ශ්‍රී ලාංකික රුව වඩවන සත්කාර සන්නාමය වන රාණි සඳුන් වෙතින් සිය විශ්වාසනීය පාරිභෝගිකයන් වෙත රන් පෙන්ඩන.

ස්වදේශී කර්මාන්තායතනය, සිය විශ්වාසනීය රාණි සඳුන් පාරිභෝගිකයන් වෙනුවෙන් සති 06ක කාලයක් පුරා, සතියකට කැරට් 22 රන් පවුම් 03 බැගින් පිරිනමමින් ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි.

රාණි සඳුන් සබන් හිස් පැකට්ටු 02ක් වට්සැප් (077 0089716) හරහා  එවීම හෝ  Rani Sandalwood ෆේස්බුක් පිටුව වෙත පාරිභෝගිකයාගේ නම, ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සමඟ Inbox කිරීම හෝ  “රාණි සඳුන් රන් රැජිණියන්” තැපැල් පෙට්ටිය 04, කඳාන ලිපිනයට තැපැල් කිරීමෙන් සති 06ක් පුරා  රුපියල් මිලියන 3ක වටිනාකමක් සහිත කැරට් 22 රන් පවුම් 18,  දිනා ගැනීමට හැකි බවට ස්වදේශී කර්මාන්තායතනය නිවේදනය කරයි.

2024 මැයි මස සිට 2024 ජුනි 30 දක්වා පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් සතිපතා දිනුම් ඇදීමේ දී ජයග්‍රාහකයින් තෝරා ගනියි. Rani Sandalwood ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් පාරිභෝගිකයන්ට වැඩිදුර තොරතුරු සහ නව තොරතුරු පිළිබඳ දැන ගත හැකියි.

වඩාත් විශ්වාසවන්ත හා  පිරිසිදුම සඳුන් භාවිතා කරමින් නිෂ්පාදනය කරන රුව වඩන රාණි සඳුන් සබන්, වෙළඳපොලේ ඇති වසර 80ක විශ්වාසවන්තම නිෂ්පාදනයයි. රාණි සඳුන් සමගින් දිගු කාලයක පටන් විශ්වාසයෙන් බැඳී සිටින පාරිභෝගිකයන් වෙත කරන්නා වූ උපහාරයක් ලෙස සෑම රැජිනකටම මෙම රාණි සඳුන් ප්‍රවර්ධන වැඩසටහන සිදු කරන බව ස්වදේශී  හි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

රාණි සඳුන් සබන්වල ප්‍රධාන ශාක සාර අමුද්‍රව්‍ය වන සඳුන්, එය සතු ඉහළ සම සුසිනිඳු ලෙස පිරිසිදු කිරීමේ ගුණාංගය  සඳහා  ප්‍රසිද්ධ වේ. රාණි සඳුන් සබන් සම සිනිඳු සහ සුමුදු කරමින් දිදුලන දීප්තිමත් සමක් ලබා දෙන්නේ සම නිරෝගිමත්ව  තබා ගැනීමට උපකාර වෙමිනි.  මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ රාණි සඳුන් සබන්වල ඇති මෙම ගුණාංග පිළිබඳව තවදුරටත් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට ස්වදේශී අපේක්ෂා කරන බවට එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

සඳුන්වල පවතින සුවිශේෂී ප්‍රතිලාභයන් හා  එහි පවතින සුව ගුණයන් හඳුනන සැබෑ  සුන්දර යුවතියන් සමඟ රාණි සඳුන් සබන් සෑම විටම සම්බන්ධ වී ඇත.

80 වසරකට අධික උරුමයක් සපිරි වෙළඳපොලේ පවතින ගුණාත්මකබවින් හොඳම හා  සැබෑම සඳුන් සබන් ලෙස විශ්වාසය දිනා ගත් රාණි සඳුන්, ශ්‍රී ලාංකික යුවතියන්ට රැජිනක් මෙන් බැබළෙන්නට අවස්ථාව සලසයි.

1941 දී වෙළඳපොළට හඳුන්වා දුන් රාණි සඳුන් සබන් සන්නාමය එදා   පටන් අද දක්වා   සඳුන් සබන් ක්ෂේත්‍රය තුළ නොසැලෙන නායකත්වයක් හිමි කර ගැනීම සුවිශේෂී වන අතර විදේශීය වෙළඳ පොළේ පුළුල් පිළිගැනීමක් ලබා   ඇත.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා  භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍යය අඩංගුව නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා  පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා  පාරිසරික බලපෑම සලකා  බලා  ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 තත්ව සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *