ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය  විසින් Alumex PLC වෙත ‘Certificate of Ethical Trading’ සහතිකය පිරිනැමේ

Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC වෙත පසුගියදා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් ‘සදාචාරාත්මක වෙළෙඳ කටයුතුවලට හිමි සහතිකය’ (Certificate of Ethical Trading) පිරිනමා තිබේ. මෙම ජයග්‍රහණයේ වෙළෙඳ කටයුතු, ශ්‍රමය, සදාචාරාත්මක බව, පාරිසරික සහ සමාජීය යහපත් භාවිතයන් හරහා වෙනස්වන නියාමන අවශ්‍යතාවයන්ට සහ පාරිභෝගික රුචිකත්වය ගැළපෙන පරිදි ක්‍රියාත්මක වීමට Alumex PLC විසින් දක්වන කැපවීම පිළිබඳ මනා සාක්ෂියක් වනු ඇත. සේවක ප්‍රජාව පිළිබඳව සාධාරණ පිළිවෙත්, ආරක්ෂිත සේවා කොන්දේසි, පරිසරය කෙරෙහි ගෞරවය දැක්වීම සහ ප්‍රාදේශීය ප්‍රජාව සමඟ මනා සබඳතාවක් ගොඩනගා ගැනීම ආදී  සාධක රැසක් සම්මානලාභීන්  තොරා ගැනීමේදී  ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සලකා බලයි.මෙම සහතික ප්‍රදානයෙහි මූලික අරමුණ වන්නේ, අපනයන ක්ෂේත්‍රය  තුළ සදාචාරාත්මක භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙන්ම තිරසාර සහ වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් අනුගමනය කිරීම කෙරෙහි අනෙකුත් සමාගම්ද දිරිමත් කරවීම වේ.  එබැවින්  සමාගම් වෙත ප්‍රතිලාභ පිරිනැමීමට පමණක් නොව, අන්තර්ජාතික වෙළෙඳපල තුළ වගකීම් සහගත හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළ නැංවීම කෙරෙහිද මෙම සහතිකය බෙහෙවින් ඉවහල් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින්  Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය.“අපනයන වෙළෙඳපල තුළ ආචාරධර්මයන්ට අනූකූලව කටයුතු කරන සැපයුම්කරුවෙකු ලෙස අපගේ සමාගම් නාමය සටහන් කරමින් , කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රථම පුරෝගාමියා වීම කෙරෙහි ඇලුමිනියම්  කර්මාන්තයේ  අති නවීන  ප්‍රමිතීන්ට අනුගතව  සමාගමේ කටයුතු මෙහෙයවීම සඳහා අප දක්වන  කැපවීම ඉවහල් වී තිබෙනවා .එමෙන්ම තිරසාර නිෂ්පාදන ඉදිරිපත් කිරීම වෙනුවෙන්  අපි දක්වන වැඩි අවධානය සහ උනන්දුව  ද අපට මෙම සහතිකය දිනා ගැනීමට උපකාර වී තිබෙනවා . Alumex PLC විසින් Hayleys සමූහයේ ESG අභිලාෂයන් මෙන්ම 2030 වසර සඳහා මාර්ග සිතියම පිළිබිඹු කරන Hayleys Lifecode යටතේ දක්වා ඇති පුළුල් ඉලක්ක සමඟ පෙළගැසෙමින් එහි ESG මාර්ග සිතියම සංවර්ධනය කිරීමට සක්‍රීයව දායකත්වය ලබාදෙමින් සිටියි. සදාචාරාත්මකව වෙළෙඳ කටයුතු සිදුකිරීම පිළිබඳ වූ මෙම සුවිශේෂී  සහතිකය අප වෙත ප්‍රදානය කිරීම වෙනුවෙන්   ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයට මගේ ප්‍රණාමය පිරිනමනවා.”

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය  හැඩගැස්වීම කෙරෙහි දක්වන නායකත්වය සහ පාලනය, තිරසාරභාවය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා වන  කැපවීම තහවුරු කරමින් Alumex PLC විසින් පසුගිය වසර පුරා සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනාගන්නා ලදී. එමෙන්ම  2019 වසරේ සිට, ඇලුමිනියම් නිෂ්පාදනය සමඟ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය තුළ නව අපනයන නිෂ්පාදන කාණ්ඩයක් ස්ථාපනය කිරීමටද Alumex PLC පුරෝගාමි මෙහෙවරක් ඉටු කර තිබේ. ඒ අනුව සමාගම විසින් සිය අනාගත දැක්ම සහ උපායමාර්ගික මෙහෙයුම්  ඔස්සේ කැනඩාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ප්‍රමුඛ ජාත්‍යන්තර වෙළෙඳපල  වෙත සැලකිය යුතු පරිමාණයකින් සිය නිෂ්පාදන අපනයනය කරනු ලැබේ. අඛණ්ඩව උසස් සේවාවක් සහ නිෂ්පාදනයන් පිරිනැමීම තුළින් ඉහළ මට්ටමේ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා විසඳුම් සොයන කර්මාන්ත සඳහා විශ්වසනීය හවුල්කරුවෙකු වීමට ද Alumex PLC ආයතනයට හැකියාව ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *