ය නම්, www.babycheramy.lk වෙතින් හෝ  https://www.facebook.com/BabyCheramy/ වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *