HP විසින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය සඳහා Smart tank මුද්‍රණ යන්ත්‍ර හඳුන්වාදෙයි

වර්තමාන දෙමුහුන් ලෝකය තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකින් යුත් පරිශීලක හිතකාමී මුද්‍රණ  විසඳුම් සඳහා විශාල ඉල්ලුමක් පවතී.ඒ පිළිබඳ මැනවින් හඳුනාගනිමින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය  වැනි දෛනික මුද්‍රණ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යෝග්‍ය smart tank මුද්‍රණ යන්ත්‍රය  HP විසින් මෑතකදී එළිදක්වන ලදී.

HP Smart Tank මුද්‍රණ යන්ත්‍රය බුද්ධිමය සහ බාධාවකින් තොර සැකසුම් ක්‍රියාවලියක් මෙන්ම smart විශේෂාංග සහ වැඩිදියුණු කළ සම්බන්ධතා විකල්ප වැනි ප්‍රතිලාභයන් රැසක් සමඟින් පරිශීලකයන් වෙත ගුණාත්මක අත්දැකීමක් පිරිනමන අතර වර්ධනයවෙමින් පවතින ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට එය බෙහෙවින් උපකාරී වේ. මෙම යන්ත්‍රය self-healing Wi-Fi® පහසුකම්වලින් මෙන්ම සංචලන කටයුතු වැඩි දියුණු කරන ලද  Smart App මෙන්ම Smart Advance වැනි විශේෂාංගවලින්ද සමන්විත වේ. HP හි නව ink tank මුද්‍රණ යන්ත්‍ර සතු පෙර-පුරවන ලද තීන්ත සැපයුම සමඟ බාධාවකින් තොරව කළු පිටු 6,000ක් හෝ වර්ණ පිටු 6,000ක් අඛණ්ඩව මුද්‍රණය කිරීමේ හැකියාව ලබා දීමට නිෂ්පාදකයන් සැලසුම් කර ඇත.

මුද්‍රණ යන්ත්‍ර නව සංවේදක මත පදනම් වූ Ink Tank තාක්ෂණයෙන් බලගැන්වෙන අතර එමඟින් තීන්ත අවසන් වීමට පෙර පරිශීලකයාව  ඒ පිළිබඳ  දැනුවත් කිරීම සිදුවේ.  එමෙන්ම duplex මුද්‍රණය හරහා පරිශීලකයන්ට පරාසය තුළ ඇති මාදිලිය තෝරාගැනීමට සහ පිටුවේ දෙපසම මුද්‍රණය කිරීමට මෙහිදී අවස්ථාව  ලබාදෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ HP හි මුද්‍රණ පද්ධති පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සුනිෂ් රාඝවන් මහතා මෙසේ පැවසුවේය. “ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් ඔවුන්ට තරඟකාරී වාසියක් ලබා දිය හැකි විසඳුම් පිළිබඳව  සැලකිලිමත් වෙනවා. මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීමේදී ව්‍යවසායකයන් භාවිතයට පහසු, බාධාවකින් තොරව සම්බන්ධ කළ හැකි සහ අවම ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත් වන මුද්‍රණ යන්ත්‍රයක් සොයාගැනීමේ විශාල අභියෝගයකට මුහුණ දෙනවා.ඒ වගේම ඔවුන්ගේ දෛනික මුද්‍රණ අවශ්‍යතා සපුරාගැනීමේදී කාර්යක්ෂමතාවය ,විශ්වසනීයත්වය මෙන්ම දැරිය හැකි මිල යන සාධකයන්ද  ඉතා වැදගත් වෙනවා. එම සියලුම ගැටලු සඳහා මනා විසඳුමක් සපයමින් HP හි Smart Tank මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනය කර තිබෙන අතර එමඟින් කුඩා ව්‍යාපාරවලට, ව්‍යවසායකයන්ට සහ ඉහළ මුද්‍රණ ඉල්ලුමක් ඇති පරිශීලිකයන්ට බාධාවකින් තොරව බුද්ධිමත් සහ වඩාත් සම්බන්ධිත අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

ප්‍රධාන ප්‍රතිලාභ

පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාව මෙන්ම මුද්‍රණය කිරීම, පිටපත් කිරීම, ස්කෑන් කිරීම හා ෆැක්ස් කිරීම  වැනි එදිනෙදා භාවිතයන්  බාධාවකින් තොරව පහසුවෙන්  සිදුකිරීමේ හැකියාව  සමඟ Smart Tank මුද්‍රණ යන්ත්‍රය පරිශීලකයන් වෙත උසස් අත්දැකීමක් ලබාදෙයි. මෙය  smart guide  බොත්තම් සහ උසස් ගණයේ  HP මුද්‍රණ යෙදුම්වලින් සමන්විත වේ. මෙහි ඇති ID පිටපත් බොත්තම වැනි විශේෂාංග සමඟ ස්වයංක්‍රීයව හඳුනාගනිමින්  මුද්‍රණ ක්‍රියාවලිය වඩාත් සරල කෙරේ. තවද, නවීන තාක්‍ෂණයෙන් වැඩි දියුණු කරන ලද මෙම මුද්‍රණ යන්ත්‍රවල  ඒකාබද්ධ ink tank, තීන්ත ප්‍රමාණවත් නොවන බව සන්නිවේදනය කරන සංවේදක, කඩදාසි සංවේදක අන්තර්ගත වන අතර මෙහි ඇති self-healing Wi-Fi® මඟින් නිවසේ හෝ කුඩා ව්‍යාපාර ස්ථානවල විශ්වසනීය  සම්බන්ධතා සමඟ පහසුවෙන් යන්ත්‍රය සවිබලගැන්වේ. මීට අමතරව මෙහි තිබෙන HP Wolf Essential Security  ඔස්සේ සංවේදී තොරතුරු ආරක්ෂා කරන අතර ව්‍යාපාරවල සහ නිවසේ මුද්‍රණ අවශ්‍යතා සුරක්ෂිතව සහ කාර්යක්ෂමව සපුරනු ලැබේ.

දැරිය හැකි සාධාරණ මිල

ඉහළ ප්‍රමාණයේ මුද්‍රණ අවශ්‍යතා වෙනුවෙන්ම  නිර්මාණය කර ඇති මෙම Smart Tank මුද්‍රණ යන්ත්‍ර  අවම පිරිවැයකින් යුතු අතර එහි ඵලදායී වර්ණ සහ mono මුද්‍රණය (කළු වර්ණයෙන් මුද්‍රණය) පරිශීලකයා වෙත සහනදායි සේවයක් ලබා දෙයි. කළු පැහැති හෝ වර්ණ පිටු 6,000ක් දක්වා මුද්‍රණය කිරීමේ  තීන්ත ධාරිතාවයක් මෙහි අන්තර්ගත වන බැවින්  පිටුවක් මුද්‍රණය කිරීමට වැයවන පිරිවැය අවම වේ.  මෙම Smart Tank මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමේදී මූලික වශයෙන් වසරක වගකීමක් හිමිවන අතර වසරක අමතර වගකීමක් ද පිරිනැමේ.

තිරසාර ලෙස නිර්මාණය කර තිබීම

Smart Tank මුද්‍රණ යන්ත්‍රයෙන් 45%ක් සඳහාම post-consumer recycled අන්තර්ගතයන් ඇතුළත් කර ඇති අතර එහි පාරිසරික කාර්යක්ෂමතාවය සඳහා EPEAR Silver සහ Energy star සහතිකද හිමිවී තිබේ. එබැවින් මෙය තිරසාරභාවය පදනම් කරගනිමින් නිපදවා ඇති යන්ත්‍රයක් ලෙස හැඳින්විය හැකිය.එමෙන්ම මෙහි බලශක්ති ඉතුරුම් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමේ සහ ක්‍රියාවිරහිත කිරීමේ තාක්ෂණය ද සහිතය.මෙහි ඇති තීන්ත බෝතල් කාන්දු නොවන මෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිදි නිර්මාණය කර ඇති අතර මෙම යන්ත්‍රය අපද්‍රව්‍ය අවම වන පරිදි නිමවා ඇත. තවද, තීන්ත සංවේදකවලින් සමන්විත උසස් තීන්ත කළමනාකරණ පද්ධතිය මඟින්  තීන්ත තිබෙන ප්‍රමාණය පිළිබඳ  පහසු අධීක්ෂණය සහ නඩත්තුව  සහතික කරයි.

මෙම Smart Tank මාලාව සඳහා පවතින SKUs අතර HP Smart Tank 210 මුද්‍රණ යන්ත්‍රය , the HP Smart Tank 520 All-in-One මුද්‍රණ යන්ත්‍රය, the HP Smart Tank 530 Wireless All-in-One මුද්‍රණ යන්ත්‍රය , the HP Smart Tank 580 Wireless All-in-One මුද්‍රණ යන්ත්‍රය , the HP Smart Tank 670 All-in-One මුද්‍රණ යන්ත්‍රය , සහ the HP Smart Tank 750 All-in-One මුද්‍රණ යන්ත්‍රය සමන්විත වේ.

රුපියල් 55,000 සිට ඉහළට මෙම නවතම Smart Tank මුද්‍රණ යන්ත්‍ර පරාසය වෙළෙඳපලට හඳුන්වා දී තිබේ.  මුද්‍රණ යන්ත්‍රවල HP Smart Tank Portfolio සහ මිලදී ගැනීම  පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා  VS One Pvt (Ltd) (බලයලත් HP බෙදාහැරීම් නියෝජිත) සහ Accel Technologies (නැවත විකුණුම් නියෝජිත) සමඟ සම්බන්ධ විය හැකිය.

HP පිළිබඳ,

HP Inc. (NYSE: HPQ) යනු පරිශීලකයන් වෙත සිය අදහස් සඳහා ජීවය ගෙනදීමට වඩාත් වැදගත් විසඳුම් නිර්මාණය කරන්නෙකු මෙන්ම ගෝලීය තාක්‍ෂණ ප්‍රමුඛයෙක් වේ. HP විසින් රටවල් 170කට අධික ප්‍රමාණයක් සඳහා පෞද්ගලික පරිගණකකරණය, මුද්‍රණය, ත්‍රිමාණ මුද්‍රණය, දෙමුහුන් වැඩ, ක්‍රීඩා සහ තවත් තාක්ෂණික බොහෝ කටයුතු සඳහා පුළුල් ප්‍රාසයක විහිදුණු නව්‍ය සහ තිරසාර උපාංග, සේවා සහ දායකත්වයන් ලබා දෙයි.  මේ පිළිබඳ වැඩි විස්තර ලබාගැනීම සඳහා  http://www.hp.com. වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *