STING® ශ්‍රීලංකාවතුළසිය Taste the Current ප්‍රචාරණව්‍යාපාරයදියත්කරයි

එහි නව Taste the Current ප්රචාරණ ව්යාපාරය සමඟ ඩිජිටල් චිත්‍රපටයක් දියත් කරයි

PepsiCo හි Sting®, සිය නවතම ප්‍රචාරණ ව්‍යාපාරය වන ‘Taste the Current’ සමඟින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් විස්මයට පත්කිරීමට සූදානම් වේ. මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ වන්නේ සන්නාමය නිර්මාණශීලී ලෙස පෙන්නුම් කරන සජීවී නව චිත්‍රපටයක් මඟින් තාරුණ්‍යයට නව ජවයක් ලබා දීමයි.

චිත්‍රපටය නිර්මාණශීලීව පාරිභෝගිකයන්ව Sting® පානයකින් ඔවුන්ගේ ජිවිතයේ සුවිශේෂී මොහොතවල් උද්යෝගමත් කර ගැනීමට දිරිමත් කරයි. මෙම කතාව දිග හැරෙන්නේ, පෙනෙන ආකාරයට ක්‍රියා විරහිත මෝටර් රථයක් සමඟ අධිවේගී මාර්ගයක අතරමං වූ ගැහැණු ළමයෙකු ඇතුළත් දර්ශනයකිනි. පිරිමි ළමයෙකු ඇය වෙතට පැමිණ, මෝටර් රථය පණගැන්වීමට තවත් උත්සාහයක් යෝජනා කරයි. මෝටර් රථය තවමත් පණ ගැන්වීම ප්‍රතික්ෂේප කරන විට, පිරිමි ළමයා තම වාහනයෙන් ශීත කළ Sting® පානයක් පිටතට ගැනීමෙන් ඇයව පුදුමයට පත් කරයි. චිත්‍රපටය නිර්මාණාත්මකව විදහා දක්වන්නේ Sting® උගුරක් පානය කිරීමෙන්  ප්‍රධාන චරිතයට සජීවී නර්තන චලනයන් කිරීමට පොළඹවන ශක්තියක් ලබා දෙන ආකාරයයි. නව උද්‍යෝගයක්  ලැබූ ඔහු සාර්ථකව මෝටර් රථය පණ ගන්වමින් ගැහැණු ළමයාගේ සිත දිනාගන්නා අතර ඇයවද ප්‍රබෝධමත් කරයි. වෙළඳ දැන්වීම අවසන් වන්නේ ‘Taste the Current’ යන ටැග්ලයිනය නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමෙනි.

Sting හි නව ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් PepsiCo හි ශ්‍රී ලංකා කලාපයේ සහකාර අධ්‍යක්ෂ Anuj Goyal පැවසුවේ, “අපගේ නවතම ඩිජිටල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ එළිදැක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. Sting එහි සුවිශේෂී රසය සමඟින් කැපී පෙනෙන අතර පාරිභෝගිකයින් තුළ ප්‍රීතිමත් හැඟීමක් ඇති කරයි.  මෙම නව චිත්‍රපටය Sting හි ආධාරයෙන් පාරිභෝගිකයින්ගේ ජිවිතයේ සුවිශේෂී මොහොතවල් උද්යෝගමත් කරගත හැකි  ආකාරය සිත්ගන්නාසුළු හා විනෝදජනක ලෙස ඉදිරිපත් කරන අතර මෙම චිත්‍රපටය අපගේ පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවිතය සමඟ දැඩි ලෙස ගැලපෙනු ඇතැයි අපට විශ්වාසයි.”යනුවෙනි.

නව Sting® චිත්‍රපටය ඩිජිටල්, එළිමහන් සහ සමාජ මාධ්‍ය හරහා විහිදෙන ශක්තිමත් අංශක 360 ප්‍රචාරණ ව්‍යාපාරයක් වන අතර   එය වසර පුරා විවිධ පාරිභෝගික කාණ්ඩ ඉලක්ක කරගනිමින්  රට පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය. Sting® ශ්‍රී ලංකාවේ සියලුම නවීන සහ සාම්ප්‍රදායික සිල්ලර වෙළඳසැල් හරහා මෙන්ම ප්‍රමුඛ පෙළේ ඊ-වාණිජ්‍ය වේදිකාවල රුපියල් 120ක මිලකට මිලි ලීටර් 200 ක PET ඇසුරුමකින් ලබා ගත හැකිය.

වැඩි විස්තර සඳහා @stinglanka සහ facebook.com/Stinglanka වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *