මධ්‍යම පළාතේ පාරිභෝගික ජනතාව වෙත පුළුල් සේවාවක් පිරිනමමින් DIMO සිය වැඩිදියුණු කළ නවතම බලගොල්ල ශාඛාව  විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මධ්‍යම පළාතේ  පාරිභෝගික ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා  සිය බලගොල්ල සේවා මධ්‍යස්ථානය පූර්ණ ශාඛාවක් ලෙස අංක 688, බලගොල්ල, කෙන්ගල්ල දරණ ස්ථානයේ දී පසුගියදා විවෘත කරනු ලැබීය.

මින් පෙර බලගොල්ල සේවා මධ්‍යස්ථානය TATA වාහන පිළිබඳ සීමිත සේවාවන් සඳහා පමණක් සීමා වී තිබූ අතර මෙම නව ශාඛාව මඟින් ප්‍රවාහන සහ කෘෂිකර්මාන්ත  ක්ෂේත්‍රයේ  කර්මාන්තකරුවන් වෙනුවෙන් සේවා රැසක් හඳුන්වා දී ඇති අතර ගෘහ උපකරණ විසඳුම්  මාලාවක් ද පිරිනමමින් පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද ප්‍රබල දායකත්වයක් සපයනු ඇත.

DIMO හි Automotive Engineering Solutions ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “රටේ සමස්ත ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන්  කලාපීය වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. DIMO බලගොල්ල සේවා මධ්‍යස්ථානය පූර්ණ ශාඛාවක් දක්වා වැඩිදියුණු කිරීම කලාපීය වර්ධනයට දායකවීම සඳහා වන අපගේ වෑයමේ තවත් එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. DIMO බලගොල්ල ශාඛාව තුළින් විසඳුම් රැසක් එකම වහලක් යටින් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාව වෙත පිරිනමා තිබෙනවා. මෙය නිසැකවම කලාපයේ ජනතාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට උපකාරී වේ යැයි අපි අපේක්ෂා කරනවා.”

DIMO කළමනාකාරීත්වය නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ දී

වාහනවල ධාවන අලුත්වැඩියාව, අනතුරුවලට ලක්වූ වාහන අලුත්වැඩියා කිරීම, එන්ජින් අලුත්වැඩියාව, සේදීම සහ අභ්‍යන්තර පිරිසිදු කිරීම, වාහන අලෙවිය මෙන්ම TATA වාහන  සඳහා අමතර කොටස් සැපයීම ඇතුළු සම්පූර්ණ සේවා රාශියක් මෙම නව ශාඛාව  ඔස්සේ සැපයේ. එමෙන්ම මෙම නව ශාඛාව, TATA විශේෂඥයින් විසින් පුහුණු කරන ලද දක්ෂ කාර්මික ශිල්පීන් කණ්ඩායමකින්, නවතම මෙවලම් සහ තාක්ෂණික උපකරණ වලින්  ද සමන්විත වේ. මෙමඟින් TATA වාහන සඳහා ගුණාත්මක  සේවාවක් සහ දිගු කල්පැවැත්මක් ලබාදෙමින්  කලාපයේ ව්‍යවසායකයන්ට, කර්මාන්තකරුවන්ට සහ වාහන හිමියන් වෙත නවතම අත්දැකීමක් ලබාදෙයි. ඒ අනුව  සියලුම ප්‍රවාහන අවශ්‍යතා සඳහා පරිපූර්ණ සහකරු ලෙස  සිය ස්ථාවරය තවදුරටත් සනාථ කරමින් DIMO සිය නව ශාඛාව වෙත පිවිසෙන පාරිභෝගිකයන්ගේ TATA වාහන සඳහා ඉහළම ප්‍රමිතියෙන් යුතු සේවාවක්   පිරිනමනු ලබයි. තවද, මෙම ශාඛාව තුළින් Michelin, Kumho, MRF, Sailun ආදී  ටයර් සන්නාම රැසක් ද DIMO  මෙහිදී පාරිභෝගිකයන්ට පිළිගන්වයි.

මීට අමතරව කලාපයේ DIMO කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හිමියන්ට  සේවා සැපයීම වෙනුවෙන්ම විශේෂ  සේවා කණ්ඩායමක් ද මෙම නවතම DIMO ශාඛාව තුළ යොදවා ඇත. මධ්‍යම පළාතේ ගොවි ප්‍රජාව වෙත  DIMO ට්‍රැක්ටර් සහ  හාවස්ටර් පිළිබඳ විකුණුම් කටයුතු , අමතර කොටස් සහ ස්ථානීය සේවා අවශ්‍යතා සඳහා මෙම කණ්ඩායමේ  සහය ලබාදෙනු ඇත.

තවද මෙම නවතම ශාඛාවේ දී ගෘහ උපකරණ විසදුම්  අංශය යටතේ  Black + Decker ගෘහ උපකරණ සහ DIMO Lumin lighting solutions පාරිභෝගිකයන්ට DIMO පිරිනමනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *