AMW විසින් 2024 Nissan Urvan NV350 හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යටතේ මගී ප්‍රවාහන වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා  තීරණය කළ අතර එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා  සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත. මීට සමගාමීව Associated Motorways (Private) Limited විසින් ආසන 16කින් සමන්විත 2024 NISSAN Urvan NV350  wide body high roof micro bus රථය හඳුන්වා දී තිබෙන අතර එය විශේෂයෙන්ම  ආසන 16-30 mini-coach කාණ්ඩයට අයත් වේ. සංචාරක කර්මාන්තයේ ඉහළ ආකර්ෂණයක් දිනා ගත් මෙම micro bus රථය ශ්‍රී ලංකාවේ ගමනාගමන කටයුතු වෙනුවෙන් සහ මෙරට සංචාරක කර්මාන්තය සඳහා ද වඩාත් යෝග්‍ය වාහනයකි. රජයේ ආසන ධාරිතා ප්‍රමිතීන්ට සහ බලපත්‍ර සඳහා  අවශ්‍ය නිර්ණායක සපුරා ඇති මෙම 2024 Nissan Urvan NV350 බස් රථය සඳහා Nissan Motor Corp විසින් නිෂ්පාදක වගකීම(Manufacturer Warranty) සහිතව අලෙවි කෙරේ.

ප්‍රමාණවත් legroom and headroom අවකාශයක් සහිත මෙම 2024 Nissan Urvan NV350 මගීන්ට  වඩාත් සුවපහසු කරන අතර  ගමන් මලු තැබීම සඳහා නම්‍යශීලී මෙන්ම බාධාවකින් තොර ඉඩ පහසුකම්වලින් ද සමන්විතවීම  විශේෂත්වයකී. මෙහි ඇති ද්විත්ව එයාර් බෑග්, ABS, BA තුළින් ආරක්ෂාව කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර එමඟින් 2024 Nissan Urvan NV350 බස් රථයේ සෑම සංචාරයකදීම මගීන් වෙත සුරක්ෂිත සහ සහනශීලි  අත්දැකීමක් තිළිණ කරයි.

2488CCක ප්‍රමුඛ පෙළේ ඩීසල් එන්ජිමකින් සමන්විත මෙම වාහනය, රියදුරුගේ මෙන්ම මගීන්ගේද කාර්ය සාධනය සහ සුවපහසුව වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර මෙහි ඉන්ධන කාර්‍යක්ශමතාවය ද ඉහළ ය. 2024 Nissan Urvan NV350 බස් රථයේ කාබන් විමෝචනය (CO2 Emmission) සහ ශබ්දය ඉතා අවම වන බැවින් එය බෙහෙවින්ම පරිසර හිතකාමී වන අතර අවම එන්ජින් නඩත්තුව වාහනයේ ඵලදායිතාවය තවදුරටත් ඉහළ නංවයි .

මෙම බස් රථය ශ්‍රී ලාංකේය මාර්ග පද්ධතියට ගැළපෙන පරිදි(Tropicalized) නිර්මාණය කර ඇති අතර එමඟින් එහි  විශ්වසනීයත්වය නැවත නැවතත් තහවුරු වේ. සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන Nissan Urvan NV350 බොහෝ වාහන 400,000km ඉක්මවා ධාවනය කර ඇත. අලෙවියෙන් පසු අසමසම සේවාව 2024 Nissan Urvan NV350 මෙරට සංචාරක කර්මාන්තයේ වඩාත් ප්‍රචලිත  රථවාහන සහකරු බවට කරනු ඇත.

AMW විසින් රු. මිලියන 14.7 සිට ඉහළට විහිදෙන ඉතා තරඟකාරී මිලකට 2024 Nissan Urvan NV350 වෙළෙඳපල වෙත හඳුන්වා දී තිබෙන අතර සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතුවලට වඩාත් යෝග්‍ය වන පරිදි බහුකාර්ය හැකියාවන් සහිතව මෙය නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ  යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට මෙන්ම සංචාරකයන් සහ මෙරට ජනතාව වෙනුවෙන් විශ්වසනීය , සුවපහසු සහ සුරක්ෂිත  ප්‍රවාහන විසඳුමක්  ලබා දීමට AMW හි  කැපවීම සංචාරක කර්මාන්ත බලපත්‍ර යෝජනා ක්‍රමය යටතේ 2024 Nissan Urvan NV350 හඳුන්වා දීම තුළින් මැනවින් පිළිබිඹු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *