ශ්‍රී ලංකාවේ ආර්ථික හා පාරිසරික අනාගතයේ පුනර්ජනනීය බලශක්තියේ කාර්යභාරය

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර නාහිමි ප්‍රමුඛ ජාතික පරිසර බලමණ්ඩලයසහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපති රංජිත් සේපාල මහතා අතර සාකච්ඡාවක්පසුගිය දා පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට පිළියම් යෙදීම: පුනර්ජනනීය බලශක්තිය;  ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්තමානය සහ අනාගතය සුරක්ෂිත කිරීමයන තේමාව යටතේ සැකසුණු වාර්තාවක් එහි දී සභාපතිවරයා වෙත පිරිනැමිණි. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ වත්මන් තත්ත්වය සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ ව මෙම සාකච්ඡාවේසහ වාර්තාවේ මූලික අවධානය යොමු විය.  එමෙන් මඑහි දී රට තිරසාර මාවතේ වේගවත් ලෙස ගමන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ව  ආනන්ද සාගර හිමියන් සහ සේපාලමහතාවිසින් සාකච්ඡාකරනු ලැබූ අතර, රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීම සඳහා තිරසාර භාවිතයන් හි වැදගත්කම සහ උපාය මාර්ග ගවේෂණය කිරීම පිළිබඳ ව ද එහි දී අදාළ  පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් පූජ්‍ය පාහියන්ගලආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කළේ,  “රටේ වියදම් පිළිබඳ ව අවධානය යොමු කිරීමේදී විදේශ සංචිතවලින් සැලකිය යුතු කොටසක් බලශක්ති උත්පාදනය සඳහා ගල් අඟුරු සහ ඉන්ධන මිල දී ගැනීමට වැය කරන බව පෙනී යනවා. බලශක්ති උත්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් පවතින සූර්ය බලශක්තිය හා සුළං බලය යොදා ගැනීමෙන් ඉහත සඳහන් කළවියදම් අවම කර ගත හැකි බව අවධාරණය කිරීමට කැමතියි. නමුත් වර්තමානය වන විට මන්නාරම ප්‍රදේශය ආශ්‍රිතව සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ ව පදනම් විරහිත මිථ්‍යා මත බොහෝ ප්‍රමාණයක් ප්‍රචාරය වෙමින් පවතිනවා.යනුවෙනි.

ලබා දුන් වාර්තාව පිළිබඳ ව  අදහස් දැක්වූ රංජිත් සේපාල මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.” රටේ අනාගත බලශක්ති අවශ්‍යතාව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා සපුරාලීම බලශක්ති පිරිවැය අවම කිරීමට ඇති එක ම මාර්ගය විදියට හඳුන්වා දීමට පුළුවන්. දැනට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ ව ද මෙහි දී අප සාකච්ඡා කළා.ඒ වගේ මමෙම සාකච්ඡාවේදී මන්නාරම ප්‍රදේශය ආශ්‍රිත ව සැලසුම් කර ඇති ව්‍යාපෘති ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර පිළිබඳවත් අපගේ අවධානය යොමු වුණා.ඒ වගේ ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු මසහයෝගය ලබාදෙන බව  පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කිරීම අපට මහත් ශක්තියක්.

විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් තොරතුරු අන්තර්ගත කරමින්,ජාතික පරිසර බල මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද මෙම සුවිශේෂී වාර්තාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ඉදිරි වැඩ කටයුතු සඳහා ඉතා වැදගත් වනු ඇති අතර, ජාතික පරිසර බල මණ්ඩලයේ මෙම විද්‍යාත්මක සොයා ගැනීම් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය බලගැන්වීම වෙනුවෙන් තිරසාර උපාය මාර්ග සැකසීම  සඳහා සියලු ම පාර්ශවකරුවන් වෙත අවබෝධයහා සහයෝගය ලබා දෙන බව පැවසියහැකි ය.එමෙන් ම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රතිපත්ති සම්පාදනයට සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙම දත්ත ඉතා ප්‍රයෝජනවත් වන අතර, එමගින්රට තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සාර්ථක ව සහ කාර්යක්ෂම ව පරිවර්තනයවීමේ හැකියාව ද සහතික කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *