තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා Neptune Recyclers ආයතනය ගෝලීය පිළිගැනීමට ලක් වූ වගයි.

පරිසරය පිළිබඳව දැනුවත්භාවය ඉහළ යන අවධියක, අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම සඳහා 99.25%ක ප්‍රතිශතයක් සහිත, Neptune Recyclers ආයතනය  ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණයේ ප්‍රමුඛයෙකු ලෙස හඳුනා ගැනෙයි. Neptune Recyclers ආයතනය විසින් ලබා ගත් මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනය ශ්‍රී ලංකාවේ පාරිසරික භාරකරුවකු ලෙස ස්ථානගත කරනවා පමණක් නොව Intertek ආයතනය විසින් පිරිනමන Zero Waste to Landfill සහතිකය ලබා ගත් ලොව ප්‍රථම සහ එකම අපද්‍රව්‍ය කළමනාකරණ සමාගම ලෙස අන්තර්ජාතික වශයෙන් ද  ස්ථානගත කරයි.

Intertek හි සහතික කිරීමේ වැඩසටහන ගොඩකිරීම් සඳහා අපද්‍රව්‍ය ශූන්‍ය වීම, ගොඩකිරීම් සඳහා ආසන්න මට්ටමකට අපද්‍රව්‍ය ශූන්‍යවීම සහ අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම යන කාණ්ඩ  03ක් මත අවධානය යොමු කරමින් සිදු කරයි. වසර 03කට වැඩි සහතික කිරීමේ කාල සීමාවක් තුළ ශක්තිමත් අපද්‍රව්‍ය කළමණාකරණ පිළිවෙත් සඳහා දැක් වූ තිරසර කැපවීම Neptune Recyclers ආයතනයේ මෙම ජයග්‍රහණය තුළින් පෙන්නුම් කරයි.

Intertek හි Zero Waste to Landfill සහතිකය හිමි එකම අපද්‍රව්‍ය කළමනාකරණ ආයතනය ලෙස ගෝලීය පිළිගැනීමට පාත්‍ර වෙමින් අපද්‍රව්‍ය කළමණාකරණ ක්ෂේත්‍රය තුළ Neptune Recyclers  ආයතනය විසින් දිනා ගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස ආයතනයේ ප්‍රධාන ජයග්‍රහණයන් අතරට එක් වෙයි.  අපද්‍රව්‍ය  99.25% ප්‍රතිශතයක වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමේ අනුපාතයක් සමඟ Neptune Recyclers ආයතනයේ පාරිසරික තිරසාරත්වය සඳහා කැපවීම එහි පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය තුළින් තහවුරු වී ඇති අතර  ශ්‍රී ලංකාව තුළ  අපද්‍රව්‍ය කළමණාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස තවදුරටත් ශක්තිමත් වී සිටියි.

විධිමත් අපද්‍රව්‍ය කළමණාකරණ පිළිවෙත, ගොඩකිරීම් අපද්‍රව්‍ය නැවත හැරවීමේ සහතික කළ හැකි දත්ත වාර්තා, ගැනුම්කරුවන්ගේ සහතික කිරීම, ලේඛනගත ක්‍රියාවලි සහ පුද්ගලයන් පුහුණු කිරීමේ වැඩසටහන් යනාදිය Neptune Recyclers ආයතනය සාර්ථකත්වය කරා රැගෙන යන සාධක වේ. ඔවුන්ගේ අපද්‍රව්‍ය කළමණාකරණ තොරතුරු පද්ධතිය,  අපද්‍රව්‍ය ගණනය කිරීම සහ නියාමනවලට අනුකූල වීම සහතික කරයි.

අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමේ ඉහළම ප්‍රතිශතයක් ලබා ගැනීම සහ Intertekහි සහතිකය ලබා ගැනීම තුළින් Neptune Recyclers ආයතනය තිරසාර භාවිතයන් සඳහා සිය කැපවීම පෙන්නුම් කිරීම පමණක් නොව ගෝලීය වශයෙන් ව්‍යාපාර සඳහා මහඟු ආදර්ශයක් ද සපයයි.

නවෝත්පාදනය හා තිරසාරබව පෙරදැරිව 30 වසරකට වැඩි අත්දැකීම් ඇති Neptune Recyclers, ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වෙමින් Expack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම Aberdeen Holdings සමූහයේ ආයතනයක් ලෙස විශිෂ්ටත්වය හා පරිසරය සුරැකීම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරයි.  රෙදි සහ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය සඳහා විශේෂඥයන් වන Neptune Recyclers, මෙම අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කරමින් තිරසාර හා වගකීම් සහගත අපද්‍රව්‍ය කළමණාකරණ අත්දැකීමක් තහවුරු කරන්නේ, චක්‍රීය ආර්ථිකය වෙනුවෙන් දායක වෙමිනි.

අපද්‍රව්‍ය හුදෙක් ඉවත නොදමමින් මෙම අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කරමින් ධනාත්මක වෙනසක් ඇති කිරීමේ සහ පාරිසරික සංරක්ෂණය සඳහා අවස්ථාවන් සලසමින්  ශ්‍රී ලංකාව සඳහා හරිත අනාගතයක් ගොඩනැගීමේ අපගේ මෙහෙවර සමඟ ඔබත්  එක්වන්න.

වැඩි විස්තර සඳහා www.neptunerecyclers.com  වෙත පිවිසෙන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *